ඕස්ට්‍රේලියාවේ නිවාස කුලිය සදහා සැපයෙන සහනයේ (rent assistance payments) වටිනාකම පහතට

රජයේ සේවාවන් පිලිබදව ඕස්ට්‍රේලියානු පලදායිථා කොමිසමේ වාර්තාවට අනුව 1,345,983 පිරිසක් රජයේ කුලී සහන දීමනා ලබන බව සදහන්. 2016 වසරට අදාල මෙම දත්ත අනුව සති දෙකකට වරක් හිමිවන මෙම දීමනාව ඩොලර් 130ක් බව සදහන්. දත්ත වලට අනුව සිඩ්නි නුවර නිවසක සාමාන්‍ය කුලිය සති දෙකකට ඩොලර් 500ක් බව සදහන්.

Houses for sale and lease are advertised in the window of a real estate agent at Bondi in Sydney.

Houses for sale and lease are advertised in the window of a real estate agent at Bondi in Sydney, Friday, April 24, 2009. (AAP Image/Tracey Nearmy) NO ARCHIVING Source: AAP

නිවාස කුලිය සීග්‍ර  ලෙස ඉහල යෑම  හේතුවෙන්, නිවාස කුලිය සදහා සැපයෙන සහනයේ (rent assistance payments) වටිනාකම අඩු වී ඇතිබව වාර්තාවක් පෙන්වා දී තිබේ.  උද්ධමනයට සාපේක්ෂව වැඩි වේගයකින් නිවාස කුලී මිල ගණන් ඉහල යන බවත්, මේ නිසා 2008 වසරේ සිට මේ දක්වා ක්‍රමක්‍රමයෙන් නිවාස කුලී සහනයේ වටිනාකම අඩු වී ඇති බවත් මෙම වාර්තාව පෙන්වා දී තිබේ. ඕස්ට්‍රේලියානුවන්ට නිවසක ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමේ අරමුණින් ෆෙඩරල් රජය ආරම්භ කල national affordable housing agreement වැඩසටහනට රජයේ දායකත්වයද සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව වාර්තා පෙන්වා දෙන කාරණයක්. 2011 -12 මුල්‍ය  වර්ෂය තුල ෆෙඩරල් රජය ඒ සදහා ඩොලර් බිලියන 2.2ක් ලබාදුන් අතර පසුගිය මුල්‍ය වර්ෂයේ එය ඩොලර් බිලියන 1.8ක් දක්වා අඩු වී ඇති බව සදහන්.

 

රජයේ සේවාවන් පිලිබදව ඕස්ට්‍රේලියානු පලදායිථා කොමිසමේ වාර්තාවට අනුව  1,345,983 පිරිසක් රජයේ කුලී සහන දීමනා  ලබන බව සදහන්. 2016 වසරට අදාල මෙම දත්ත අනුව සති දෙකකට වරක් හිමිවන මෙම දීමනාව ඩොලර් 130ක් බව සදහන්. දත්ත වලට අනුව සිඩ්නි නුවර නිවසක සාමාන්‍ය කුලිය සති දෙකකට ඩොලර් 500ක් බව සදහන්. මෙය  Perth සහ  Darwin  නගරවල ඩොලර් 480ක් ,  Australian Capital Territory  හී  ඩොලර් 460ක් , Brisbane නුවර ඩොලර් 468ක් , Melbourne නුවර ඩොලර් 380ක්, Adelaide නුවර ඩොලර් 43ක් සහ  Hobart  නුවර ඩොලර් 400ක් වශයෙන් සදහන් වේ.

 

රජයේ නිවාස කුලී සහන දීමනා  ලබන සමහරක් පිරිස් තම අදායමෙන් සියයට 41.2ට ආසන්න  මුදලක් වැය  කරන්නේ තම නිවාස කුලිය සදහා බව වාර්තා පෙන්වා දෙන තවත් වැදගත් කරුණක්.

 ෆෙඩරල් රජය national affordable housing agreement වැඩසටහනට ලබාදෙන දායකත්වය මෑත  කාලීනව අඩු වී ඇති බව පෙන්නුම් කලද, ෆෙඩරල්, ප්‍රාන්ත සහ ටෙරටරි රජයන් සමාජ සේවාවන් සදහා 2015-16 මුල්‍ය  වර්ෂය තුල වැය  කර ඇති මුදල ඩොලර් බිලියන 30.7ක්. මෙය සමස්ත රාජ්‍ය වියදමෙන් 10% ක් බව සදහන්.

 ළමුන් සදහා සැපයෙන සහන, වැඩිහිටි සුරැකුම් සේවා සදහා සැපයෙන සහන , තරුණ පුනරුත්ථාපන  කටයුතු සදහා රජය දරන වියදම්, වෘත්තීය පුහුණු කටයුතු සහ රැකියා සහන සේවාවන් මෙම සමාජ සේවාවන් වලට ඇතුලත්.

 නමුත් 2011-12 මුල්‍ය  වර්ෂය තුල රජය සමාජ සේවාවන් සදහා වැය  කර ඇති මුදල ඩොලර් බිලියන 25.9ක් බව සදහන්.



Share
Published 27 January 2017 9:57am
Updated 27 January 2017 11:58am
By Sanjaya Dissanayake


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service