ඔස්ට්‍රේලියානු නව ඩොලර් 10 මුදල් නෝට්ටුවේ නිර්මාණ සැලැස්ම එළි දකී.

new $10 note

Source: RBA

ඔස්ට්‍රේලියානු නව ඩොලර් 10 මුදල් නෝට්ටුවේ නිර්මාණ සැලැස්ම අද (17/02) ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් එළි දක්වන ලදී.

පසුගිය සැප්තැම්බර් මාසයේ නිකුත් කළ නව ඩොලර් 5 නෝට්ටුව සතු විශේෂාංග මෙම නව ඩොලර් 10 නෝට්ටුවේද ඇති බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ ඩොලර් 10 මුදල් නෝට්ටුව ප්‍රථම වරට එළිදැක්වූයේ 1966 පෙබරවාරි 14 දින වන අතර මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ ඩොලර් 10 නෝට්ටු මිලියන 120 ක් පමණ සැරිසරන බවද වාර්තා වේ.

මෙම නව ඩොලර් 10 මුදල් නෝට්ටුව එළඹෙන සැප්තැම්බර් මාසයේදී  මහජනතාව වෙත පත් කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පැවසීය.


Share
Published 17 February 2017 1:23pm
Updated 17 February 2017 1:28pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service