ත්‍රස්ත වාහන ප්‍රහාර නැවත්වීමට මෙල්බන් නගරයට තාවකාලික කොන්ක්‍රීට් බාධක 1400 ක්.

Victorian Government installs more bollards in Melbourne CBD to prevent car attacks

Source: ABC Australia

මේ දිනවල ලොව වටා බහුලව සිදු වන ත්‍රස්තවාදී වාහන ප්‍රහාර නැවැත්වීමේ අරමුණින් මෙල්බන් නුවර මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ (Melbourne's CBD ) ස්ථාන කිහිපයකම තාවකාලික කොන්ක්‍රීට් බාධක මෙම සති අන්තයේදී  ස්ථාපනය කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය කටයුතු යොදා තිබේ.

මෙල්බන් නුවර මගීන් බහුලව ගැවසෙන ප්‍රධාන ස්ථාන 8 ක මෙවැනි වූ කොන්ක්‍රීට් බාධක 140 ක් පමණ ස්ථානගත කර ඇති බව වාර්තා වේ.

“දැන් බොහෝ අය සිතයි, මේ කොන්ක්‍රීට් බාධක නිසා මෙල්බන් නගරයේ ආකර්ෂණය නැතිවෙනවා, අවලස්සන වෙනවා කියල. නමුත් ඒවා තාවකාලිකයි. මගීන්ගේ ආරක්ෂාවටයි අපි ඒවා දැම්මේ.” වික්ටෝරියානු පොලිස් අමාත්‍ය Lisa Neville පැවසුවාය.

එංගලන්තයේ සහ ප්‍රංශයේ දී අධික වේගයෙන් ධාවනය කළ වාහන මහජනතාව වෙත එක වරම යොමු කිරීමෙන් පසුගිය දිනවල ජීවිත හා දේපළ හානි රාශියක් සිදු වූ අතර මෙල්බන් නුවර ද මීට මාස කිහිපයකට පෙර පුද්ගලයෙකු විසින් මෝටර් රථයක් වේගයෙන් ධාවනය කරමින් මගීන් විශාල පිරිසක් හප්පා දැමීමක්ද සිදු විය.

මෙල්බන් නගරයේ ඉහත සඳහන් කළ කොන්ක්‍රීට් බාධක ස්ථානගත කර ඇති ස්ථාන පහත පරිදි වේ.

  • Queensbridge Square at Queensbridge Street, Southbank
  • Queensbridge Square at the intersection with Southbank Boulevard footpath
  • Boathouse Drive under Princes Bridge
  • Federation Square at the Swanston Street/Flinders Street intersection
  • Flinders Street Station at the Swanston Street/Flinders Street intersection
  • Southern Cross Station between Collins Street and Little Collins Street
  • Southern Cross Station at Bourke Street
  • Queen Victoria Market surrounds

Share
Published 25 June 2017 9:13am
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service