ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 4 ක් හදිසියේම රැස්වී ඉන්දු - පැසිෆික් කලාපය ගැන නවතම තීන්දුවක් ගනියි (SBS සිංහල/ වාර්තා)

යුක්රේන - රුසියා ගැටුම සහ තායිවානය නිමිතිකොටගෙන ඔවුන් අන්තර්ජාලය ඔස්සේ හදිසි රැස්වීමක් පවත්වා තිබේ.

The Quad group has agreed the use of force like in Ukraine should not be allowed in the Indo-Pacific region.

The Quad group has agreed the use of force like in Ukraine should not be allowed in the Indo-Pacific region. Source: Supplied by: Scott Morrison/Facebook

යුක්රේනයට සිදුවන දේ ඉන්දු පැසිෆික් කලාපයේ සිදු වීමට ඉඩ නොතැබිය යුතු බවට Quad කණ්ඩායමේ රටවල නායකයින් එකඟ වී තිබේ.

මේ බව ජපාන අගමැති Fumio Kishida පැවසීය.


Highlights

  • යුක්රේන - රුසියා ගැටුම සහ තායිවානය නිමිතිකොටගෙන Quad කණ්ඩායම අන්තර්ජාලය ඔස්සේ හදිසි රැස්වීමක් පවත්වා තිබේ.
  • යුක්රේනයට මෙන් බලපෑම් කිරීමට ඉන්දු පැසිෆික් කලාපයේ ඉඩ නොදිය යුතු බවට එහිදී Quad කණ්ඩායම එකඟ වී ඇත.
  • ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය Quad කණ්ඩායමේ රටවල් ලෙස හැඳින්වේ.

Quad කණ්ඩායමේ රටවල් සාමූහික තීරණයක

ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය Quad කණ්ඩායමේ රටවල් ලෙස හැඳින්වේ.

යුක්රේන - රුසියා ගැටුම සහ තායිවානය නිමිතිකොටගෙන ඔවුන් අන්තර්ජාලය ඔස්සේ හදිසි රැස්වීමක් පවත්වා තිබේ.

චීනය ලෝකය තුළ විවිධ රටවලට එල්ල කරන බලපෑම් ද එහිදී මූලික වශයෙන් සාකච්ඡාවට බඳුන් වී තිබේ.

යුක්රේනයට මෙන් බලපෑම් කිරීමට ඉන්දු පැසිෆික් කලාපයේ ඉඩ නොදිය යුතු බවට එහිදී Quad කණ්ඩායම එකඟ වී ඇත.

සංවර්ධනය උදෙසා නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සාක්ෂාත් කර ගැනීම සඳහා වැඩ කිරීම වඩාත් වැදගත් වන බවටද එහිදී ඔවුන් එකඟ වී තිබේ.

මෙම සක්චඡාවට ඇමෙරිකානු ජනාධිපති Joe Biden, ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison, ජපාන අගමැති Fumio Kishida සහ ඉන්දීය අගමැති Narendra Modi සහභාගී වූහ.

ඉන්දු - පැසිෆික් කලාපයේ සියලුම රාජ්‍යවල ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කරන අතර ඒ රටවල් මිලිටරි, ආර්ථික සහ දේශපාලන බලහත්කාරයෙන් නිදහස්ව පැවතිය යුතු බවට ද එහිදී සාකච්ඡා විය.

Quad නායකයින් සමඟ පැවති රැස්වීම ඉන්දු-පැසිෆික් කලාපය ඇතුළුව ලොව පුරා ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සඳහා අපගේ කැපවීම ආවරණය කරන බව ඇමෙරිකානු ජනාධිපති Joe Biden ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඉන්දු - රුසියා සම්බන්ධය ගැන වැඩි අවධානයක්

පැසිෆික් කලාපයේ චීනයේ ඒකාධිකාරී බලයට එරෙහිව ඔවුන්ව පසුපසට තල්ලු කිරීමට දරන ප්‍රයත්නයන් සඳහා Quad සහ ඉන්දියාව සමඟ එහි වර්ධනය වන සබඳතා අත්‍යවශ්‍ය බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.

නමුත් රුසියාව සමඟ ඇති දිගුකාලීන සබඳතා සැලකිල්ලට ගනිමින් එය ඉන්දියාව සමඟ සියුම්ව තුලනය කිරීමේ ක්‍රියාවක ඔවුන් යෙදී සිටී.

Quad කණ්ඩායමේ රටවල් හතරෙන් රුසියාව යුක්රේනයට පහර දීම හෙළා නොදක ඇත්තේ ඉන්දියාව පමණි.

ඉන්දීය හමුදාවට ආයුධ සපයන ප්‍රධානතම සැපයුම්කරු රුසියාව වේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


මේ අතර රුසියානු S-400 ගුවන් ආරක්ෂක පද්ධතිය මිලදී ගැනීම නිසා ඉන්දියාවට ඇමෙරිකානු සම්බාධක පැනවීමේ ක්‍රියාවලියකට ද මුහුණ දීමට සිදුවනු ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය ඉන්දියාව සමඟ ඇති සම්බන්ධය ව්‍යාජ ලෙස මවා පාමින් සිටින බව ඉන්දු පැසිෆික් කලාපයේ ධවල මන්දිරයේ සම්බන්ධීකාරක Kurt Campbell පසුගිය සඳුදා පැවසීය.

"රුසියාව සමඟ ඉන්දියාවේ ඓතිහාසික, දිගුකාලීන සබඳතාවයක් ඇති බව අපි තේරුම් ගන්නවා, නමුත් ඒ සමගම අවසානයේදී, ඉන්දියාව අපගේ දිශාවට ගමන් කරනු ඇතැයි අපි විශ්වාස කරනවා." යනුවෙන්ද ඔහු පැවසුවේය.

මේ අතර චීනය විසින් Quad කණ්ඩායම සීතල යුද්ධයකට අර අදින ලෙසත් වෙනත් රටවල් ඉලක්ක කරන කල්ලියක් ලෙසත් හෙළා දැක තිබේ.

Quad නායකයන් ඉදිරි මාසවලදී ටෝකියෝහිදී පෞද්ගලිකව හමුවීමට එකඟ වූ බව ධවල මන්දිරය පැවසීය.

Share
Published 4 March 2022 7:28pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service