ඕස්ට්‍රේලියාවේ සති අන්ත තැපැල් සේවාව නැවතත් ඇරඹෙයි

Auspost Image.jpg

Australia Post will be temporarily resuming weekend parcel deliveries in the run-up to Christmas. Source: AAP / Dave Hunt

Australia Post මෙම සතියේ සිට සති අන්ත බෙදාහැරීම් නැවත හඳුන්වා දී තිබේ.


ඕස්ට්‍රේලියාවේ සති අන්ත තැපැල් සේවාව නැවතත්  

Australia Post විසින් සති අන්ත බෙදාහැරීම් නැවත හඳුන්වා දී තිබේ. කොපමණ කාලයක් මෙය ක්‍රියාත්මක වනු ඇතිද?මුලික තොරතුරු

· Australia Post මෙම සතියේ සිට සති අන්ත බෙදාහැරීම් නැවත හඳුන්වා දී තිබේ.

• ඉල්ලුමට යටත්ව සති අන්ත බෙදාහැරීම් නත්තල් කාලසීමාව තෙක් පවතිනු ඇත.

• ඕස්ට්‍රේලියාව තුළ නත්තල් තැපෑල 2024 දෙසැම්බර් 20 වන විට අවසන් කලයුතු වේ.

Australia Post විසින්  තාවකාලිකව නැවත හඳුන්වා  දී ඇති සති අන්ත බෙදාහැරීම්  සමඟ රට පුරා සිටින පුද්ගලයින්ට සෙනසුරාදා සහ ඉරිදා දිනවල තැපැල් මාර්ගයෙන් ලැබෙන  පාර්සල් ලබා ගැනීමට ඉක්මනින් හැකි වනු ඇත.

මෙම සතියේ සිට, සියලුම ප්‍රධාන අගනගරවල සහ තෝරාගත් ප්‍රාදේශීය නගර වල  සති අන්ත තැපැල් බෙදාහැරීම් නැවත ආරම්භ වේ.

Australia Post හි පාර්සල්, තැපැල් සහ ඊ-වාණිජ්‍ය සේවා පිළිබඳ විධායක සාමාන්‍යාධිකාරී Gary Starr පැවසුවේ එය නත්තල් දිනට පෙර පාරිභෝගිකයින්ට ඔවුන්ගේ පාර්සල් ලබා ගැනීම සහතික කිරීමට උපකාරී වන බවයි.

 

"නිවාඩු සමය ආසන්නයේම, අපගේ පාරිභෝගිකයන්ට නියමිත වේලාවට ඔවුන්ගේ පාර්සල් ලැබීම කොතරම් වැදගත්ද යන්න පිලිබදව ඔවුන් සැලකිලිමත් බව ," ඔහු බ්‍රහස්පතින්දා දින (එනම් නොවැම්බර් 14 වනදා)  නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

සති අන්ත බෙදාහැරීම් නැවත හදුන්වදීම මගින් පාරිභෝගික ඉල්ලුම සපුරාලීම පමණක් නොව, සියලුම දෙනාගේ  නිවාඩු කාලයේ සාප්පු සවාරි / මිලදීගැනීම් පහසු කිරීමට බලාපොරොත්තු බන බව ඔහු තවදුරටත් පවසා සිටි.

ඉල්ලුමට සරිලන පරිදි  සති අන්ත බෙදාහැරීම් නත්තල් කාලය දක්වා පවතිනු ඇත.

"අපි කාර්යබහුල  සමයක් සඳහා වසර පුරා සූදානම් වෙමින් සිටින බවත් , බෙදාහැරීම් කටයුතු හැකිතාක් සුමටව ක්‍රියාත්මක වීම සහතික කිරීම සඳහා නව කණ්ඩායම් සාමාජිකයින් දහස් ගණනක් බඳවා ගනිමින් සිටින බවත්  Gary Starr පැවසා සිටි.

“පසුගිය වසරේ අපි පාර්සල් මිලියන 100කට ආසන්න ප්‍රමාණයක් බෙදාහරින හැරිය බව ඔහු පවසනවා.

ජීවන වියදම් අර්බුදයත් සමඟ, පාරිභෝගිකයින් Black Friday සහ Cyber Monday වැනි ප්‍රධාන සාප්පු සවාරි දින වලින් උපරිම ප්‍රයෝජන ගනු ඇතැයි අපේක්ෂා කරන අතර මෙම වසර නත්තල් කාලය සදහා කෙරෙන සාප්පු සවාරි වල තවත් වාර්තාගත වසරක් ගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු තවදුරටත් පවසා සිටි.

Australia Post නත්තලට පෙර බෙදහරීම් සිදුකරන දිනයන් මොනවා ද?


සාමාන්‍ය තැපෑලෙන් යවනු ලබන පාර්සල් නත්තල් දිනයට පෙර අදාල පුද්ගලයට ලැබීමට බලාපොරොත්තු වන්නේ නම් ඒවා දෙසැම්බර් 20 වන දිනට පෙර තැපැල් කාර්යාලය වෙත ලැබිය යුතුය.

Express තැපෑලෙන් යවනු ලබන පාර්සල්  තැපැල් කාර්යාලයට ලබා දීම සඳහා දෙසැම්බර් 23  දක්වා කාලය හිමිවේ.

ඔබ නත්තල් කාඩ්පත් යැවීමට අදහස් කරන්නේ නම් ඒවා දෙසැම්බර්  13 ට පෙර  තැපැල් කාර්යාලය වෙත ලබාදිය යුතු වේ.

බටහිර ඔස්ට්‍රේලියාව, ටස්මේනියාව සහ නොදර්න් ටෙරිටරිය  වෙත තැපැල් යවන ඕනෑම අයෙකු අමතර දින කිහිපයකට පෙර අදාල ලිපි හෝ පාර්සල් තැපැල් කාර්යාලය වෙත ලබා දිය යුතුය.

ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රදේශ සදහා ඇති මෙම  කඩඉම් දින Australia Post  වෙබ් අඩවියෙන් සොයාගත හැකිවේ.
නොවැම්බර් අග සිට ආරම්භ වන ජාත්‍යන්තර බෙදාහැරීම් සඳහා Australia Post හි කඩඉම් දින වෙනස් වේ.

නවසීලන්තය, බොහෝ නැගෙනහිර සහ අග්නිදිග ආසියානු රටවල් සදහා සහ ප්‍රධාන යුරෝපීය ගමනාන්ත සඳහා සාමාන්‍ය තැපෑලෙන් යවන  පාර්සල් දෙසැම්බර් 5 ට පෙර තැපැල් කළ යුතුය.
කැනඩාව සහ එක්සත් ජනපදය සඳහා කඩඉම් දිනය පිළිවෙලින් දෙසැම්බර් 9 සහ 11 වේ.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service