ජූලි 03 වනදා වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 66 දෙනෙකු හමුවෙද්දී 10,000 කට වැඩි පිරිසක් කොරෝනා පරීක්ෂාවන්ට මුහුණ දීම ප්‍රතික්ෂේප කරයි (SBS සිංහල/ වාර්තා)

COVID-19 restrictions in Regional Victoria will be eased from midnight on September 16 with some of the restrictions eased in Melbourne

Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අද (03/07) දිනයේදී කොරෝනා ආසාදිතයින් 66 දෙනෙකු වාර්තා වී තිබේ.


 

SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


 

ඒ අනුව නොකඩවා 17 වන දිනටත් වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දහයේ ගුනාකාරයක් වී ඇත.
SBS speaks to epidemiologist's on the mask debate amid the spike in coronavirus cases in Victoria.
Source: AAP

මෙල්බර්න් නුවර කොරෝනා සම්ප්‍රේෂණයට “සුපිරි පැතිරීමක්” හේතුවෙයි

මෙල්බර්න් නුවර උතුරු හා බටහිර ප්‍රදේශවල සිදුවන කොරෝනා වයිරස් ආසාදන සඳහා “සුපිරි පැතිරීමක්” හේතු විය හැකි බව වික්ටෝරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමතිනී Jenny Mikakos පවසයි.

"අඟහරුවාදා, මට ජානමය අනුක්‍රමික වාර්තාවක් පිළිබඳ සාරාංශගත විස්තරයක් ලැබුණා. එයට අනුව මෙල්බර්න් නුවර උතුරු හා බටහිර තදාසන්න ප්‍රදේශ හරහා ගොස් ඇති ආසාදන සිද්ධීන් සඳහා තනි ආසාදන ප්‍රභවයක් ඇති බව පෙනෙනවා" යනුවෙන් සෞඛ්‍ය ඇමතිනී Jenny Mikakos පැවසුවාය.

17 වන දිනටත් මෙල්බර්න් නුවර කොරෝනා ආසාදිතයින් 10 ගුනාකාරයෙන් වාර්තා විය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


 

අද දිනයේදී වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 66 දෙනෙකු වාර්තා වී තිබේ.

එම 66 දෙනාගෙන් 17 දෙනෙකුට වයිරසය සම්ප්‍රේෂණය වී ඇත්තේ මේ වන විට හඳුනාගත් කොරෝනා පොකුරු මගින් බවත් තවත් 20 දෙනෙකු සාමාන්‍ය කොරෝනා පරීක්ෂාවන් ගෙන් අනාවරණය කරගත් බවත් සඳහන්.

එමෙන්ම හෝටල් වල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු හටද වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර සෙසු ආසාදිතයින් 28 දෙනා හට වයිරසය සම්ප්‍රේෂණය වීම පිළිබඳ විමර්ශන සිදු කරන බව වාර්තා වේ.
Clinics
Source: AAP

තවමත් නිශ්චිත සාක්ෂි නොමැත

මෙලෙස වයිරසය පැතිරීමට හේතු ලෙස තවමත් නිශ්චිත සාක්ෂි නොමැති අතර “සුපිරි පැතිරීම” යන සංකල්පය සෞඛ්‍ය බලධාරීන් විසින් විමර්ශනය කරනු ලබන බොහෝ න්‍යායන්ගෙන් එකක් බව වික්ටෝරියානු ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිනී Annaliese van Diemen පැවසුවාය.

"මෙවැනි අන්දමේ වයිරසයක් පැතිරිය හැකි හේතු ගණනාවක් තිබෙනවා. එය බහු හඳුන්වාදීමක් හෝ බහු පැතිරීමක් ඇති කරන තනි හැඳින්වීමක් විය හැකියි"  යනුවෙන් ඇය වැඩි දුරටත් පැවසුවාය.

ප්‍රාන්ත රජයේ හෝටල් නිරෝධායන ක්‍රමවේදය සහ ආසාදන පාලන ප්‍රොටෝකෝල ඒවායේ ආරක්ෂාවට සිටි පිරිස් විසින් උල්ලංඝනය කිරීම නිසා ජානමය අනුක්‍රමණය මගින් නව ආසාදන ගණනාවක් ඇතිවූ බව මෙම සතිය මුලදී මෙල්බර්න් කොරෝනා මර්මස්ථාන ලෙස නම් කළ උප නගර 36 සඳහා දැඩි කොරෝනා නීති හා සීමාවන් නැවත හඳුන්වා දෙමින් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

කොරෝනා වයිරස් රෝගීන් 50 කට වැඩි සංඛ්‍යාවක් මෙම වැඩසටහනට සම්බන්ධ වී ඇති හෙයින් හෝටල් නිරෝධායන පද්ධතිය හැසිරවීම සම්බන්ධයෙන් ප්‍රාන්ත රජය දැඩි ලෙස සුපරික්ෂාකාරී වීමට වගබලාගෙන තිබේ.

හෝටලයේ සිට සමාජය වෙත වයිරසය පැතිර ගියේ කෙසේදැයි සොයා බැලීම සඳහා ඩොලර් මිලියන 3 ක අධිකරණ පරීක්ෂණයක්ද සිදු කිරීමට නියමිතව ඇත.
A man wearing face mask
Source: Pexel Gustavo Pring

10,000 කට අධික ප්‍රමාණයක් කොරෝනා පරීක්ෂාවන් ප්‍රතික්ෂේප කරයි

මෙල්බර්න් කොරෝනා මර්මස්ථාන වල වෙසෙන 10,000 කට අධික පුද්ගලයින් ප්‍රමාණයක් කොරෝනා පරීක්ෂාවන් ප්‍රතික්ෂේප කළ බව වික්ටෝරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමතිනී Jenny Mikakos පැවසුවාය.

එහි ඇතැම් පිරිස් වයිරසය කුමන්ත්‍රණයක් ලෙස හඳුන්වන බවද ඇය හෙළි කළාය.

වික්ටෝරියානු ප්‍රාන්තය පුරා මේ වන විට කොරෝනා පරීක්ෂාවන් 164,000 කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති බවත් කොරෝනා මර්මස්ථාන ලෙස නම් කර ඇති උප නගර වල පිහිටා ඇති නිවෙස් 95,000 කට ආසන්න ප්‍රමාණයකට සෞඛ්‍ය බලධාරීන් ගෙයින් ගෙට ගොස් මේ පිළිබඳ දැනුවත් කර ඇති බවද සෞඛ්‍ය ඇමතිනී Jenny Mikakos පැවසුවාය.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 3 July 2020 5:44pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service