ලොව හොදම විශ්ව විද්‍යාල 50 අතරට ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල 5ක්. (SBS සිංහල /වාර්තා)

ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය සමස්ත වර්ගීකරණයේ 20 වැනි ස්ථානය හිමි කරගෙන තිබේ.

QS Global university ranking 2017

Source: www.skilloutlook.com

මෑතකදී නිකුත් කරන ලද QS ජාත්‍යන්තර විශ්වවිද්‍යාල වර්ගීකරණයට අනුව ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල කීපයක් පසුගිය වසරට සාපේක්ෂව වර්ගීකරණයේ ඉහල ස්ථාන හිමි කරගෙන ඇති බව සදහන්.

ඒ අතරින් ඔස්ට්‍රේලියානු උසස් අධ්‍යාපන ආයතන 5ක් ලොව මෙම වර්ගීකරණයේ හොදම විශ්ව විද්‍යාල 50 අතරට එක්  වී ඇති බව වාර්තා වෙයි.

ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය මේ අතරින් ඉදිරියෙන් සිටින අතර සමස්ත වර්ගීකරණයේ ඔවුන් 20 වැනි ස්ථානය හිමි කරගෙන තිබේ.

 Melbourn විශ්ව විද්‍යාලයට වර්ගීකරණයේ 41 වැනි ස්ථානය හිමිව ඇති අතර,  University of New South Wale සදහා 45 වැනි ස්ථානයත්
 University of Queenslan සදහා 47 වැනි ස්ථානයත් හිමිව තිබේ.  

University of Sydney වර්ගීකරණයේ 50 වැනි තැන හිමි කරගන්නා විට Monash විශ්ව විද්‍යාලයට හිමිව තිබෙන්නේ 60 වැනි ස්ථානයයි.
QS World University Ranking
Source: ABC Australia
මෙම වර්ගීකරණය සඳහා ලෝකයේ  විශ්ව විද්‍යාල 1000කට ආසන්න සංඛ්‍යාවක් යොදගෙන ඇති බවද වාර්තා වේ.

සමස්ත වර්ගීකරණයට ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල 37ක් ඇතුලත්ව ඇති අතර පළමු 300ට ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල 10ක් ඇතුලත්වීම ද  විශේෂිත තත්වයකි.

ඇමෙරිකාවේ Massachusetts Institute of Technology හෙවත්  MIT මෙම වර්ගීකරණයේ පළමු තැනට පත්වී ඇති අතර දෙවැනි තැන සහ තෙවැනි තැන  හිමිව ඇත්තේ පිළිවෙලින් ඇමෙරිකාවේ Stanford සහ Harvard විශ්ව විද්‍යාල වලටය.

එංගලන්තයේ Cambridge විශ්ව විද්‍යාලය සිව්වන ස්ථානයට පත්ව ඇති අතර  ඇමෙරිකාවේ California Institute of Technology හෙවත් Caltech උසස් අධ්‍යාපන ආයතනය පස්වන ස්ථානයට පත්ව තිබේ.




Share
Published 9 June 2017 1:31pm
Updated 9 June 2017 1:33pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service