Samsung Galaxy S8 හා S8 plus වෙළෙඳපොළ ආගමනයට සූදානම්.

Galaxy S8 launch

Source: ABC Australia

ජංගම දුරකථන ලොවෙහි දැවැන්තයෙකු වන Samsung සමාගම එළඹෙන අප්‍රේල් 28දා තම නවතම Galaxy වර්ගයේ දුරකථන ද්විත්වය නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Samsung Galaxy S8 හා S8 plus යනුවෙන් මෙම දුරකථන වෙළඳපලට නිකුත් කිරීමට නියමිත බව සඳහන්.

මීට පෙර නිකුත් කළ Galaxy  වර්ගයේ  දුරකථන වලට අමතරව සුවිශේෂි පහසුකම් රාශියකින් මෙම දුරකථන සමන්විත බව ද වාර්තා වේ.

මේවායේ පසුපස කැමරාව මෙගා පිස්කල් 12කින් යුක්ත වන අතර ඉදිරිපස කැමරාව මෙගා පිස්කල් 8කි.

ජලයට හා දූවිල්ලට ඔරොත්තු දෙන ආකාරයෙන් නිර්මාණය කර තිබෙන මෙම දුරකථන එච්.ඩී. තාක්ෂණයෙන් වීඩියෝ කිරීමේ හැකියාවද පවතියි.

Galaxy S8 දුරකතනයේ තිරය අඟල් 5.8ක් වන අතර  S8 plus හි තිරය අඟල් 6.2 කි.

මීට පෙර පැමිණි Galaxy  වර්ගයේ  දුරකථන වලට වඩා මෙම දුරකථන වල තිරය දුරකථනයේ මුහුණත පුරාම ව්‍යාප්තව පැවතීම සහ home button එකක් නොමැති වීම කැපී පෙනෙන විශේෂත්වයන් වේ.

Share
Published 31 March 2017 11:23am
By Madhura Seneviratne
Source: Samsung


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service