විශ්‍රාම දිවිය ඕස්ට්‍රේලියාවේ ගතකරන්න කැමති අයට තියෙන වීසා කාණ්ඩයක් ගැන තොරතුරු මෙන්න

Victoria (1).png

Image Credit: Getty Images

විශ්‍රාම දිවිය ඕස්ට්‍රේලියාවේ ගතකිරීමට බලාපොරොත්තු වන විදේශිකයින් සඳහා වික්ටෝරියානු රජය විසින් ලබාදෙන Investor Retirement visa (subclass 405) නමින් වීසා කාණ්ඩයක් වෙන් කොට තිබෙනවා.


LISTEN TO
sinhala_14102024_international_library_month.mp3 image

වර්තමාන ඩිජිටල් ලෝකයේ ඔබේ දරුවාගේ පොත් කියවීමට ඇති රුචිකත්වය වර්ධනය කරන්නේ මෙහෙමයි

SBS Sinhala

14/10/202411:41
විශ්‍රාම දිවිය ඕස්ට්‍රේලියාවේ ගතකිරීමට කැමැත්තෙන් පසුවන අය සඳහා අවස්තාවක් Investor Retirement visa (subclass 405) වීසා කාණ්ඩය හරහා ලැබෙනවා. මෙහිදී වසර 4ක් සඳහා මෙම වීසා ලබා ගැනීමේ හැකියාව පවතින අතර ඉන් අනතුරුව වීසා දිගුකරගනීම සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. මෙහිදී වික්ටෝරියානු ප්‍රාන්තය තුල මූල්‍යමය ආයෝජනයක් සිදුකිරීම අනිවාර්ය වනවා.

මේ සඳහා පහත සුදුසුකම් සපුරාලිය යුතු වනවා

  • වයස අවුරුදු 55 හෝ ඊට වැඩිවිය යුතු වනවා.
  • ඔබගේ සහකරුවා හෝ සහකාරිය හැරුනුකොට ඔබට වෙනත් යැපෙන්නන් නොසිටිය යුතු වනවා.
  • මෙල්බර්න් නගර සීමාවේ ජීවත් වීමට අපේක්ෂා කරනවානම් අවම වශයෙන් $750,000 ආයෝජනයක් වික්ටෝරියානු ප්‍රාන්තය තුල සිදුකලයුතු වනවා.
  • වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයක ජීවත් වනවානම් අවම වශයෙන් $500,000 ක ආයෝජනයක් සිදුකල යුතු වනවා.
  • ආයෝජන වික්ටෝරියානු රජයේ බැඳුම්කරවල (වික්ටෝරියා භාණ්ඩාගාරය හරහා) විය යුතුය.
  • ඔබට ජීවත් වීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට වත්කම් ඇතිබව තහවුරු කලයුතු වේ.

අයදුම් කලයුතු ආකාරය.

මෙම වීසා කාණ්ඩය සඳහා අයදුම් කිරීම වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ වෙබ් අඩවිය හරහා සිදුකලයුතු වේ. මෙහිදී අවශ්‍ය ලියකියවිලි සහ ඔබගේ මූල්‍යමය තත්වය සම්බන්ධ තොරතුරු යොමුකළ යුතු වේ. වික්ටෝරියානු රජය ඔබ සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන බවට සනාත කර ඔබගේ අයදුම්පත අනුමත කිරීමෙන් අනතුරුව වීසා ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්ත මේන්තුව වෙත අයදුම් පත යොමුකළයුතු වේ.

වීසා කොන්දේසි

  • වික්ටෝරියානු ප්‍රාන්තයේ පදිංචි වී සිටිය යුතුවේ.
  • පුද්ගලික සෞඛ්‍ය රක්ෂනාවාරණයක් පවත්වාගෙන යායුතු වේ.
  • පුද්ගලික තොරතුරු වල සිදුවන වෙනස්වීමකදී ඒ පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කලයුතු වේ.

මෙම ලිපිය මගින් මූලික තොරතුරු සපයා ඇති අතර එක් එක් අපේක්ෂකයාගේ පුද්ගලික සුදුසුකම් අනුව අදාළ වන කොන්දේසි වෙනස් විය හැක. වැඩිදුර විස්තර සඳහා කරුණාකර ඔබේ සංක්‍රමණ නියෝජිතයා ඇමතීම හෝ ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතයෙකුගෙන් විමසන්න.

********************************************************************************





ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.






*********************************************************************************



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service