Settlement Guide: ඔස්ට්‍රේලියාවේ පාසලකින් උපරිම ප්‍රථිපල ඔබේ දරුවාට ලබා දෙන්නේ කොහොමද?

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයින් ගේ ප්‍රමුඛතම අරමුණක් වන්නේ ශක්තිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමය. නමුත් ඔබේ දරුවන් අත්දැකීම් තුළින් උපරිමය ලබා ගනු ඇතැයි කෙසේ තහවුරු කළ හැකිද ?

How to help your child to get the most out of school

Source: SBS

දරුවන්ගේ පාසල් සහ ඉගෙනීමේ වැඩ කටයුතු සඳහා දෙමාපියන් සහ භාරකරුවන් ක්‍රියාශීලීව මැදිහත් වන ලෙසට අධ්‍යාපන විශේෂඥයින් උනන්දු කරයි.

ඒ අනුව පහත සඳහන් වන්නේ ඔබේ දරුවාට පාසලේදී ඉතා හොඳ අත්දැකීම් ලබා ගැනීමට හැකි මාර්ග කිහිපයකි.

ඔබේ දරුවාගේ අධ්‍යාපනයට ධනාත්මකව සම්බන්ධ වන්න.

ඔබේ දරුවා නිතිපතා පාසල් යැවීමට වග බලා ගැනීම ප්‍රධාන කරුණකි. ඔබේ දරුවාගේ අධ්‍යාපනික ප්‍රතිපල සඳහා පාසලට නිති පතා පැමිණීම ඉමහත් සේ බලපෑමක් ඇති කරයි.

නිරතුරුව දරුවාව පාසල් යැවීමෙන් ඉගෙනීමට හා අධ්‍යාපනයට ඔවුන් හට ධනාත්මක ආකල්ප ඇති කරවයි.

සෑම විටම පාසල සමග සම්බන්ධ වන්න.

සෑම විටම දරුවා හට දිවා ආහාර වේලක් සකස් කර යැවීම, වේලාවට ඔවුන්ව පාසල අවසන්වීමෙන් පසුව රැගෙන යාම වැනි ඔස්ට්‍රේලියානු පාසල් සඳහාවූ පොදු පුරුදු සඳහා අනුගත වන්න.

පාසලෙන් පිටතදී දරුවා පාසලේදී කළ කී දේ පිළිබඳ විමසා ඔවුන්ව දිරිමත් කරන්න.

කියවීම උන්නදු කරවන්න.

A father and son read picture book in the Suzhou Eslite
A father and son read picture book in the Suzhou Eslite Source: LightRocket
ඔබේ දරුවාට නිරතුරුවම යමක් කියවන්න, නැතහොත් ඔබට යමක් කියවීමට දරුවාව උනන්දු කරවන්න.

තම දෙමාපියන් දරුවන් සමග නිතර හෝ කිසිදු විටෙක පොත පත නොකියවන දෙමාපියන්ගේ දරුවන්ට වඩා නිතරම තම දරුවන් සමග පොත පත කියවන දෙමාපියන්ගේ දරුවන් ප්‍රාථමික පාසලේ පළමු වසරේදී වැඩි ලකුණු ලබා ගන්නා බව 2009 වසරේ OECD වාර්තාවෙන් පෙන්වා දෙයි.

ගුරු - දෙගුරු රැස්වීම් සඳහා ක්‍රියාශීලී ලෙස සහභාගී වන්න.

සෑම වසරකටම දෙවතාවක් පවත්වනු ලබන ගුරු - දෙගුරු රැස්වීම් සඳහා සහභාගී වීම පාසලත් සමග සම්බන්ධය ගොඩනගා ගැනීමට කදිම පාලමකි.

දරුවාගේ ගුරුවරයා සමග මෙහිදී මුහුණට මුහුණ කතා කිරීමට ඔබට අවස්ථාව සැලසේ.

එමගින් ඔබේ දරුවා පිළිබඳ සිය ගුරුවරයාගේ සිතෙහි යම් ධනාත්මක සිතිවිල්ලක් ඇති කිරීමටද සමත් වේ.

මෙම සාකච්ඡා සඳහා ඔබ විවෘත මනසකින් යාම වැදගත් වන අතර එහිදී අවංකව කතා කිරීමද අතිශය වැදගත්ය.

ප්‍රජාවන්හි විවිධත්වය හේතුවෙන් බහුතරයක් පාසල් වල භාෂා පරිවර්තකයින්ගේ සහය ලබා ගැනීමටද හැකියාව පවතී.
How to help your child to get the most out of school
Source: AAP

ඔබේ දරුවාගේ පාසලේ වැඩකටයුතු සඳහා ස්වේච්ඡාවෙන් සම්බන්ධ වන්න.

රැස්වීම් වලට අමතරව ඔබේ දරුවාගේ පාසලේ අනෙකුත් වැඩකටයුතු සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වන්න.

ඔබේ දරුවා පන්තිය තුළ හඬ නගා කියවීම ඔබට ස්වේච්ඡාවෙන් අසා සිටිය හැකි අතර ක්‍රීඩා කටයුතු සඳහාද දරුවාට සහය දැක්විය හැකිය.

වැඩි විස්තර

ඔබේ දරුවාගේ අධ්‍යාපනය සඳහා වටිනා තොරතුරු My School වෙබ් අඩවියෙන් ලබා ගත හැකි වෙයි.


Share
Published 17 April 2017 7:31pm
Updated 12 August 2022 3:59pm
By Ildiko Dauda, Madhura Seneviratne
Source: SBS


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service