අන්තර් ප්‍රාන්ත සංචාර සඳහා "traffic light" system එකක් හඳුන්වාදෙමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වලට වික්ටෝරියානු ප්‍රාන්තය යළි විවෘත කිරීමට තීරණය කරයි (SBS සිංහල/ වාර්තා)

Victorian Premier Daniel Andrews arrives to a press conference in Melbourne, Monday, December 21, 2020. (AAP Image/James Ross) NO ARCHIVING

Victorian Premier Daniel Andrews arrives to a press conference in Melbourne Source: AAP

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වලට වික්ටෝරියානු ප්‍රාන්තයේ වසා දමා ඇති ප්‍රාන්ත සීමා විවෘත කිරීමට අද තීරණය කෙරුණි.

එමෙන්ම අන්තර් ප්‍රාන්ත සංචාර සඳහා "traffic light" system හෙවත් මාර්ග සංඥා එළි අයුරින් ක්‍රියාත්මක කරන පද්ධතියක් ඉදිරිපත් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම නව අවසර ලබා දීමේ ක්‍රියාවලිය අද (11/01) පස්වරු 6 සිට ක්‍රියාත්මක වන බවත් කොරෝනා වයිරසය පැතිරී ඇති ස්වභාවය හා එහි අවදානම මත ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප කොළ, තැඹිලි හෝ රතු ලෙස නම් කෙරේ.

මෙම නව ක්‍රමය යටතේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තැඹිලි ඛාණ්ඩයට අයත්වන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews අද තහවුරු කළේය.

දැනට සිඩ්නි හා බ්‍රිස්බේන් නගර රතු ඛාණ්ඩයට අයත්වන බවත් මේ සතිය අගදී එය වෙනස් වීමට හැකි බවත් ඔහු පැවසීය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය කලාප වල සිට වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණීම

නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය කලාප වල සිට යම් අයෙකු හට වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණීමට අවශ්‍ය නම් අදාළ පුද්ගලයා ඒ සඳහා අවසර පත්‍රයකට අයදුම් කළ යුතුය.

එහිදී වික්ටෝරියානු ප්‍රාන්තය හරහා යන විටදී අදාළ අවසර පත්‍ර මෙන්ම workers permit සඳහා ද ඉල්ලුම් කළ හැකිය.

අනුමැතිය ලත් අවසර පත්‍රයක් නොමැතිව වික්ටෝරියානු ප්‍රාන්තයට ඇතුළුවන පුද්ගලෙයකු හට  $4,957 ක දඩයක් නියම කළ හැකිය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


විදෙස්ගතව සිට පැමිණ childcare මධ්‍යස්ථානයකට ගිය ළමයෙකුට කොරෝනා

විදෙස්ගතව සිට පැමිණ ගිනිකොණ දිග මෙල්බර්න් කලාපයේ childcare මධ්‍යස්ථානයකට ගිය දරුවෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මේ සමගම වික්ටෝරියානු ප්‍රාන්තය ඉහත traffic light" system එක ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.

අදාළ දරුවා ඊශ්‍රායලයේ සිට පැමිණ ඇති බවත් ජනවාරි 09 වන දින ඔහු කොරෝනා වයිරසයට ධනාත්මක බවත් අදාළ පරීක්ෂණයෙන් සනාථ වී තිබේ.

එම දරුවා Armadale හි පිහිටි Explorers Early Learning Centre වෙත ගොස් ඇත.

එම කොරෝනා පරීක්ෂාවේ ප්‍රතිඵල පිළිබඳ තහවුරු කරගැනීමට ඊශ්‍රායලයේ කාර්ය මණ්ඩලය සමග කටයුතු කරමින් පසුවන බව සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු AAP පුවත් සේවයට ප්‍රකාශයක් ලබා දී තිබේ.

ඒ අතරතුරේ අදාළ දරුවා ආ ගිය ස්ථාන පිළිබඳව සහ සමීපව ගැවසුණු පුද්ගලයින් පිළිබඳව සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව තොරතුරු සොයමින් පසුවන බව සඳහන්.

අදාළ childcare මධ්‍යස්ථානයට මේ පිළිබඳ දැනුම් දී ඇති අතර එය විෂබීජ හරණය කිරීමේ කටයුතු වල සහ සමීපතමයින් සොයා යාමේ කටයුතු වල මේ වන විට නිරත වෙමින් සිටින බව ද වාර්තා වේ.

Share
Published 11 January 2021 6:27pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service