Breaking

රන්ජන්ට බරපතළ වැඩ සහිතව වසර 4 ක සිර දඩුවම්

Ranjan Ramanayake sentenced to 4 years rigorous imprisonment

Source: Daily News

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවමක් නියම කෙරිණ.

සිසිර ද අබෲ, විජිත් මලල්ගොඩ සහ පී. පද්මන් සුරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ නඩුව අද (12/01) පෙරවරුවේ කැඳවනු ලැබීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී ඇත.

රාමනායක මහතා 2017 අගෝස්තු 21 වනදා අරලියගහ මන්දිරය අසලදී මාධ්‍ය හමුවේ, අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බව, පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බැවින් එකී චෝදනාවට ඔහු වරදකරු කරන බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ලේ සභාපති සිසිර ද ආබෲ මහතා ප්‍රකාශ කළේ ය.


Share
Published 12 January 2021 5:37pm
Updated 12 January 2021 5:40pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service