ඔස්ට්‍රේලියාවේ අලෙවි කෙරෙන පැණි බීම සඳහා බදු අය නොකරන බවට මධ්‍යම රජයෙන් ප්‍රකාශයක්

Sugar tax

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ අලෙවි කෙරෙන පැණි බීම සඳහා බද්දක් අය කිරීමට තමන් සහය නොදක්වන බව ටර්න්බුල් රජය පවසයි.

මෙරට අලෙවි කෙරෙන පැණි බීම සඳහා බද්දක් අය කරන මෙන් ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර එවැනි බීම වර්ග සහ  junk food වර්ගයේ ආහාර සඳහා පළ කරනු ලබන දැන්වීම් තහනම් කරන ලෙසද ඉල්ලා සිටියේය.

ළමා පරපුරේ ස්ථුලතාව බහුලව දැකිය හැකි රටවල් ලයිස්තුවේ ඔස්ට්‍රේලියාව ඉදිරියෙන්ම සිටින රටක් බවට පත්ව ඇති අතර වයස අවුරුදු 5 ත් 17 ත් අතරේ පසුවන ළමුන්ගෙන් 27% ක් පමණ අධික බර වැඩිවීමට සහ ස්ථුලතාවට ලක්ව ඇති බව සඳහන්.

ස්ථුලතාව අවම කිරීමට රජය සැලකිය යුතු පියවර ගෙන ඇති බවත් පැණි බීම සඳහා බද්දක් අය කිරීමට රජය අදහස් නොකරන බවත් ලිබරල් සන්ධාන රජය පවසයි.


Share
Published 8 January 2018 2:37pm
Updated 8 January 2018 2:39pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service