Boxing day ටෙස්ට් තරඟය අතරතුර ප්‍රේක්ෂකයින්ට නොමිලයේ සෞඛ්‍ය පරීක්ෂණ සිදුකරගනීමට අවස්තාවක්

Warne.png

A tribute to Australian cricketer Shane Warne is displayed on an electronic sign (AAP Image/James Ross) NO ARCHIVING, EDITORIAL USE ONLY, IMAGES TO BE USED FOR NEWS REPORTING PURPOSES ONLY, NO COMMERCIAL USE WHATSOEVER, NO USE IN BOOKS WITHOUT PRIOR WRITTEN CONSENT FROM AAP

ක්‍රිකට් ඔස්ට්‍රේලියා (Cricket Australia) ආයතනය සහ ශේන් වොර්න් ලෙගසි (Shane Warne Legacy) සංවිධානය එකමුතුව හදවත් සෞඛ්‍ය පිළිබඳව අවධානය ඉහල නැංවීමේ වැඩපිළිවෙලක් දියත් කොට තිබෙනවා. දෙසැම්බර් 26 වනදා ආරම්භ වන Boxing day ටෙස්ට් තරඟය අතරතුර සෞඛ්‍ය පරීක්ෂණ සඳහා සහභාගී වීමේ අවස්තාව ප්‍රක්ෂකයන්ට ලබාදීම මේ හරහා සිදුවනවා.


LISTEN TO
sinhala_201224_friday_sports_wrap image

2023 වසර, ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දීපු අභියෝගාත්මකම වසර බව SLC භාණ්ඩාගාරිකවරයා කියයි: ක්‍රීඩා විග්‍රහය

SBS Sinhala

20/12/202410:46
ක්‍රිකට් ඔස්ට්‍රේලියා (Cricket Australia) ආයතනය සහ ශේන් වොර්න් ලෙගසි (Shane Warne Legacy) සංවිධානය එකමුතුව ඉදිරි වසර දෙක සඳහා නොමිලයේ සෞඛ්‍ය පරීක්ෂණ සිදුකර ගැනීමේ අවස්තාව ලබාදීමට බලාපොරොත්තු වනවා. මේ අනුව දෙසැම්බර් 26 වනදා ආරම්භ වන Boxing Day ටෙස්ට් තරඟය අතරතුර විවිද සෞඛ්‍ය පරීක්ෂණ රාශියක් සිදුකර ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවස්තාව හිමිවනවා. මෙය SiSU Health ආයතනය විසින් සිදු කරන අතර වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ සහ මෙල්බර්න් ක්‍රිකට් ක්රීදන්ගනයීද සහයෝගය මේ සඳහා ලැබී තිබෙනවා.

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ශේන් වොර්න් මහතා මියයන විට 52වැනි වියේ පසු වූ අතර එය සිහි ගැන්වීමක් ලෙස සෞඛ්‍ය පරීක්ෂණ සිදු කරන මධ්‍යස්ථාන 52ක් MCG ක්‍රීඩාංගනය පුරා පිහිටිවීමට සංවිධායකයින් බලාපොරොත්තු වනවා.

මෙහිදී ස්වයන්ක්‍රීයව ක්‍රියාත්මක වන යන්ත්‍ර හරහා,
  • රුධිර පීඩනය (blood pressure),
  • ශරීර සංයුතිය (body composition)
  • BMI අගය
  • විවේකී අවස්ථාවල හෘද ස්පන්දන වේගය (Resting heart rate)
  • හෘදවස්තුවේ වයස (heart age)
වැනි කාරණා පිළිබඳව දත්ත ලබා ගැනීමේ හැකියාව ප්‍රේක්ෂකයින්ට ලැබෙනවා.

මේ අනුව හදවත් රෝග සහ දියවැඩියාව වැනි රෝග සඳහා ඇති අවදානම පිළිබඳව අවබෝදයක් ලබා ගැනීමට ප්‍රේක්ෂකයින්ට හැකියාව ලැබෙනවා. මෙවැනි රෝග සඳහා වැඩි අවධානමක් ඇති අය සඳහා රුධිර සීනි මට්ටම සහ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කිරීමටද අවස්තාව ලබාදී තිබෙනවා.

පසුගිය වසරේ 7600ක් පමණ වන ප්‍රේක්ෂකයින් පිරිසක් MCG ක්රීදාන්ගනයෙදී මෙම සෞඛ්‍ය පරීක්ෂණ සඳහා යොමුවී ඇති බව වාර්තා වනවා. මීට අමතරව ඔස්ට්‍රේලියාව පුරා ඇති Priceline ඔසුසැල් හරහා 21,336කට අධික පිරිසක්ද මෙම පරීක්ෂණය සඳහා යොමුවී ඇති බව වාර්තා වනවා.

පළමුවසරේ මෙම වැඩසටහනේ සාර්ථකත්වය ඉතා හොඳ බවත් සෞඛ්‍ය පරීක්ෂණ සඳහා සහභාගී වීමට ප්‍රේක්ෂකයින්ට ආරාධනා කර සිටින බවත් ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ Nick Hockley පවසා සිටිනවා. ශේන් වෝර්න් මහතා සිටියානම් මෙම වැඩපිළිවෙල හරහා සිදුවන සේවාව සම්බන්ධයෙන් ඉමහත් සතුටට පත්වනු ඇතිබව ශේන් වොර්න් ලෙගසි (Shane Warne Legacy) සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ Helen Nolan පවසා සිටිනවා.

පළමුවසරේ මෙම වැඩසටහනේ සාර්ථකත්වය ඉතා හොඳ බවත් සෞඛ්‍ය පරීක්ෂණ සඳහා සහභාගී වීමට ප්‍රේක්ෂකයින්ට ආරාධනා කර සිටින බවත් ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ Nick Hockley පවසා සිටිනවා. ශේන් වෝර්න් මහතා සිටියානම් මෙම වැඩපිළිවෙල හරහා සිදුවන සේවාව සම්බන්ධයෙන් ඉමහත් සතුටට පත්වනු ඇතිබව ශේන් වොර්න් ලෙගසි (Shane Warne Legacy) සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ Helen Nolan පවසා සිටිනවා. මෙහිදී ශේන් වොර්න් මහතා ක්‍රීඩාකරන විට පැළඳ සිටි Floppy hat ලෙස හැඳින්වෙන තොප්පි පැළඳ එතුමාට ගෞරව කිරීමට ක්‍රීඩාංගනයට පැමිණෙන ලෙස සංවිධායකයින් ප්‍රේක්ෂකයින් ගෙන් ඉල්ලා සිටිනවා.

නොමිලයේ ලබාදෙන මෙම සෞඛ්‍ය පරීක්ෂණ SISU Health ආයතනය විසින් සිදුකරනු ලබයි. එම ආයතනයේ ස්වයංක්‍රීය යන්ත්‍ර හරහා සිදුකෙරෙන මෙම සෞඛ්‍ය පරීක්ෂණ වල දත්ත SISU Health app එක භාවිතා කර ලබාගත හැකිවනවා. මෙහිදී වර්තමාන සෞඛ්‍ය තත්වය පිලිබඳ දත්ත ලබාදෙන අතර ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්දයෙන් සහභාගී වන්නන්ට අවබෝදයක් ලබාගැනීමේ අවස්ථාවද හිමිවනවා.

********************************************************************************






ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.






*********************************************************************************

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service