අන්තර්ජාලය පරිහරණයේදී ඇතැම් පුද්ගලයින් බහුවිධ ක්‍රියාවල යෙදීමේ දක්ෂයින් වන්නේ ඇයි ? (SBS සිංහල/වාර්තා)

වෙබ් පිටු ගණනාවක් එකවර පරීක්ෂා කිරීම මගින් තමන්ට අවශ්‍ය තොරතුරු ඉක්මණින් සොයා ගැනීම ඔබගේ වැඩකරන මතකය කෙතරම් හොඳ දැයි කියා පායි.

Multitask online

Source: Shutterstock

තොරතුරු සොයා යාමේදී දැනට මෙලොව ඇති විශිෂ්ඨතම මූලාශ්‍රය වන්නේ අන්තර්ජාලය බව නොරහසකි. නමුත් විටෙක එය මානව ක්‍රියාවන්ට ඇති විශාලතම බාධාව බවටද පත් වේ. යම් තොරතුරක් සොයන විට ඇතැම් පුද්ගලයින් තම පරිගණකයේ වෙබ් ටැබ් කිහිපයක් විවෘත කරගනිමින් එම කාර්යයෙහි යෙදෙන අයුරු ඔබ දැක ඇති.

මිනිසුන් ලෙස කාර්යයයන් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කිරීමට අප හට සීමා සහිත ධාරිතාවක් පවතින බවත් එසේ කිරීමට උත්සාහ කිරීමේදී අපගේ මොළය පීඩා විඳින බවත්  ආයතනය පෙන්වා දෙයි. නමුත් නවතම අධ්‍යනයකට අනුව අන්තර්ජාලය තුළ බහු කාර්යයන් කිරීමේදී ඇතැම් පුද්ගලයින් අනෙක් උදවියට වඩා හොඳ බව පෙනී ගොස් තිබේ.

වෙබ් පිටු ගණනාවක් එකවර පරීක්ෂා කිරීම මගින් තමන්ට අවශ්‍ය තොරතුරු ඉක්මණින් සොයා ගැනීම ඔබගේ වැඩකරන මතකය කෙතරම් හොඳ දැයි කියා පායි.

මොළයේ කොටසක් වන මෙම වැඩකරන මතකය, තොරතුරු ගබඩා කිරීම හා සකස් කිරීම, තීරණ ගැනීම හා සැලසුම් කිරීම වැනි කාර්යයන් සඳහා වගකීම් උසුලයි. කෙටි හා දිගු කාලීන මතකයන් හි අවධානය, තත්ත්වය සහ ගබඩා කරන මෙන්ම සකස් කරන තොරතුරු වල ප්‍රමාණය කෙරෙහිද මෙය වගකීම් දරයි.

තවත් කාර්යයයක් සිදු කරන අතරතුර යම් විශේෂිතවූ තොරතුරු රඳවා තබාගැනීම, වැඩකරන මතකය ලෙස බොහෝ මනෝ විද්‍යාඥයින් විස්තර කරයි.

වෙබ් අඩවි භාවිතයේදී යම් යම් පුද්ගලයින්ගේ බහු ක්‍රියාවන් වෙත ඔවුන්ගේ වැඩකරන මතකයන් හි මට්ටම බලපාන අයුරු මෙම නවතම අධ්‍යනයෙන් පෙන්වා දෙයි.  මේ සඳහා ශිෂ්‍යයින් 30 කගේ වැඩකරන මතකයන් හෙවත් ස්වයංක්‍රීය මෙහෙයුම් පරීක්ෂණයක් වෙත යොමු කරවූ අතර එහිදී ඔවුන්ට එහි ඇති ගණිත ගැටළු වලට පිළිතුරු සොයන අතර එම දේවල් මතකයේ තබාගන්නා ලෙස ද උපදෙස් ලබා දුනි.

ඉන් පසුව ඔවුන්ගේ කැමැත්ත මත මාතෘකා 4ක් පිළිබඳ තොරතුරු අන්තර්ජාලයෙන් සෙවීමට අවස්ථාව ලබාදුන්නේය. ඉන් දෙකක් ඔවුන් හට වඩාත් සමීප මාතෘකා වූ අතර අනෙක් ද්විත්වය ඔවුන්ට කිසිදු දැනීමක් නොමැති ඒවා විය.

ඔබට යම්කිසිවක් කෙරෙහි පූර්ව දැනීමක් ඇත්නම් ඔබගේ වැඩකරන මතකය එතරම් වෙහෙසීමට අවශ්‍ය වන්නේ නැති බව එයින් ලැබුණු ප්‍රතිපල වලින් පෙන්වා දෙයි.

වැඩකරන මතකය ඉහළ සිසුන් මාතෘකා සියල්ලම වෙබ් අඩවි ඔස්සේ සැරිසරමින් වැඩකරන මතකයන් අඩු අයට වඩා කාර්යක්ෂමව තොරතුරු සෙවූ බව නිරීක්ෂණය විය. තමන්ගේ අවධානය කාර්යයන් කිහිපයක් අතර බෙදා ගැනීමට වැඩකරන මතකය ඉහළ සිසුන් හට හැකි බවද මෙයින් ඔප්පු විය.

මීට අමතරව වැඩකරන මතකය ඉහළ පුද්ගලයින් හට වත්මන් හා නව තොරතුරු පිළිබඳ සම්බන්ධීකරණය කිරීම්, මාතෘකා කිහිපයක් සමග ගනුදෙනු කිරීම සහ ඉතා පහසුවෙන් බාධාවන් මෙල්ල කිරීම වැනි දේවල්ද පහසුවෙන් කළ හැකි බව ද මෙයින් සොයාගෙන තිබේ.

මීට අමතරව, විවිධ සෙවුම් යන්ත්‍ර භාවිතය, වෙබ් පිටු විශ්ලේෂණය හා සොයාගත් ප්‍රතිපල ගබඩා කිරීම වැනි දෑ ඔවුන් හට හොඳින් ග්‍රහණය කරගැනීමට හැකියාවක් ඇති බවද පැවසේ.

මේ අතර වැඩකරන මතකය අඩු පිරිස් තමන්ට සමීප නොමැති මාතෘකා පිළිබඳ අන්තර්ජාලයෙන් සෙවීමේදී එම කාර්යය ඉටු කරගැනීමට ක්‍රමෝපායන් නිර්මාණය කරගැනීමට අපොහොසත් කමක් දක්වන බවද මෙහිදී පෙනී ගොස් තිබේ.


Share
Published 12 January 2017 11:45pm
Updated 12 January 2017 11:47pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service