ඔස්ට්‍රේලියාවේ ඉන්න අන්තර්ජාතික සිසුන් පිළිබඳව විපක්‍ෂ නායකවරයාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

H5N1 (12).png

Opposition leader Peter Dutton Sources: AAP / Steven Markham, Getty images

වර්තමාන විපක්ෂනායක Peter Dutton මහතා විසින් ඔස්ට්‍රේලියාවේ සිටින අන්තර්ජාතික සිසුන් සම්බන්දව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ශිෂ්‍ය වීසා දීර්ගකිරීම සඳහා අයදුම් කරන පිරිස් ඔස්ට්‍රේලියාවට බෝට්ටුවලින් පැමිණි පිරිස් හා සමාන බව ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.


LISTEN TO
sinhala_australia_explained_opportunities_of_teaching_in_Australia_011024 image

ඕස්ට්‍රේලියාවේ ගුරු වෘත්තිය සඳහා තිබෙන අවස්ථා සහ ප්‍රතිලාභ : AUSTRALIA EXPLAINED

SBS Sinhala

01/10/202418:22
බෝට්ටු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණ ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට හා සමාන තත්වයක් අන්තර්ජාතික සිසුන් විසින් ශිෂ්‍ය වීසා දීර්ගකරමින් ඔස්ට්‍රේලියාව තුල රැඳී සිටීම හරහා උදා වී ඇති බව විපක්ෂ නායක Peter Dutton පෙන්වා දෙනවා.

ඕස්ට්‍රේලියාවේ සිටින අන්තර්ජාතික සිසුන් ප්‍රමාණය ඉහල යාමක් පසුගිය කාලයේ වාර්තා වී තිබෙනවා. මීට අමතරව ඕස්ට්‍රේලියානු අභියාචනාධිකරණය හරහා වීසා දීර්ගකරගනීමට ලැබෙන ඉල්ලීම් ප්‍රමාණයද ඉහල ගොස් තිබෙනවා. මෙහිදී ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා ලබාදීමේ ක්‍රමවේදයේ පවතින යම් දුර්වලතා භාවිතා කරමින් ඔස්ට්‍රේලියාව තුල රැඳී සිටීමට මෙම පිරිස් කටයුතු කරන බවට විපක්ෂනායක වරයා මෙහිදී චෝදනා එල්ල කර සිටිනවා.

නීතිඥ උපදෙස් හෝ සංක්‍රමණ උපදේශක වරුන්ගේ උපදෙස් මත වීසා ලබාදීමේ ක්‍රමවේදයේ පවතින දුර්වලතා යොදාගනිමින් මේ ආකාරයට ඕස්ට්‍රේලියාවේ තවදුරටත් රැඳී සිටීමට අන්තර්ජාතික සිසුන් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.
මේ වසරේ ජුලි 1 සිට අගෝස්තු 31 දක්වා වන කාලය පුරාවට ශිෂ්‍ය වීසා අවලංගු වීම් හෝ වීසා දීර්ගකරගැනීමේ අයදුම් පත් ප්‍රතිෂේප වීම් සම්බන්දයෙන් අභියාචාන 15,877 පවතින බව ඕස්ට්‍රේලියානු අභියාචනාධිකරණයේ දත්ත හරහා හෙළිවී ඇත.
කෙසේ උවත් බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන පිරිස් අනවසරයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන බවත් අන්තර්ජාතික සිසුන් ඔවුන් හා සමතත්වයේ ලා සැලකීම ඉතා වැරදි බවත් ඕස්ට්‍රේලියානු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ලේකම් අබුල් රිස්වි, පවසා සිටිනවා.

 
University college student on walking with books
University student Credit: WANDER WOMEN COLLECTIVE/Getty Images

වීසා දිගුකර ගැනීමට අභියාචනාධිකරණය වෙත ගොස් ඇති පිරිස කොපමණද?

ඕස්ට්‍රේලියානු අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුව 2024 වසරේ ජුලි වන විට වන විට අන්තර්ජාතික සිසුන් 943, 977ක් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට ලියාපදිංචි වී තිබෙනවා. මෙය 2019 වසරට සාපේක්ෂව 17%ක ඉහල යාමක් ලෙස වාර්තා වනවා. මේ වසරේ ජුලි 1 සිට අගෝස්තු 31 දක්වා වන කාලය පුරාවට ශිෂ්‍ය වීසා අවලංගු වීම් හෝ වීසා දීර්ගකරගැනීමේ අයදුම් පත් ප්‍රතිෂේප වීම් සම්බන්දයෙන් අභියාචාන 15,877 පවතින බව ඕස්ට්‍රේලියානු අභියාචනාධිකරණයේ දත්ත හරහා හෙළිවී තිබෙනවා.

වර්තමානයේ ශිෂ්‍ය වීසා ලබාදීම සම්බන්ද නීති තද කිරීම හේතුවෙන් මේ ආකාරයට වීසා ප්‍රතික්ෂේපවීම් ඉහල ගොස් ඇති අතර මේ හේතුවෙන් අභියාචනා ඉදිරිපත්වීම සිදුවන බව Immigration Advice and Rights මධ්‍යස්ථානයේ ප්‍රධාන සොලිසිටර්වරයා වන Ali Mojtahedi පවසා සිටිනවා. මෙහිදී අභියාචනා ඉදිරිපත් කිරීමට ඇති හැකියාව වීසා ක්‍රමවේදයේ දුර්වලතාවයක් ලෙස දැකීම සිදු නොකළයුතු බවත් එය වීසා ක්‍රමවේදයේ ඉතා වදගත් කොටසක් බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුධයට අන්තර්ජාතික සිසුන් වගකිව යුතුද?


මීට අමතරව ඕස්ට්‍රේලියාවේ පවතින නිවාස අර්බුදයටද අන්තර්ජාතික සිසුන්ට චෝදනා එල්ල වනවා. මෙහිදී වර්තමාන රජය සංක්‍රමණිකයින් කෙරෙහි ලිහිල් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම ඔස්ට්‍රේලියාව තුල නිවාස අර්බුදයට දැඩි බලපෑමක් එල්ලකර ඇති බව විපක්ෂ නායක Peter Dutton මහතා පවසා සිටිනවා. මෙහිදී අවසාන වසර දෙකක කාලය තුල ඔස්ට්‍රේලියාවට මිලියනයක පමණ සංක්‍රමණිකයින් පිරිසක් පැමිණ තිබුනද නිවාස ඉදිවී ඇත්තේ ලක්ෂ 3ක් වැනි ප්‍රමාණයක් බව ඔහු පෙන්වා දී තිබෙනවා.

මෙහිදී ඔස්ට්‍රේලියාව තුල අර්බුදයක් පවතින අවස්ථාවල දේශපාලනිකව අන්තර්ජාතික සිසුන්ට චෝදනා එල්ල කිරීම අසාධාරණ බව සංක්‍රමණ උපදේශකවරයකු ලෙස කටයුතු කරන Parth Patel පවසා සිටිනවා. ඔස්ට්‍රේලියාවට අන්තර්ජාතික සිසුන් අවශ්‍ය අවස්තාවලදී පමණක් පූර්ණකාලීනව සේවය කිරීමේ අයිතිය වැනි අවස්ථා ලබාදීමට ඔස්ට්‍රේලියාව කටයුතු කරන බවද ඔහු පෙන්වා දෙනවා. මෙය අසාධාරණ තත්වයක් බවත් අන්තර්ජාතික සිසුන් ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයට සහ ශ්‍රම හිඟයට ධනාත්මක බලපෑමක් සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

********************************************************************************








ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.









*********************************************************************************

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service