මිල ඉහල ගියත් විදුලි බිල් පත් වලින් මුදල් ඉතිරි කරගත හැකි ක්‍රම

A pile of bills.

A pile of bills. Source: AAP

ඕස්ට්‍රේලියාව  තුල බලශක්ති ගාස්තු සියයට 16 සිට 20 දක්වා වූ ප්‍රතිශතයකින් මේ මාසයේ (ජුලි) සිට ඉහල යන බව පසුගියදා ප්‍රකාශයට පත් විය. කෙසේ වෙතත් Morgan Stanley ආයෝජන  බැංකුව මේ පිලිබදව නිකුත් කල වාර්තාවකට අනුව දැක්වෙන්නේ මෙම මිල ඉහල යාමේ ප්‍රතිශතය සියයට 5 සිට 25 දක්වා වූ ප්‍රමාණයක් විය හැකි බවයි. තවද Credit Suisse's බලශක්ති අධ්‍යන ආයතනය නිකුත් කල සමීක්ෂණ වාර්තාවකට අනුව සදහන් වන්නේ, පාරිභෝගිකයින් වෙළද පොළ අධ්‍යනය කිරීමෙන් තම බලශක්ති සමාගම  තෝරාගන්නේ නම් සැලකිය යුතු මුදලක් ඉතිරි කර ගත හැකි බවයි.

බලශක්ති වෙළද පොළ අධ්‍යනය කර තීරණ ගැනීමෙන් මුදල් ඉතිරි කරගත හැකියි


නිව් සවුත් වේල්ස්, ක්වින්ස්ලන්තය සහ දකුණු ඕස්ට්‍රේලියාව  යන ප්‍රාන්ත වල සමහරක් බලශක්ති සපයන සමාගම් ලබාදී ඇති දීමනා හේතුවෙන් ප්‍රකාශිත මිල ඉහල යාම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වන අවස්ථා ඇති බව සදහන්. උදාහරණයක් ලෙස, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Origin Energy සහ  AGL පාරිභෝගිකයින්ගේ බිල්පත් සියයට 16.1 ක ප්‍රතිශතයකින් වැඩි වුනද, මැයි  මාසයේ ඔවුන් ප්‍රකාශයට පත් කල නියමිත වේලාවට  බිල්පත් ගෙවීම සදහා ලබාදෙන දීමනාව (pay-on-time discount ) ලබාගත් පාරිභෝගිකයින්ගේ බිල්පත් වල මිල ඉහල යාම හරි අඩකින් අඩු වී ඇති බව සදහන්.  නියමිත වේලාවට  බිල්පත් ගෙවීම සදහා Origin Energy ආයතනය ලබාදෙන දීමනාව සියයට 15 සිට 24 දක්වා වැඩි කර ඇති අතර AGL ආයතනය ලබාදෙන දීමනාව සියයට 18 සිට 22 දක්වා වැඩි කර ඇති බව සදහන්. තවද මිල ඉහල යාමේ අවම ප්‍රතිශතය සියයට 16ක් වශයෙන් ප්‍රකාශයට පත් වුවත් AGL ආයතනය මිල ඉහල දමා  ඇත්තේ දල වශයෙන් සියයට 12කින් පමණ බව Credit Suisse සමීක්ෂණ වාර්තාව පෙන්වා දී තිබේ.

මෙවැනි කාරණා  නිසා බලශක්ති වෙළදපොල හොදින් අධ්‍යනය කිරීමෙන් තම බලශක්ති සැපයුම් සමාගම  තෝරා  ගැනීමෙන් පාරිභෝගිකයින්ට සැලකිය යුතු මුදලක් ඉතිරි කරගත හැකි වනු ඇති බව මෙම වාර්තාව පෙන්වා දී ඇති වැදගත් කරුණක්.

මේ අතර Morgan Stanley's ආයතනයේ බලශක්ති අධ්‍යන කණ්ඩායම පවසන ආකාරයට මිල ඉහල ගියද බලශක්ති සැපයුම් සමාගම් මාරු කරන පාරිභෝගික සංඛ්‍යාව ඉතා අඩු මට්ටමක පවතින බවයි. AGL සහ Origin Energy වැනි විශාල සමාගම් මිල ඉහල ගියද මිල පහත දැමීමේ  ඔවුන් සතු ක්‍රමවේදයක් ඇති නිසා වෙළද පොළ තුල ඉදිරියෙන් සිටින බව විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ. මෙම මිල ඉහල යාම හේතුවෙන් විශේෂයෙන්ම වික්ටෝරියානු ප්‍රාන්තය තුල ක්‍රියාත්මක කුඩා පරිමාණ බලශක්ති සැපයුම් සමාගම් ඉතා අසීරු තත්වයකට පත්ව ඇතැයි සදහන්.

බලශක්ති වෙළද පොළ සදහා රජයේ මැදිහත් වීම


දීමනා  ලබාදීමේදී  AGL සහ  Origin යන සමාගම් සමස්ථයක් වශයෙන් එම දීමනාව ලබාදෙනවා වෙනුවට විවිධ ප්‍රදේශ සදහා එම දීමනාව ලබාදීම සිදු කරන බව Morgan Stanley's ආයතනයේ බලශක්ති අධ්‍යන වාර්තාව පෙන්වා දී තිබේ. තවද බලශක්ති මිල ක්‍රමවේදය දේශපාලනික කාරණයක් බවට පත් වී ඇති අතර විවිධ ප්‍රාන්ත රජයන් ඒ පිලිබදව මේ වන විට විවිධ ක්‍රම වේදයන් අනුගමනය කරමින් සිටි. ජාතික විදුලි බල පද්ධතියට විදුලිය සැපයීමේදී අඩුම මිලට විදුලිය සපයන ලෙස ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය පසුගියදා එම ප්‍රාන්තය තුල ස්ථාපිත විදුලිය ජනනය කරන ආයතනයකට නියෝග ලබා දී තිබු අතර, සාමාන්‍ය විදුලිය වෙළදපොල සදහා පාලන මිලක් තමන් බලයට පත් වුවහොත් හදුන්වාදෙන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත විපක්ෂය පසුගියදා ප්‍රකාශ කර තිබිණි.


ඕස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසමද බලශක්ති වෙළද පොළ පිළිබද අධ්‍යන වාර්තාවක් රජයට ලබාදීමට නියමිත අතර මිල පාලනය සදහා නව ක්‍රමවේදයක් හදුන්වාදීම පිළිබද පලවන වාර්තා රජය මෙතෙක් ප්‍රතික්ෂේප කර නැති බවද විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.


Share
Published 18 July 2017 6:25am
Updated 18 July 2017 6:37am
By Sanjaya Dissanayake


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service