නිවාස ණය ගැනීමේදී සෑම ඔස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම බැංකු වලට බොරු කියන බව හෙළිවේ. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ නිවෙසක් මිලට ගැනීම උදෙසා ණය ලබා ගැනීමේදී අදාළ අයදුම්පතට නිවැරදි හා සත්‍ය තොරතුරු ලබාදෙන්නේ 67% ක් පමණවූ ප්‍රතිශතයක් බවත් 32% ක ප්‍රතිශතයක් ව්‍යාජ තොරතුරු සපයන බවත් මෙම UBS සමීක්ෂණය හරහා අනාවරණය වී ඇත.

mortgage applications

Source: AAP

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ආයෝජන බැංකුවක් සිදු කළ නවතම සමීක්ෂණයකට අනුව සෑම ඔස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම තමන් හට නිවෙසක් මිලට ගැනීමට යාමේදී අදාළ ණය මුදල් ලබා ගැනීම සඳහා වන අයදුම්පත් පිරවීමේදී අසත්‍ය තොරතුරු  සපයන බව හෙළිවී තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නිවෙසක් මිලට ගැනීම උදෙසා ණය ලබා ගැනීමේදී අදාළ අයදුම්පතට නිවැරදි හා සත්‍ය තොරතුරු ලබාදෙන්නේ 67% ක් පමණවූ ප්‍රතිශතයක් බවත් 32% ක ප්‍රතිශතයක් ව්‍යාජ තොරතුරු සපයන බවත් මෙම UBS සමීක්ෂණය හරහා අනාවරණය වී ඇත.

ඉතිරි 1% ක ප්‍රතිශතය තමන්ගේ අයදුම්පත නිවැරදි හෝ වැරදි දැයි පැවසීම ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය මාස 12`තුළ මුල්‍ය ආයතන වලින් නිවාස ණය ලබාගත් පුද්ගලයින් 907 දෙනෙකු මෙම සමීක්ෂණය සඳහා දායක කරගෙන තිබුණි.

තමන් සැබෑවටම උපයන ආදායමට වඩා වැඩි ආදායමක් අයදුම්පතෙහි සටහන් කිරීම, අදාළ දේපලෙහි වටිනාකම සැබෑ තරමට වඩා ඉහළ බව පෙන්වීම සහ ජීවන වියදම් ඉතා අඩු මට්ටමකින් පෙන්වීම වැනි කරුණු බොහෝ අයදුම්කරුවන් නිවාස ණය ලබාගැනීමේදී සටහන් තබන අසත්‍ය තොරතුරු අතර ප්‍රමුඛත්වයක් ගන්නා බව හෙළිවී ඇත.

ඒ අනුව ඩොලර් බිලියන 500 ක පමණ වටිනාකමකින් යුත් මෙවැනි ආකාරයේ "ව්‍යාජ ණය" ඔස්ට්‍රේලියාවේ බැංකු පොත්වල සටහන්ව ඇති බව UBS  සමීක්ෂණය පෙන්වා දෙයි.

නිවැසියන්ගේ ණය මට්ටම, ඉහළ යන නිවාස මිල ගණන් සහ මන්දගාමී වැටුප් වැඩිවීම මනාව ඔස්ට්‍රේලියාව තුළ දක්නට ලැබෙන බවත් බැංකු අපේක්ෂා කරන මට්ටමට වඩා ණය ලබාගන්නා අයදුම්කරුවන් මුල්‍යමය වශයෙන් සාර්ථක මට්ටමක නොසිටින බවත් UBS  තම සමීක්ෂණ වාර්තාවෙන් පවසයි.

සෘජුව හෝ අතරමැදියෙකු මාර්ගයෙන් ANZ බැංකුව හරහා නිවාස ණය ලබාගත් උදවියගෙන් තමන්ගේ අයදුම්පත සම්පූර්ණ වශයෙන් නිවැරදි හා සත්‍ය බව පවසා ඇත්තේ 55% ක් පමණි.

මේ අතර නිවාස ණයක් ලබා ගැනීමේදී ණය ලබා ගන්නන්ගේ වාර්ෂික බදු සැකැස්ම හෙවත් ATO tax return ලබා ගැනීමෙන් ඔවුන්ගේ ආදායම් තත්ත්වය පිළිබඳ නිවැරදි හා සත්‍ය තොරතුරු ලබාගත හැකි බවද UBS සමීක්ෂණ වාර්තාව පැහැදිලි කරයි.

Share
Published 12 September 2017 11:41am
Updated 12 September 2017 11:53am
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service