SBS සිංහල ගුවන් විදුලියේ නිෂ්පාදකවරයෙකු වීමට ඔබටත් අවස්තාවක්

SBS Radio is seeking a content Producer to join our Sinhala Language Team

Source: SBS Sinhala

සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයට අනුබද්ධිත ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනයක් වන SBS ගුවන් විදුලියේ සිංහල භාෂා වැඩසටහනේ නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කිරීමට මෙන්න ඔබට කදිම අවස්ථාවක්

මෙම තනතුර අර්ධ කාලින නිෂ්පාදක තනතුරකි. ගුවන් විදුලි වැඩසටහන් මෙන්ම ඩිජිටල් මාධ්‍ය ඔස්සේද වැඩ කටයුතු කිරීමට මේ මගින් ඔබට අවස්ථාව ලැබෙනු ඇත.
SBS Radio is seeking a content Producer to join our Sinhala Language Team
Source: SBS Sinhala

SBS සිංහල - අර්ධ කාලින නිෂ්පාදක තනතුර සඳහා අයදුම් කිරීමේදී

  • ඔබ ඕස්ට්‍රේලියාවේ සිටින අයෙකු විය යුතු අතර සිඩ්නි හෝ මෙල්බර්න් නගර හෝ තදාසන්න ප්‍රදේශ වාසී අයෙකු විය යුතුය
  • මෙල්බර්න් නුවර හෝ සිඩ්නි නුවර සිට SBS ගුවන් විදුලියේ සිංහල භාෂා වැඩසටහනේ නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබේ.
  • ඔබ ඕස්ට්‍රේලියානු පුර්නකාලිනව වැඩකිරීමේ හිමිකම් ඇති (fulltime work rights) අයෙක් විය යුතුය
  • SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනට මෙන්ම SBS සිංහල වැඩසටහනේ ඩිජිටල් මාධ්‍ය සඳහා ප්‍රවෘත්ති, කාලීන විශේෂාංග ඇතුළු නිර්මාණශීලී අන්තර්ගතයන් නිර්මාණය කිරීම මෙම තනතුරේ වගකීම වෙයි.
  • මෙය ස්ථිර අර්ධ කාලීන (part time) තනතුරක් වන අතර සේවා මුර ලේඛනයකට අනුගතව සේවය කළ යුතුය.
  • ඔබට මීට පෙර ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු නිෂ්පාදනය කිරීම හා ඉදිරිපත් කිරීම ඇතුළු ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇත්නම් වඩා යෝග්‍ය වේ.
SBS Radio is seeking a content Producer to join our Sinhala Language Team
Source: SBS Sinhala

ඔබ ගැන

ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු නිෂ්පාදනය කිරීම හා ඉදිරිපත් කිරීම ඇතුළු ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් වලට අමතරව මෙම තනතුර සඳහා අයදුම් කිරීමට නම් ඔබ පහත සුදුසුකම් සහ හැකියාවන් නිරූපණය කළ යුතුය.

  • ගුවන් විදුලි සහ ඩිජිටල් මාධ්‍ය සඳහා පුවත් සහ තොරතුරු පර්යේෂණය කිරීම, ලිවීම, පරිවර්තනය කිරීම, නිෂ්පාදනය කිරීම සහ ඉදිරිපත් කිරීම.
  • අන්තර්ජාල මාධ්‍ය සහ සමාජ මාධ්‍ය පිළිබඳ මනා දැනීමක් තිබීම සහ ඒවායේ හැසිරීම පිළිබඳ මනා අවබෝධයක් තිබීම. (SEO සහ CMS පිළිබඳ දැන සිටීම අමතර සුදුසුකමකි )
  • සිංහල මෙන්ම ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය. (මෙහි සම්මුඛ සාකච්ඡා ක්‍රියාවලියේදී ඔබට භාෂා පරීක්ෂණයකට මුහුණ දීමටද සිදුවේ)
මේ පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා SBS සිංහල සේවයේ විධායක නිෂ්පාදිකාව වන දිනේෂා දිල්රුක්ෂි විජේසූරිය  (03) 9949 2169 දුරකථන අංකයෙන් අමතන්න.

එසේත් නොමැතිනම් යන ඊමේල් ලිපිනයෙන් වුවද විස්තර දැනගත හැකිය.
SBS Radio is seeking a content Producer to join our Sinhala Language Team
Source: Pixabay

අයදුම් කිරීම

SBS සිංහල වැඩසටහනේ මෙම නිෂ්පාදක තනතුර සඳහා ඔබට පහත මාධ්‍ය ඔස්සේ අයදුම් කළ හැකිය.

Share
Published 24 January 2025 12:37pm
Updated 24 January 2025 1:37pm
By SBS Sinhala
Source: SBS Sinhala

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service