කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික පීඩාවට පත්වූ ඔස්ට්‍රේලියාවේ සත්වෝද්‍යාන හා මින් මැදුරු වලට ආර්ථික සහන පැකේජයක්

Melbourne zoo

Melbourne zoo Source: Flickr

කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික පීඩාවට පත්ව ඇති ඔස්ට්‍රේලියාවේ සත්වෝද්‍යාන හා මින් මැදුරු වලට ආර්ථික සහනයක් ලබා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඩොලර් මිලියන 95 ක ආර්ථික සහන පැකේජයක් ලබා දී තිබේ.

කොරෝනා වසංගතය මැඩලීම සඳහා පනවන ලද නීති හා සීමාවන් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සත්වෝද්‍යාන හා මින් මැදුරු නැරඹීම සඳහා සංචාරකයින් නොපැමිණෙන බැවින් ඒවායේ කටයුතු සිදු කරගෙන යාම අපහසු වී තිබේ.

මෙම සහන ලබා ගැනීමට සුදුසුකම් ලබන ආයතන සඳහා අදාළ මුල්‍ය දීමනා මාස 6 ක් යනතුරු ලබා දෙන අතර ඒ හරහා සත්ත්වයින්ගේ සුබ සාධන කටයුතු, ඔවුන්ට ආහාර පාන ලබා දීම් සහ ඔවුන්ට සෞඛ්‍ය පහසුකම් සැපයීම සිදු කිරීමට හැකිය.

අදාළ ආයතන වල සේවකයින්ට JobKeeper වැඩසටහන හරහා $1500 දීමනාව ලබාගැනීමට හැකි බවද මධ්‍යම රජය පවසයි.

ඔස්ට්‍රේලියාවේ සත්වෝද්‍යාන හා මින් මැදුරු, ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රධාන ගමනාන්ත බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය Simon Birmingham, SBS පුවත් සේවයට පැවසීය.

වනජීවී සංරක්ෂණ කටයුතු වලදී ඔස්ට්‍රේලියාව සැමවිටම ලෝකයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන බැවින් මෙම පියවර ඉතා වැදගත් බව සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය Simon Birmingham වැඩි දුරටත් පැවසීය.


Share
Published 28 April 2020 12:06pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service