සෙල්සියස් 37 දී මෙල්බන් ටෙනිස් පිටිය රත් කරමින් Sharapova නැවතත් ඉහළට.

Maria Sharapova THRASHES Anastasija Sevastova to stake Australian Open title claim
2018 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ සිව්වන දිනය ක්‍රියාත්මක වන අද (18/01) දිනයේදී මීට සුළු මොහොතකට පෙර රුසියානු සුපිරි ටෙනිස් ක්‍රීඩිකා Maria Sharapova සිය ප්‍රතිවාදී ලැටීවියානු ක්‍රීඩිකා Anastasija Sevastova 6-1 7-6(4) ලෙස පරාජයට පත් කරමින් තෙවන වටය සඳහා සුදුසුකම් ලැබුවාය.
Maria Sharapova vs Anastasija Sevastova
Maria Sharapova vs Anastasija Sevastova Source: Getty Images
ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය පැවැත්වෙන මෙල්බන් පාර්ක් ක්‍රීඩා පරිශ්‍රයේ උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 37 ඉක්මවමින් පවතින බව වාර්තා වේ.

එම අධික උෂ්ණත්වය හමුවේ Maria Sharapova සහ Anastasija Sevastova යන ක්‍රීඩිකාවන් දෙදෙනාම මහත් අපහසුතාවට පත්ව තරග වැදුණු අතර Sharapova  ගේ සිරුර දහදියෙන් තෙත්වී ඇති අයුරු ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ කැමරාවන්ට පවා හසු විය.
Maria Sharapova THRASHES Anastasija Sevastova to stake Australian Open title claim
තහනම් උත්තේජක සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා හේතුවෙන් ඇයට ගියවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය  මගහැරුණු අතර මෙවර ඇය අවසන් වටයේ තරග සඳහා සුදුසුකම්  ලබනු ඇතැයි බොහෝ විචාරකයින් අපේක්ෂා කරයි.

 


Share
Published 18 January 2018 1:52pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service