T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ලබන වසරට කල් දමයි

T20 Cricket World Cup postponed to next year

Source: Getty Images

මේ වසරේ ඕස්ට්‍රේලියාවෙ පැවැත්වීමට නියමිතව තිබූ 20-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය, කොරෝනා තත්ත්වය හේතුවෙන්, ලබන වසරේ ඔක්තෝබර් දක්වා කල් තැබීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දන්වයි.

තරඟාවලිය ඔක්තෝබර් මස 18 වැනි දින සිට නොවැම්බර් 15 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතව තිබින.

මේ අතර ගිම්හාන ඍතුවේදී ආරම්භ වන බිග් බෑෂ් ඕස්ට්‍රේලියානු අන්තර් ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලිය නියමිත කාල සටහනට අනුව පැවැත්වීමට හැකි වෙතැයි ක්‍රිකට් ඕස්ට්‍රේලියා විශ්වාසය පලකොට සිටී.

ඉන් පළමුවැන්න දෙසැම්බර් 3 දා ඇඩිලේඩ් ස්ට්‍ර්යිකර්ස් සහ මෙල්බර්න් රෙනගේඩ්ස් අතර පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් එම කාල සීමාවේදී පවතින කොරෝනා තත්වය සැලකිල්ලට ගෙන මෙය නිශ්චිත ලෙසින් පවත්වනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කෙරෙනු ඇති බවද ක්‍රිකට් ඕස්ට්‍රේලියා වැඩිදුරටත් පවසා සිටී.


Share
Published 21 July 2020 9:53am
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service