Highlights
- තම දරුවා සමග දැඩි පීඩනයකට මුහුණ දින බව Paw Eh පවසයි
- පුද්ගලයින් දහස් ගණනක් පීඩාවට පත්වූ බව පාරිභෝගික ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි
- කොරෝනා සමයේ රජයේ ආධාර නොලැබීම මත ජාත්‍යන්තර සිසුන් සහ තාවකාලික රැකියා වීසා හිමියන් මුල්‍ය අර්බුධයකට මුහුණ දීම
තම දරුවා සමග දැඩි පීඩනයකට මුහුණ දින බව Paw Eh පවසයි
මියන්මාර සරණාගතයකු ලෙස මීට වසර 14කට පෙර Paw Eh ඔස්ට්‍රේලියාවට පැමිණ තිබේ.
ඔස්ට්‍රේලියාව තුල කොරෝනා තත්වය ආරම්භ වීමත් සමග ඇයගේ සැමියාට රැකියාව අහිමිව ඇති අතර තම කුඩා දැරුවාද සමග වෙනත් රැකියාවක් සඳහා යොමු වීමටද ඇයට නොහැකි වී තිබේ.
මේ හේතුවෙන් සිය නිවාස කුලී ගෙවීමට පවා මුදල් නොමැති වූ බව ඇය SBS සේවයට පැවසුවාය.
තම පවුලට JobKeeper දීමනාව ලබාගැනීමට හැකියාව පැවතියද, අවශ්‍යතා සපුරාගැනීමට තම මුදල් තැම්පතු වලින් මුදල් ගැනීමට සිදු වූ බව ඇය පවසයි.
මෙම තත්වය මත ජීවත් වීම සඳහා, ඇයගේ සැමියා Superannuation ගිණුමෙන්ද මුදල් ලබාගෙන තිබේ.
පුද්ගලයින් දහස් ගණනක් පීඩාවට පත්වූ බව පාරිභෝගික ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු පාරිභෝගික ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කොට සිටින්නේ ඔස්ට්‍රේලියාව පුරා තවත් මෙවැනි පුද්ගලයින් දහස් ගණනක් Lockdown තත්වය හේතුවෙන් පීඩා විඳ තිබෙන බවයි.
එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන සංස්කෘතිකමය හා භාෂාමය වශයෙන් විවිධ වූ (CALD) ප්‍රජාවන්හි පුද්ගලයින්ට කොරෝනා වසංගතයත් සමග අසමාන ලෙස බලපෑම් එල්ලව ඇති බවයි.
කොරෝනා සමය තුල ඔස්ට්‍රේලියාව තුල වෙසෙන සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ ප්‍රජාවන්හි පුද්ගලයින් සාමාන්‍ය ප්‍රතිශතයට වඩා දෙගුණයකින් පෞද්ගලික ණය (personal loans) ඉල්ලීම සඳහා යොමුව ඇති අතර ඉහල වියදමක් සහිත එදිනෙදා ණය (high-cost payday loans) සඳහා යොමුව ඇති පිරිස සිව් ගුණයකින් ඉහල ගොස් ඇති බව හෙළිව තිබේ.
එමෙන්ම සිය Superannuation ගිණුමෙන් මුදල් ලබාගැනීම සඳහා යොමුවීමද මෙම පිරිස තුල දෙගුණයකින් ඉහල ගොස් ඇති අතර හදිසි ආධාර ලබාගැනීමද ඉහල ගොස් තිබේ.

Source: Pixabay / B_Me
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාරිභෝගික ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක Lauren Solomon සඳහන් කොට සිටින්නේ මෙම ප්‍රජාවන් ඕස්ට්‍රේලියාවේ සිටින සෙසු ප්‍රජාවට වඩා වැඩි ප්‍රතිශතයකින් ණය ගැනීම සඳහා යොමුවීම පිළිබඳව තම මධ්‍යස්ථානය දැඩි අවධානයක් යොමු කොට ඇති බවයි.
ඕස්ට්‍රේලියානු වාර්තාවන්ට අනුව පසුගිය වසරේ නොවැම්බර් මසදී පමණක් සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ ප්‍රජාවන්හි නිවැසියන්ගෙන් 22%ක පමණ ප්‍රතිශතයකට නිවාස කුලී ගෙවීම මගහැරී තිබේ. එය සමස්ත ඕස්ට්‍රේලියානු ජනගහනයෙන් 6%ක ප්‍රතිශතයකි.
එමෙන්ම තවමත් මෙම ප්‍රජාවන්හි 73%ක පමණ පිරිසක් සිය මුල්‍ය යහපැවැත්ම සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දක්වන බව Lauren Solomon පෙන්වා දෙයි.
ඕස්ට්‍රේලියානු සංක්‍රමණික කවුන්සිල ප්‍රධාන විධායක Carla Wilshire පෙන්වා දෙන්නේ ඉංග්‍රීසි භාෂාව කතා නොකරන බොහෝ ප්‍රජාවන් වෙත ඔස්ට්‍රේලියාව මගින් ලබාදෙන මුල්‍ය ආධාර සහ වෙනත් මුල්‍යමය සැලසුම් පිළිබඳව නිසි තොරතුරු නොයාම හේතුවෙන් මෙම ගැටලුව උග්‍ර වී ඇති බවයි.
මේ හේතුවෙන්, ඔස්ට්‍රේලියාව තුල පවතින ආධාර ලබාදීමේ යාන්ත්‍රණ පිළිබඳව සංක්‍රමණික සහ සරණාගත ප්‍රජාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කල යුතු බව Carla පෙන්වා දෙයි.
රජයේ ආධාර නොලැබීම මත ජාත්‍යන්තර සිසුන් සහ තාවකාලික රැකියා වීසා හිමියන් මුල්‍ය අර්බුධයක
මේ අතර කොරෝනා සමය තුල දැඩි මුල්‍ය දුෂ්කරතාවයන්ට මුහුණ දුන් තවත් පිරිසක් වශයෙන් ජාත්‍යන්තර ශිෂ්‍යයින් සහ තාවකාලික රැකියා වීසා ලාභීන් සඳහන් කල හැකි වේ.එම සමය තුල ඕස්ට්‍රේලියානු රජය මගින් ලබාදුන් මුල්‍ය සහන මෙම පිරිස් සඳහා නොලැබීම ඊට හේතුවයි.
එමන්ම මෙම පිරිසට දැඩි අදායම් අස්ථාවරත්වයට මුහුණ දීමට සිදු වූ ප්‍රධානතම හේතුව, බොහෝ විට අනියම් සේවකයින් වශයෙන් කටයුතු කිරීමට මොවුන් තුල පවතින පෙළඹීමයි.

Source: Pixabay / Free-Photos
මෙම තත්වය මත ඕස්ට්‍රේලියාවේ පවතින මුල්‍ය ආධාර සම්බන්ධයෙන් වන තොරතුරු විවිධ භාෂා ඔස්සේ ප්‍රජාවට ලබාදිය යුතු බව පර්යේෂකයෝ ඉල්ලා සිටිති.
පාරිභෝගික ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක Lauren Solomon සඳහන් කොට සිටින්නේ මෙම ගැටලුකාරී තත්වයෙන් මිදීමට නම් ඕස්ට්‍රේලියානු පාරිභෝගික සේවය පුලුල් ජන කොටසක් සඳහා ව්‍යාප්ත කලයුතු අතර ඒ ඔස්සේ නිරායාසයෙන්ම ප්‍රජාව සහ සමාජය ශක්තිමත් වන බවයි.
ඔබේ ප්‍රියතම සිංහල අවුරුදු ආහාරයට මනාපය පළ කර SBS සිංහල ගුවන් විදුලියෙන් වටිනා තෑගී මල්ලක් දිනාගන්න ඔබටත් අනගි අවස්ථාවක්,