වික්ටෝරියා ප්‍රාන්තයේ සංචාරය කරන්නන්ට අද සිට $200 ක වවුචරයක්, සියලු විස්තර මෙන්න (SBS සිංහල/ වාර්තා)

වික්ටෝරියා ප්‍රාන්තයේ සංචාරය කරනවිට ඔබ නවාතැන්, සංචාර සහ සංචාරක ස්ථාන නැරඹීම සඳහා ඩොලර් 400 කට වඩා වියදම් කළහොත් ඔබට මෙම $200 ක් වටිනා වවුචරයට අයදුම් කළ හැකිය.

The Twelve Apostles of the Great Ocean Road

Victoria Travel voucher scheme opens on 23 March Source: AAP Image/Sergei' Vishnevskii'/Kommersant/Sipa USA

Highlights
  • මේ සඳහා ලියාපදිංචිය 2022 මාර්තු 23 බදාදා පස්වරු 2 ට විවෘත වන අතර අදාළ ප්‍රතිපාදන අවසන් වූ විට අවසන් වේ.
  • වයස අවුරුදු 18 ට වැඩි වික්ටෝරියානු පදිංචිකරුවන් මේ සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.
  • ඔබගේ සංචාරයට අවම වශයෙන් අඛණ්ඩව රාත්‍රී 2ක ගෙවීම් කළ නවාතැන්පහසුකම් ඇතුළත් විය යුතුය.
වික්ටෝරියා ප්‍රාන්තයේ සංචාරය කරන පුද්ගලයින්ට $200 ක් වටිනා වවුචරයක් පිරිනැමීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

මේ සඳහා මාර්තු 23 දා පස්වරු 2 සිට අයදුම් කළ හැකිය.

අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම්

වයස අවුරුදු 18 ට වැඩි වික්ටෝරියානු පදිංචිකරුවන් මේ සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

සෑම නිවසකටම එක් වවුචරයක් බැගින් සීමා කර තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ සංචාරය කරනවිට ඔබ නවාතැන්, සංචාර සහ සංචාරක ස්ථාන නැරඹීම සඳහා ඩොලර් 400 කට වඩා වියදම් කළහොත් ඔබට මෙම $200 ක් වටිනා වවුචරයට අයදුම් කළ හැකිය.

ඔබගේ සංචාරයට අවම වශයෙන් අඛණ්ඩව රාත්‍රී 2ක ගෙවීම් කළ නවාතැන්පහසුකම් ඇතුළත් විය යුතුය.
අයදුම්කරුවන් පහත සඳහන් ඛාණ්ඩවල ඩොලර් 400 හෝ ඊට වැඩි මුදලක් වියදම් කර ඇති බවට සාක්ෂි සැපයිය යුතුය:

  • ගෙවන ලද නවාතැන් පහසුකම්, එනම් serviced apartments, බැක්පැකර් සහ නේවාසිකාගාර, bed and breakfasts, cabins හෝ caravans in holiday parks, caravan සහ camping site ගාස්තු, cottages, farm stays, private holiday rentals, houseboats, motels, හෝටල්, නිවාඩු නිකේතන, retreats සහ වෙනත් නවාතැන් ස්ථාන.
  • පළපුරුදු මාර්ගෝපදේශකයින් විසින් සංවිධානය කරන හෝ විවේකීය සංචාරක කේන්ද්‍රස්ථානයක් සහිත නිතිපතා සංවිධිත සංචාර සපයන සංචාරක ක්‍රියාකරුවන් විසින් සංවිධානය කරන ගෙවීම් කරන ලද සංචාර. මේවාට පුද්ගලික සත්කාරකත්වයන් ඇතුළත් විය හැක. උදාහරණයක් ලෙස, බෝට්ටු සවාරියක්, guided walk, බස් සංචාර, ගුවන් සංචාර, කෘෂි සංචාර, ආහාර සහ වයින් සංචාර, ක්‍රීඩා චාරිකා, එළිමහන් සහ ත්‍රාසජනක චාරිකා ඇතුළත් වේ.
  • කෞතුකාගාර, ජල උද්‍යාන, ප්‍රාදේශීය ආකර්ෂණ ස්ථාන, theme parks යනාදිය වැනි සංචාරකයින්ට අත්දැකීමක් ලබා දෙන ස්ථාන, සංචාරක හෙවත් ආකර්ෂණීය ස්ථාන යන්නෙන් අදහස් කෙරේ.
Victoria Travel voucher scheme opens on 23 March
Source: Getty Images/SolStock

පහත සඳහන් වියදම් වවුචර විසින් ආවරණය නොකරනු ඇත

  • gaming
  • ඇල්කොහොල් සඳහා වියදම්
  • ඉන්ධන සඳහා වියදම්
  • වයින් නිෂ්පාදන චාරිකාවක් වැනි සංචාරයකට ඇතුළත් කර ඇති ආහාර පාන වියදම් හැර සෙසු ආහාර පාන වියදම්
  • සිල්ලර භාණ්ඩ සඳහා වියදම්
  • ඇඳුම් පැළඳුම් සහ උපාංග වැනි පුද්ගලික අයිතම සඳහා වියදම්
  • ප්‍රවාහන වියදම් (කුලි වාහන, දුම්රිය සහ බස් ටිකට්පත්)

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


අයදුම් කිරීම

මේ සඳහා ලියාපදිංචිය 2022 මාර්තු 23 බදාදා පස්වරු 2 ට විවෘත වන අතර අදාළ ප්‍රතිපාදන අවසන් වූ විට අවසන් වේ.

මෙම වවුචර ලබාගැනීමට ඔබ සංචාරය කළ යුතු කාල පරාසය 2022 අප්‍රේල් 08 සිට මැයි 27 දක්වා ලෙස වික්ටෝරියා ප්‍රාන්ත රජය දන්වා සිටී.

එමෙන්ම $200 වවුචරය ලබාගැනීමට 2022 මැයි 04 සිට ජූනි 14 දක්වා ඔබට එවිට හැකිවේ.

මේ සඳහා අයදුම් කිරීමට



Share
Published 23 March 2022 2:01pm
Updated 23 March 2022 2:04pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service