Lockdown නිසා ඔස්ට්‍රේලියාවේ දෙමාපියන් දරුවන් ඉදිරියේ මත්පැන් බොන බව හෙළිවෙද්දී සිඩ්නි හි මුස්ලිම් වෙළඳ සැලකට හදිසියේම මෝටර් රථයක් කඩා වදියි

Emergency services remove the SUV from Hijab House, after it crashed through the front window, injuring at least 10.

Emergency services remove the SUV from Hijab House, after it crashed through the front window, injuring at least 10. Source: AAP

ඔස්ට්‍රේලියාවේ සෑම දෙමාපියන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම දිනපතා හෝ දිනක් හැර දිනක් මත්පැන් බොයි

කොරෝනා වසංගතය මැඩලීම සඳහා ඔස්ට්‍රේලියාව අක්‍රිය කිරීමට පටන්ගත් දා සිට සෑම දෙමාපියන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු දිනපතා හෝ දිනක් හැර දිනක් හෝ තම දරුවන් ඉදිරියේ මත්පැන් බීම ආරම්භ කර ඇති බව නවතම සමීක්ෂණයක් පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාව පුරාම නියෝජනය වන අයුරින් පුද්ගලයින් 1,000 ක් යොදාගනිමින් Alcohol සහ Drug පදනම විසින් මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

මෙලෙස මත් පැන් බීමට ඇබ්බැහි වීමෙන් සිදුවන සෞඛ්‍ය පිරිහීම මෙන්ම දරුවන්ට ලබා දෙන වැරදි ආදර්ශය පිළිබඳ වැඩිහිටියන් වඩාත් සැලකිලිමත් විය යුතු බව Alcohol සහ Drug පදනමේ Erin Lalor පවසයි.

ඔබට මානසික පීඩනයක් හෝ කාංසාවක් දැනුණු විට මත්පැන් පානය බැහැර කරන ලෙසත් නැතිනම් තත්ත්වය තවත් දරුණු අතට හැරෙන බවත් ඇය පෙන්වා දෙයි.

යස අවුරුදු 9 ත් 12ත් අතර දරුවන් සිටින දෙමාපියන් වැඩිපුරම ඇල්කොහොල් පානය කරන බව එම සමීක්ෂණයෙන් හෙළිවී තිබේ.

මේ අතර සෑම ඔස්ට්‍රේලියානුවන් 7 දෙනෙකුගෙන්ම එක් අයෙකු තම ඇල්කොහොල් පරිභෝජනය වැඩි කර ඇතැයි ද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.
A person drinking alcohol (AAP)
ارتفاع معدل احتساء الأستراليين للكحول خلال وباء كوفيد-19. Source: AAP

අධික වේගයෙන් ධාවනය වුනු මෝටර් රථයක් සිඩ්නි නුවර මුස්ලිම් ඇඳුම් සාප්පුවකට කඩා වදියි

අධික වේගයෙන් ධාවනය වුනු station wagon වර්ගයේ මෝටර් රථයක් සිඩ්නි නුවර මුස්ලිම් ඇඳුම් සාප්පුවකට කඩා වැදීම නිසා පුද්ගලයෝ 14 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඊයේ දිනයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර මෝටර් රථය පැදවූ රියදුරා පොලිස් අත්අඩංගුවේ සිට අද නිදහස් කර තිබේ.

51 හැවිරිදි මෙම රියදුරු අනතුර සිදුවූ මොහොතේ Liverpool රෝහලට රැගෙන ගොස් අදාළ පරීක්ෂණ සිදු කර පසුව Bankstown පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇත.

අනතුර සම්බන්ධව ඔහුව ප්‍රශ්න කර අද උදෑසන නිදහස් කළ බව වාර්තා වේ.

ඊයේ පස්වරු 3.10 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් සාප්පුව තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ගේ අස්ථි බිදී ගොස් තුවාල ලබා ඇති බව සඳහන්.

තුවාල ලැබූ පිරිස වෙන් වෙන්ව රෝහල් කරා ගෙනගොස් ඇති බවද වාර්තා වේ.

මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවත් අධික වේගයෙන් අපරික්ෂාකාරීව රිය පැදවීම නිසා සිදුවූ අනතුරක් බවත් පොලීසිය පවසයි.
A number of people have been injured after a car crashed into a Muslim clothing store in western Sydney
A number of people have been injured after a car crashed into a Muslim clothing store in western Sydney Source: Facebook (Hijab House/Rawa Assaad)

ඔස්ට්‍රේලියාවේ අසාධාරණ ලෙස සේවයෙන් නෙරපීම් වාර්තාගත ලෙස ඉහළ යයි

කොරෝනා වසංගතයත් සමග ඔස්ට්‍රේලියාවේ අසාධාරණ ලෙස සේවයෙන් නෙරපීම් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එය ප්‍රතිශතයක් ලෙස 70% ක් දක්වා වන බව Fair Work කොමිසමේ සාමාන්‍යධිකාරීනී Bernadette O'Neill ඊයේ (21/05) පැවසුවාය.

ඔස්ට්‍රේලියානු ඉතිහාසය තුළ මෙවැනි අන්දමේ විශාල සංඛ්‍යාවක අසාධාරණ ලෙස සේවයෙන් නෙරපීම් වාර්තා නොවූ බවත් ඇය පෙන්වා දුන්නාය.

කොරෝනා වසංගතයත් සමග රැකියා සහ ආදායම් මාර්ග අහිමිවීම මත මෙවැනි සංඛ්‍යාවක් අපේක්ෂා කළ හැකි බවද පැවසේ.
Generic image of Centrelink signage at the Prahran office in Melbourne.
Source: AAP

ඔස්ට්‍රේලියානුවන්ගෙන් 20% ක් පමණ තමන්ට ජීවත් වීමට සරිලන ආදායමක් නොලබන බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියානුවන්ගෙන් 20% ක් පමණ තමන්ට ජීවත් වීමට සරිලන ආදායමක් නොලබන බව නවතම සමීක්ෂණයක් පෙන්වා දෙයි.

Per Capita නැමති බුද්ධි මණ්ඩලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

කොරෝනා වසංගතයට පෙර සහ එය අතරතුරේ ඔස්ට්‍රේලියාවේ ඌන සේවා නියුක්තිය මගින් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට සිදුවන හානිය පිළිබඳ සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල ඔවුහු මෙලෙස නිකුත් කර ඇත.

පසුගිය අප්‍රේල් මාසයේ ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළෙඳපොලේ දත්ත ඔවුන් සලකා බලා ඇති අතර ඌන සේවා නියුක්තිය වර්ධනය වී ඇති අයුරු එයින් පෙනී ගොස් තිබේ.

ලක්ෂ 6 කට අධික පිරිසක් එලෙස ඌන සේවා නියුක්තියෙන් පෙළෙන බව ඔවුහු පෙන්වා දෙති.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 22 May 2020 11:27am
Updated 22 May 2020 12:07pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service