ඕස්ට්‍රේලියාවේ ජාතික වන උද්‍යාන නැරබීමට යාමේදී ඔබ දත යුතු කරුණු

ඕස්ට්‍රේලියාවේ කුමන වන උද්‍යානයට ඔබ සංචාරය කලත් එමගින් ස්වාභාවික පරිසරය හා ආදීවාසී සංස්කෘතිය ආදීය පිළිබඳව ඔබට අත්දැකීමක් ලබා ගත හැකියි. නමුත් ඔබෙත්, පරිසරයේ ආරක්ෂාව පිළිබඳවත් අවධානය යොමු කරන්න.

uluru

The sun set at Uluru park Source: getty images

ඕස්ට්‍රේලියාවේ කුමන වන උද්‍යානයට ඔබ සංචාරය කලත් එමගින් ස්වාභාවික පරිසරය හා ආදීවාසී සංස්කෘතිය ආදීය පිළිබඳව ඔබට අත්දැකීමක් ලබා ගත හැකියි. නමුත් ඔබෙත්, පරිසරයේ ආරක්ෂාව පිළිබඳවත් අවධානය යොමු කරන්න.

ඔබ යන ප්‍රදේශය පිලිබඳ අන්තර්ජාලය ඔස්සේ කරුණු සොයන්න

රජයේ වෙබ් අඩවි තුලින් ඔබට තොරතුරු ලබා ගත හැකියි. එමගින්, කාලගුණය, ඇතුල් වීමේ ගාස්තු, පහසුකම්, ක්‍රියාකාරකම් පිලිබඳ දැන ගත හැකියි.

Laptop
Research your destination to check things like weather and entry fees if applicable. Source: AAP

ඉථිහාසික වටිනාකමක් ඇති ස්ථාන හෝ ආදී වාසී වාසස්ථාන මත ඇවිදීම හෝ ඒවා අතගෑම නොකරන්න

මෙම ස්ථාන ආදිවාසී ජනයාගේ හමුවන ස්ථාන, උත්සව ස්ථාන හෝ ගල් වල කල චිත්‍ර නිර්මාණ ඇති ස්ථාන විය හැකියි.  ඕස්ට්‍රේලියානු රජය වන උද්‍යාන 6ක් හා සාගර උද්‍යාන 13ක් ආදීවාසී ප්‍රජා වන සමග පාලනය කරනවා

Aboriginal carvings on Flinders Island
Aboriginal rock art is often protected, make sure you're aware of the rules when viewing. Source: Getty Images

ගෙවීමක් අවශ්‍යද ?

ඔබ මෝටර් රථයකින් පැමිණේ නම් ගාස්තුවක් තිබේ. නමුත් ඔබ පයින් හෝ බයිසිකලයකින් පැමිණේ නම් නොමිලේ ඇතුල් විය හැකියි . ඔබ නිතර සංචාරය කරන කෙනෙක් නම් නිවාඩු කාල සඳහා ප්‍රවේශ පත් ලබා ගත හැකියි . බොහෝ ප්‍රාන්ත වලින් එම ප්‍රාන්තයේ උද්‍යාන රැසකට ප්‍රවේශ පත්‍ර එක වර නිකුත් කරයි

ඔබගේ ආරක්ෂාව සලසා ගන්න

සැම විටම කාට හෝ දන්වා යන්න . ආහාර, ජලය හා උණුසුම් ඇඳුම් රැගෙන යන්න .සැම විටම නියමත මාර්ග වල ගමන් කරන්න. sunscreen ගලවා හිස් ආවරණයක් පළදින්න . ඔබ අපිහිනන විට ජලයේ ගැඹුර හා දිය සුළි පිලිබද අවධානය යොමු කරන්න. එසේම කිඹුලන් ඇති ස්ථාන වල ස්නානය කරන්න එපා

Kosciuszko National Park
Don't forget to tell someone if you are going to a remote location, for a walk or camping as seen here in NSW's Kosciuszko National Park. Source: Getty Images
Be

ඔබේ කසල රැගෙන යන්න. තැන තැන දමා යන්න එපා

Image

පහත වෙබ් අඩවි තුලින් වැඩි තොරතුරු ලබා ගත හැකියි

- Parks Victoria: 

- Northern Territory Parks and Wildlife Service: 

- NSW National Parks and Wildlife Service: 

- Queensland Department of National Parks, Recreation, Sports and Racing: 

- National Parks South Australia: 

- Western Australia Department of Parks and Wildlife: 

- Tasmania Park and Wildlife Service: 

- ACT Parks and Reserves: 

Image


Share
Published 8 May 2017 8:02pm
Updated 12 August 2022 3:51pm
By Charitha Adikari, Ildiko Dauba


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service