Peter Dutton ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

Peter Dutton resigns from frontbench and Home Affairs.

Dutton pledges support for Turnbull, but doesn't rule out another challenge Source: AAP

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු (Home Affairs) පිළිබඳ අමාත්‍ය ධුරයෙන් Peter Dutton මීට පය කිහිපයකට පෙර ඉල්ලා අස්වී තිබේ.

ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton, ලිබරල් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කිරීමට කැමැත්තෙන් පසුවූ අතර අද (21/08) පෙරවරුවේ පැවති ලිබරල් නායකත්ව ගැටුමේ දී ඔහු  අගමැති ටර්න්බුල්ගේ ප්‍රතිවාදියා බවට පත්විය.

කෙසේවෙතත්, නායකත්වය සම්බන්ධව ලිබරල් පක්ෂ කාර්යාලයේ අද උදෑසන පැවති ඡන්ද විමසීමෙන් අගමැති ටර්න්බුල් 48 - 35 ක් ලෙස වැඩි ඡන්ද 13 කින් Peter Dutton ව පරාජයට පත් කළේය.

මේ අනුව තමා දරමින් සිටි ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් මෙන්ම ඉදිරිපෙළ මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්වන බව Peter Dutton ප්‍රකාශ කළේය.

ඒ අනුව අද සිට ඔහු පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ඇත.

ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු, මධ්‍යම පොලීසිය, බුද්ධි අංශය වැනි අතිශය තීරණාත්මක කේන්ද්‍රස්ථාන වල ප්‍රධාන ආයතනය ලෙස ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව හැඳින්වේ.

මේ අනුව වත්මන් රජයේ අගමැතිවරයාට පසුව සිටි ප්‍රබලම ඇමතිවරයා ලෙස ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය දරමින් සිටි Peter Dutton ව හැඳින්විණි.

ඔහු මීට පෙර ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු සම්බන්ධ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවේ නව ස්වදේශ කටයුතු අමාත්‍යවරයා තවමත් නම් කර නොමැති අතර ඉක්මනින්ම කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.


Share
Published 21 August 2018 12:31pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service