භාණ්ඩ ප්‍රවාහනය කළ රියදුරෙකුට කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වීමෙන් මෙල්බර්න් වල McDonald's අවන්හල් 12 ක් වසා දැමෙයි

Signage of the Fawkner McDonald's is seen in Melbourne, Thursday, 14 May, 2020.

Signage of the Fawkner McDonald's is seen in Melbourne, Thursday, 14 May, 2020. Source: AAP

භාණ්ඩ ප්‍රවාහනය කළ රියදුරෙකු හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව උතුරු හා බටහිර මෙල්බර්න් කලාප වල McDonald's අවන්හල් 12 ක් වසා දැමීමට වික්ටෝරියානු ප්‍රාන්ත සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.

අදාළ McDonald's අවන්හල් විෂබීජහරණය කර පිරිසිදු කිරීමේ කටයුතු සඳහා මෙසේ වසා දැමුණු බව වාර්තා වේ.

වයිරසය ආසාදිත එම රියදුරා මීට පෙර කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ Fawkner ප්‍රදේශයේ  McDonald's අවන්හල් සේවකයාගේ ඥාතියෙකු බව හඳුනාගෙන තිබේ.

අදාළ රියදුරාට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ බවද වාර්තා විය.

එම රියදුරු සමග ගැවසුණු McDonald's අවන්හල් වල සේවකයින් හට කොරෝනා පරීක්ෂාව සිදු කරගන්නා ලෙසත් දින 14 ක කාලයක් සේවයට වාර්තා නොකරන ලෙසත් දැනුම් දී ඇති බව McDonald's සමාගමේ නියෝජිතයෙකු පැවසීය.

වසා දැමුණු එම McDonald's අවන්හල් 12 පහත පරිදී වේ.

  1. Melton East
  2. Laverton North
  3. Yallambie
  4. Taylors Lakes
  5. Campbellfield
  6. Sunbury
  7. Hoppers Crossing
  8. Riverdale Village
  9. Sandown
  10. Calder Highway Northbound/Outbound
  11. Calder Highway Southbound/Inbound
  12. BP Rockbank Service Centre Outbound
Sinhalese
Source: SBS Sinhala



Share
Published 18 May 2020 10:41am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service