ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස සහ ප්‍රජා නිවාස ඉදිකිරීම දිරිගැන්වීම සඳහා නව මුල්‍ය ආකෘතියක්. (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක Affordable housing working group නමැති කණ්ඩායම විසින් මෙම නව ආකෘතිය නිර්දේශ කර ඇති අතර කලාප සහ සැලසුම් කිරීමේ නීති වෙනස් කිරීම, බදු සහ අනෙකුත් සහන ලබා දීම වැනි වෙනත් විධිද මෙම සැපයුම් වර්ධනය කිරීම සඳහා රජයට සිතිය හැකි බව ඔවුන් පවසයි.

Australian housing market

Source: www.adelaidenow.com.au

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස සහ ප්‍රජා නිවාස ඉදිකිරීම සඳහා කරනු ලබන ආයෝජන දිරිමත් කිරීමට නව ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට ඔස්ට්‍රේලියාවේ භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison එකඟවී ඇති බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ පිහිටි ප්‍රාන්ත සහ ටෙරිටරි වල ප්‍රධානීන් සමග භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison, කැන්බරා නුවරදී පැවති සාකච්ඡාවකදී පෙරකී ආයෝජන දිරිගැන්වීම සඳහා නව මුල්‍ය ආකෘතියක් නිර්මාණය කිරීමට එකඟ වී තිබේ.

ඒ අනුව එම ආයෝජනයන් සඳහා ලබා දෙන පොලී අනුපාතිකයන් ඉතා අඩු මට්ටමේ ඒවා බව සඳහන්.

කුලී නිවාස සහ ප්‍රජා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය ලෙස දිගු කාලීන ණය ක්‍රමයන් සහ ඒවාට හිමිකම් කීමට ඇති අපහසුතාව පෙනී ගොස් ඇති බව භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison පවසයි.

එම ව්‍යාපෘති වලදී ප්‍රාග්ධනය සොයාගැනීමේ බරපතල අර්බුදය මෙම නව ක්‍රමය මගින් විසඳෙන බවත් ඔස්ට්‍රේලියාවේ මධ්‍යම රජය සහ ප්‍රාන්ත, ටෙරිටරි රජයන් එක්ව එම අංශය මුල්‍යමය වශයෙන් ශක්තිමත් කිරීමට මෙම තීරණය ගත් බවත් ඔහු වැඩි දුර පැවසීය.

භාණ්ඩාගාරික අමාත්‍යවරයාගේ මෙම තීරණය සඳහා Homelessness Australia ආයතනය සිය අනුමැතිය සහ කැමැත්ත පළ කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ අඩු ආදායම් ලාබී පුද්ගලයන් හට දැරීමට හැකි නිවාස ඉදිකිරීම සඳහා සිදු කළ හැකි විවිධ ආයෝජන පිළිබඳ අප නිරතුරු සාකච්ඡා කර තිබෙන නමුත් එය ඉක්මනින් සහ ලෙහෙසියෙන් සිදුවීමට නම් රජයේ සහයද අත්‍යවශ්‍ය බව  Homelessness Australia ආයතනයේ සභාපතිනි Jenny Smith පැවසුවාය.

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක Affordable housing working group නමැති කණ්ඩායම විසින් මෙම නව ආකෘතිය නිර්දේශ කර ඇති අතර කලාප සහ සැලසුම් කිරීමේ නීති වෙනස් කිරීම, බදු සහ අනෙකුත් සහන ලබා දීම වැනි වෙනත් විධිද මෙම සැපයුම් වර්ධනය කිරීම සඳහා රජයට සිතිය හැකි බව ඔවුන් පවසයි.

Negative gearing සම්බන්ධ තීරණය ආපසු හරවන්නැයි ඇතැම් ප්‍රාන්ත කරන ඉල්ලීම් පිළිබඳ අදහස් දැක්වූ භාණ්ඩාගාරික අමාත්‍යවරයා පැවසුවේ මධ්‍යම රජය එතැනට ආපසු නොයන බවයි.

Negative gearing පිළිබඳ නැවත සිතා බලන ලෙස Homelessness Australia ආයතනය රජයෙන් ඉල්ලයි.

මෙල්බන් හෝ සිඩ්නි නුවර සඳහා Negative gearing සුදුසු නොවන බව Master Builders Australia හි ප්‍රධාන විධායක Wilhelm Harnisch පැවසීය.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය සහ දුර බැහැර ප්‍රදේශ සඳහා Negative gearing සුදුසු බවත් ඒවායේ වෙසෙන සේවකයන් හට තම රාජකාරී සඳහා තැනින් තැනට යාමට සිදුවීම ඊට සුදුසුම හේතුව බවත් ඔහු පෙන්වා දෙයි.

නව මුල්‍ය ආකෘතිය වෙනුවට නිවාස සැපයුම සඳහා සැකසු ප්‍රතිපත්ති වලට තමන් එකඟ වන බව ද ඔහු පැවසීය.

“නිවාස සැපයුම පිළිබඳ කතා නොකළ හොත් ඔබට එය නිවැරදි කළ නොහැකියි. මේ සම්බන්ධ ඇතැම් අදහස් විවාද සහිතයි.” Harnisch වැඩි දුරටත්  පැවසීය.  නමුත් එම කරුණු මතුකර විවාදයට ගැනීම යෝග්‍ය බවද ඔහු පැවසීය..

නමුත් රජය negative gearing පිළිබඳ නැවත සිතා බැලිය යුතු බව Homelessness Australia ආයතනය පවසා තිබේ.

මෙරට නිවාස මිලදී ගන්නන්ගෙන් 93%ක්ම පවතින දේපළ මිලට ගන්නා අය වන අතර එමගින් නිවාස සැපයුමට එකතුවක් නොවන බවත් එනිසා එය විසඳුමක් නොවන බවත් Homelessness Australia ආයතනයේ සභාපතිනි Jenny Smith පෙන්වා දුන්නාය.

Homelessness අර්බුදය සඳහා උපකාර කිරීමට භාණ්ඩාගාරික අමාත්‍යවරයා උත්සුක වෙයි.

භාණ්ඩාගාරික අමාත්‍යවරයා සහ ප්‍රාන්ත, ටෙරිටරි ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවේදී Homelessness සේවා සඳහා ඩොලර් මිලියන 115ක ප්‍රතිපාදන ලබා දීමටද සාකච්ඡා කළ බව වාර්තා වේ.

මධ්‍යම රජය සහ Homelessness ආයතනය අතර දැනට ඇති ගිවිසුම 2017 වසරේ මැද භාගයේදී අවසන් වීමට නියමිත බවත් ඊළඟ ගිවිසුම පිළිබඳ නොඉවසිල්ලෙන් බලා සිටින බවත් Homelessness Australia ආයතනයේ සභාපතිනි Jenny Smith පැවසීය.

මේ අතර, අවස්තාවක් තිබුණහොත් Homelessness Australia ආයතනය සමග මීළඟ ගිවිසුම පිළිබඳ සිතා බලන බව භාණ්ඩාගාරික අමාත්‍ය Morrison පැවසීය.


Share
Published 4 December 2016 10:47pm
Updated 4 December 2016 10:49pm
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service