වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ කොවිඩ් නීති ඔක්තෝබර් 29 සිට ලිහිල් වෙන්නේ මෙහෙමයි (SBS සිංහල/ වාර්තා)

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල සහ මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ බලාත්මක වන කොවිඩ් නීති ඔක්තෝබර් 29 පස්වරු 6 න් පසුව එක හා සමාන වේ.

People are seen walking across Flinders Street in Melbourne, Friday, October 22, 2021.

Victoria's COVID-19 restrictions will ease further from 11.59pm on Thursday. Source: AAP

ලොව දීර්ගතම කාලයක් lockdown කළ නගරය ලෙස නම් දරන මෙල්බර්න් නුවර කොවිඩ් නීති එළඹෙන සිකුරාදා (29/10) පස්වරු 6 සිට තවත් ලිහිල් කරන බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews අද ප්‍රකාශ කළේය.

ඒ අනුව ඔක්තෝබර් 29 වන දින පස්වරු 6 න් පසුව සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයේම එකම කොවිඩ් නීති මාලාවක් බලාත්මක වනු ඇත.

වික්ටෝරියා ප්‍රාන්තය යළි විවෘත කිරීම ප්‍රධාන නීති දෙකක් යටතේ සිදුකරන බව ද වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ලැබීමට සුදුසු සෑම කෙනෙකුම එන්නතේ මාත්‍රා දෙකම ලබාගත යුතු බවත් ඇතැම් ගෘහස්ථ ස්ථාන තුළ මුව ආවරණ පැළඳීම තවමත් අවශ්‍ය බවත් එම නීති ද්විත්වය වේ.


Highlights

  • වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල සහ මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ බලාත්මක වන කොවිඩ් නීති ඔක්තෝබර් 29 පස්වරු 6 න් පසුව එක හා සමාන වේ.
  • ඒ අනුව ඔක්තෝබර් 29 පස්වරු 6 න් පසුව දරුවන්ද ඇතුළුව නිවසකට එක් දිනකට අමුත්තන් 10 දෙනෙකුට පැමිණිය හැකිය.
  • දැනට වසා දමා ඇති සියලුම සිල්ලර වෙළෙඳ සැල් සහ රූප ලාවන්‍යාගාරද ඔක්තෝබර් 29 පස්වරු 6 න් පසුව යළි විවෘත කෙරේ.

ඔක්තෝබර් 29 පස්වරු 6 න් පසුව වික්ටෝරියා ප්‍රාන්තයේ ලිහිල්වන කොවිඩ් නීති

ඔක්තෝබර් 29 දින වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලැබූ ප්‍රතිශතය 80% මට්ටමට ළඟා වීමට නියමිතය.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපවල සහ මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ බලාත්මක වන කොවිඩ් නීති ඔක්තෝබර් 29 පස්වරු 6 න් පසුව එක හා සමාන වේ.

ඔක්තෝබර් 29 පස්වරු 6 න් පසුව වික්ටෝරියා ප්‍රාන්තයේ පහත සඳහන් අයුරින් කොවිඩ් නීති ලිහිල් කෙරේ.

  • දරුවන්ද ඇතුළුව නිවසකට එක් දිනකට අමුත්තන් 10 දෙනෙකුට පැමිණිය හැකිය.
  • එළිමහනේ පොදු ස්ථානවල උපරිම පුද්ගලයින් 30 දෙනෙකු දක්වා රැස්විය හැකිය.
  • අවම පුද්ගල සංඛ්‍යාවක් සමග ගෘහස්ථ ක්‍රීඩා ස්ථාන යළි විවෘත කළ හැකිය.
  • වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට ප්‍රාදේශීය කලාපවල සහ මෙල්බර්න් මෙට්‍රොපොලිටන් යන ඕනෑම ස්ථානයක තහනමකින් තොරව සංචාරය කළ හැකිය.
  • දැනට වසා දමා ඇති සියලුම සිල්ලර වෙළෙඳ සැල් සහ රූප ලාවන්‍යාගාර යළි විවෘත කළ හැකිය.
  • පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ට කායවර්ධන මධ්‍යස්ථානවල සහ සිල්ලර වෙළෙඳසැල්වල මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවේ.
  • වර්ග මීටර් 4 කට එක් පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලැබූ පුද්ගලයකු සිටින සේ ඇතුළත හෝ වර්ග මීටර් 2 කට එක් පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලැබූ පුද්ගලයකු සිටින සේ පිටත හෝ අසුන්ගෙන ආහාර පාන ගන්නා පාරිභෝගිකයින් සඳහා Pubs, සමාජ ශාලා, අවන්හල් සහ ආපන ශාලා විවෘත කළ හැකිය.
  • එළිමහනේ අසුන්ගෙන සිටින පාරිභෝගිකයින් 500 ක් දක්වා ඔවුන්ට සේවා සැපයිය හැකිවේ.
  • පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පිරිස්වලට තම රැකියා කිරීමට සේවා ස්ථාන වෙත වාර්තා කළ හැකි වුවත් නිවසේ සිට රාජකාරී කිරීමට හැකිනම් එලෙස සිදුකරන ලෙස උනන්දු කරයි.
  • සියලු දෙමාපියන්ගේ කුඩා ළමයින් සඳහා Childcare මධ්‍යස්ථාන විවෘත කෙරේ.
  • ඇතැම් නීතිවලට යටත්ව පාසල් සිසුන්ට යළි පාසල් වෙත ගොස් අධ්‍යාපනය ලැබිය හැකිය.
  • වැඩිහිටියන් සඳහා වන අධ්‍යාපන කටයුතුද අදාළ ස්ථානවල පැවැත්විය හැකිය.
  • අදාළ ස්ථානයේ භූමි ප්‍රමාණයේ තරමට අනුව පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පිරිස් සඳහා විවාහ සහ අවමංගල උත්සව යළි ක්‍රියාත්මක කළ හැකි අතර එළිමහනේ සිදුකරන ඒවා සඳහා උපරිම පුද්ගලයින් 500 කට සීමා කෙරේ.
Great OCean Road, Victoria.
Victorians will be able to freely travel to regional areas at the end of October. Source: Pixabay

පූර්ණ කොවිඩ් එන්නත්කරණ ප්‍රතිශතය 90% ට ළඟා වූ විට

නොවැම්බර් 24 වන දින වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 12 ට වැඩි පුද්ගලයින්ගෙන් 90% ක් පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලබාගනු ඇතැයි මේ වන විට අපේක්ෂා කරයි.

ඒ අනුව ව්‍යාපාරික ස්ථානවල මෙන්ම විවිධ උත්සව සඳහා භුමියේ ප්‍රමාණය අනුව මේ වන විට පනවා ඇති උපරිම පුද්ගල සීමා අහෝසි කෙරෙන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය පැවසීය.
මේ අතර ඔස්ට්‍රේලියාව තුළ වසරේ ප්‍රධානතම ක්‍රීඩා ඉසව්වක් වන මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන Boxing දින ටෙස්ට් ක්‍රිකට් තරගය නැරඹීම සඳහා මෙවර 80,000 ක ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් අපේක්ෂා කරන බවද වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

නමුත් ප්‍රමාණවත් තරම් කොවිඩ් එන්නත් නොමැතිවීම හේතුවෙන් ළමයින් වැඩි සංඛ්‍යාවක් සහභාගී වන උත්සව පැවැත්වීමට නොහැකි වනු ඇතැයිද පැවසේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ පූර්ණ කොවිඩ් එන්නත්කරණ ප්‍රතිශතය 90% ට ළඟා වූ විට නිවසට පැමිණෙන අමුත්තන් සංඛ්‍යාවේ සීමාවක් නොමැත.

එමෙන්ම අවදානම් සහිත ස්ථානවල, පුද්ගල දුරස්ථභාවය රැකිය නොහැකි ස්ථානවල හැර සෙසු ස්ථානවල මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවනු ඇත.

ඒ අනුව රෝහල්, aged care මධ්‍යස්ථාන, පොදු ප්‍රවාහන සේවා සහ අධිකරණ වැනි නීතිමය ස්ථානවල මුව ආවරණ පැළඳීම සිදුකළ යුතුය.

ඔබ පූර්ණ කොවිඩ් එන්නත්කරණය නොලබා සිටී නම්?

ඉහත සඳහන් කොවිඩ් නීති ලිහිල් කිරීම් පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පුද්ගලයින්ට අත් විඳිය හැකි නමුත් එක් මාත්‍රාවක් ලද හෝ එක් මාත්‍රාවක් හෝ නොලද පුද්ගලයින්ට අත් විඳිය නොහැකිය.

වික්ටෝරියා ප්‍රාන්තයේ පූර්ණ කොවිඩ් එන්නත්කරණය 80% මට්ටමට ළඟා වූ විට කොවිඩ් එන්නත නොලද පුද්ගලයින්ට සිල්ලර වෙළෙඳ සැල්වලට හා අනෙක් පුද්ගලයින්ගේ නිවෙස්වලට පමණක් යා හැකිවේ.

මේ අතර පූර්ණ කොවිඩ් එන්නත්කරණය 90% මට්ටමට ළඟා වූ විට කොවිඩ් එන්නත නොලද පුද්ගලයින්ට ප්‍රවේශපත්‍ර ;ලබා සහභාගී විය යුතු විශාල ප්‍රමාණයේ උත්සව සඳහා සහභාගී විය නොහැකිය.

Share
Published 24 October 2021 10:57pm
Updated 12 August 2022 3:01pm
By Dijana Damjanovic, Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service