ඔස්ට්‍රේලියාවේ පාසල් සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන නව Gonski ක්‍රමවේදය පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 3 කින් සම්මත වෙයි.

Turnbull government's $23.5 billion schools funding package has passed the Senate

Source: SBS

ඔස්ට්‍රේලියාවේ පාසල් සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන නව Gonski  ක්‍රමවේදය අද (23/06)  අලුයම කැන්බරා පාර්ලිමේන්තුවේ සෙනට් සභාවේදී වැඩි ඡන්ද 3 කින් සම්මත විය.

මෙම Gonski 2.0  ක්‍රමවේදයට  පක්ෂව ඡන්ද 34 ක්ද විපක්ෂව ඡන්ද 31 ක්ද හිමි විය.

කම්කරු පක්ෂය සහ ග්‍රීන්ස් පක්ෂය මෙයට විරුද්ධවූ නමුත් ස්වාධීන මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගේ තීරණාත්මක ඡන්ද හේතුවෙන් ලිබරල් සන්ධාන රජයට මෙම පනත සම්මත කරගැනීමට හැකි විය.

මේ සඳහා වූ විවාදය ඊයේ (22/06) පස්වරුවේ සිට අද අලුයම 2 දක්වා පැවැත්වුණු බවද වාර්තා වේ.

ඒ අනුව ඉදිරි වසර 10 පුරාවට ඔස්ට්‍රේලියාවේ පාසල් සඳහා මෙම නව Gonski  ක්‍රමවේදය ඔස්සේ ඩොලර් බිලියන 23.5 ක මුල්‍ය ප්‍රතිපාදන සැපයෙනු ඇත.

නමුත් මීළඟ මැතිවරණය දක්වාම ලිබරල් සන්ධාන රජයේ මෙම ප්‍රතිසංස්කරණ වලට විරුද්ධව සටන් කරන බව කම්කරු පක්ෂය අවධාරණය කර සිටියි.

ලිබරල් සන්ධාන රජය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ  කප්පාදු කළ සෑම ඩොලරයක්ම නැවත මහජනතාවට ලබා දෙන බව කම්කරු පක්ෂයේ අධ්‍යාපනය පිළිබඳ නියෝජිතවරිය වන Tanya Plibersek පැවසුවාය.

මේ අතර කතෝලික අධ්‍යාපන අංශයද මෙම ප්‍රතිසංස්කරණ වලට එරෙහිව තමන්ගේ විරෝධතාවන් අඛණ්ඩව සිදු කරගෙන යන බව පවසයි.
නමුත් කම්කරු පක්ෂයේ සහ කතෝලික පාසල් වල මෙම විරෝධතාවන් යුක්තිසහගත නොවන බව ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන අමාත්‍ය Simon Birmingham, Sky පුවත් වෙත පැවසීය.




Share
Published 23 June 2017 1:51pm
Updated 23 June 2017 8:38pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service