කොරෝනා නිසා නොමිලයේ ලබා දෙන ඔස්ට්‍රේලියාවේ Childcare සේවා ජූලි මාසයේ සිට නතර කිරීමට පියවර (SBS සිංහල/ වාර්තා)

Free Childcare Scheme

Hükümetin, ücretsiz kreş uygulaması 12 Temmuz'da sona erecek. Source: AAP

කොරෝනා වසංගතය හේතුවෙන් නොමිලයේ ලබා දෙන ඔස්ට්‍රේලියාවේ ළමා සුරැකුම් සේවා (Childcare) ලබන මාසයේ සිට අවසන් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


මේ පිළිබඳ තීරණය අද (08/06) මධ්‍යහනයේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Dan Tehan විසින් නිවේදනය කරන ලදී.
 childcare
澳洲幼教 Source: SBS

නොමිලයේ ලබා දෙන ළමා සුරැකුම් සේවා නවත්වයි

කොරෝනා වසංගතය පවතින කාලයේදී ඔස්ට්‍රේලියාවේ රැකියා කිරීමට සිදුවන දෙමාපියන්ගේ ළමුන් සඳහා ළමා සුරැකුම් මධ්‍යස්ථාන විවෘතව තැබීමටත් ඔවුන්ගේ ළමුන් සඳහා නොමිලේ ළමා සුරැකුම් සේවා ලබා දීමටත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය අප්‍රේල් මාසයේ මුල් සතියේදී තීරණය කළේය.

ඒ අනුව ඒ වන විට තිබුණු ළමා සුරැකුම් සේවා ගෙවීම් පද්ධතිය අහෝසි කරමින් අප්‍රේල් 06 සිට නව පද්ධතිය ක්‍රියාත්මක විය.

කෙසේවෙතත්, එළඹෙන ජූලි 12 වන දින මෙම නොමිලයේ ලබා දෙන ළමා සුරැකුම් සේවා අවසන් කෙරෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.


SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


එමෙන්ම ඊට පසු සතියේදී ළමා සුරැකුම් ක්ෂේත්‍රයේ JobKeeper වැටුප් සහන දීමනාව ලබන සේවකයින්ට JobKeeper දීමනාව ලබා දීමද නවත්වන බව මධ්‍යම රජය වැඩි දුරටත් පවසයි.

ඒ අනුව පෙර පැවති ළමා සුරැකුම් සහන ක්‍රම නැවතත් ජූලි 13 වන දින සිට ක්‍රියාත්මක වේ.

මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් ආදායම් හෝ රැකියා අහිමිවූ දෙමාපියන්ට සහනයක් වශයෙන් childcare activity test ලිහිල් කිරීමටද මධ්‍යම රජය තීරණය කර ඇත.

2020 ඔක්තෝබර් 04 වන තෙක් එම සහනය ලබා දෙනු ඇත.
Early education
조기 무상 교육 확대의 학습적 효과는...? Source: AAP

මෙම සංශෝධන නිසා බොහෝ පවුල් අසරණ වනු ඇති

ඉහත දැක්වූ සංශෝධන නිසා තම දරුවන්ව ළමා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යැවීමට බොහෝ දෙමාපියන්ට නොහැකිවනු ඇතැයි ළමා සුරැකුම් කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිතවරිය වන Amanda Rishworth පවසයි.

කොරෝනා වසංගතයෙන් ආර්ථික පීඩාවට පත් දෙමාපියන්ට නැවතත් සුපුරුදු තත්ත්වයට පැමිණීමට පෙර ළමා සුරැකුම් සඳහා ගෙවීමට ඉතා අපහසු බව ඇය පෙන්වා දෙයි.

එමෙන්ම මෙවේලෙහි ළමා සුරැකුම් ගාස්තු දැරීමට නොහැකි කාන්තාවන් සහ පවුල් නැවතත් තම රාජකාරී ආරම්භ කරන්නේ කෙසේදැයි ඇය ප්‍රශ්න කරයි.

එනිසා දැරිය හැකි මට්ටමේ ළමා සුරැකුම් සේවාවක් ලබා දීමටත් JobKeeper දීමනාව නැවැත්වීමෙන් සිදුවන බලපෑම පිළිබඳවත් මධ්‍යම රජය අවධානය යොමු කළ යුතු බවත් ඇය අවධාරණය කරයි.

මේ අතර නොමිළයේ ලබා දුන් ළමා සුරැකුම් සේවාව නතර කිරීම "පාවාදීමක්" වැනි යයි ළමා සුරැකුම් කටයුතු පිළිබඳ ග්‍රීන්ස් පක්ෂයේ නියෝජිතවරිය වන Mehreen Faruqi පවසයි.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 8 June 2020 2:28pm
Updated 9 June 2020 1:03pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service