එළඹෙන ජූලි 01 වන දින සිට ඔස්ට්‍රේලියාවේ ඉරිදා penalty දීමනා 5% කින්ද රජයේ නිවාඩු දින penalty දීමනා 25% කින්ද කප්පාදු කරයි. (SBS සිංහල/වාර්තා)

ඉකුත් පෙබරවාරි මාසයේ නිවේදනය කළ පරිදි Fair Work කොමිසම ඉරිදා දින penalty දීමනාවන්හි කප්පාදුවේ සංක්‍රාන්තීය විධි විධාන පිළිබඳ තීරණය පසුගිය සඳුදා (05/06) නිකුත් කළේය.

Penalty Rates

Source: The New Daily

Fast food, hospitality, retail සහ pharmacy යන ක්ෂේත්‍ර වල සේවකයින්ගේ ඉරිදා දින penalty දීමනා එළඹෙන ජූලි 01 වන දින සිට 5% කින් අඩු වන බව වාර්තා වේ.

නමුත් 2019 වන තෙක් ඉරිදා දින penalty දීමනාවන්හි මෙම කප්පාදුව ඇතැම් සේවකයින් හට බල නොපාන බවත් තවත් පිරිසකට එය 2020 වන තෙක් සිදු නොවනු ඇති බවත් වාර්තා වේ.

ඉකුත් පෙබරවාරි මාසයේ නිවේදනය කළ පරිදි Fair Work කොමිසම ඉරිදා දින penalty දීමනාවන්හි කප්පාදුවේ සංක්‍රාන්තීය විධි විධාන පිළිබඳ තීරණය පසුගිය සඳුදා (05/06) නිකුත් කළේය.

ඉහත සඳහන් කළ ක්ෂේත්‍ර හතරෙහි දැනට පවතින ඉරිදා දින penalty දීමනා, modern awards අරමුණ ලඟා නොකරන බවත් ඉරිදා දිනයන්හි සේවය කරන මෙන් ඔවුන් සේවකයින්ව අතිහානිපූරණයට ලක් කරන බවත් කොමිසම හඳුනාගෙන ඇත.

ජූලි 01 වන දින ඉරිදා දින penalty දීමනා කප්පාදු කිරීමට තීරණය කිරීමෙන් සේවකයින්ට මාස හතරක දැනුම් දීම් කාලයක් පමණක් ලැබෙන බව ද කොමිසම පවසයි.

මෙම තත්ත්වය මත මෙම සංක්‍රාන්තියේ පළමු පියවර ඊට පසු පියවර වලට වඩා කුඩා වීම සුදුසු බව ද Fair Work කොමිසම පෙන්වා දෙයි.

පළමු පියවර යටතේ Fast food සහ hospitality ක්ෂේත්‍ර වල සේවකයින්ගේ ඉරිදා දින penalty දීමනා 5% කින් කප්පාදු වීමට නියමිත අතර 2018 සහ 2019 වසර වල වැඩිදුර කප්පාදු කිරීම් සිදු වනු ඇත.

Retail සහ pharmacy ක්ෂේත්‍ර වල සේවකයින්ගේ ඉරිදා දින penalty දීමනා කප්පාදුව 2020 වන තෙක් සිදු වනු ඇත.

මීට අමතරව රජයේ නිවාඩු දින වල ගෙවනු ලබන penalty දීමනා එළඹෙන ජූලි 01 වන දින සිට 25% කින් අඩු වනු ඇති බව වාර්තා වේ.

Fast food, hospitality, restaurant, retail සහ pharmacy ක්ෂේත්‍ර වල සේවකයින් හට මෙය ආදේශ වේ.

මෙම දීර්ග සංක්‍රාන්ති කාලය පිළිබඳ තමන් සතුටු නොවන බව ජාතික සිල්ලර සංගමයේ (National Retail Association (NRA)) ප්‍රධාන විධායක Dominique Lamb පවසයි.

“ලෝකයේ සිල්ලර වෙළෙඳ ක්ෂේත්‍රයේ ඉහළම වැටුප් ගෙවන්නේ ඔස්ට්‍රේලියාවේ. ඉරිදා දින penalty දීමනා ගෙවමින් සති අන්තයේ සිල්ලර ව්‍යාපාර විවෘත කිරීමට අපහසු වන තර ලාභයක් ද නැහැ.” Dominique Lamb පෙන්වා දෙයි.

“මේ සඳහා වසර 4 ක් යනු ඇත්තෙන්ම දීර්ග කාලයක්. සංකීර්ණ පද්ධතියකට තවත් සංකීර්ණත්වයක් එක් කිරීමක් මෙමගින් සිදු කර තිබෙනවා.” ඇය වැඩි දුරටත් පැවසුවාය.

Fair Work කොමිසමේ මෙම තීරණය පරීක්ෂාකාරී වන නමුත් සාධාරණ බව ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර 60,000 කටත් වඩා නියෝජනය කරනු ලබන The Australian Industry Group (Ai Group) පවසයි.


Share
Published 7 June 2017 8:57am
Updated 7 June 2017 9:01am
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service