ටෙස්‌ට්‌ පිතිකරණ පුහුණුව හෂාන්ට , එක්දින පිතිකරණ පුහුණුව අවිශ්කට

Hashan Thilakarathna

- New batting coach

හෙට (26.7.2017) ආරම්භ වීමට නියමිත ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිකරු පුහුණුකරු ලෙස හිටපු ටෙස්‌ට්‌ නායක හෂාන් තිලකරත්නව පත්කර තිබේ. හෂාන් තිලකරත්න පසුගිය දෙසැම්බර් මස සිට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන අතර ඔහු ජාතික කණ්‌ඩායමක පිතිකරණ පුහුණුකරු ලෙස පත්වු පළමු අවස්‌ථාවද මෙය වේ.

මීට අමතරව ඉන්දියාව සමග පැවැත්වෙන එක්‌දින තරගාවලියේදී පිතිකරණ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන පත්කර තිබේ.

 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය හෙට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 10 ට එනම් ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු 2.30ට අආම්භ වේ.

 


Share
Published 25 July 2017 2:11pm
Updated 25 July 2017 2:22pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: Sri Lanka Cricket


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service