LISTEN TO

රියදුරුගේ ආදායමට අනුව ඔස්ට්‍රේලියාව තුල මර්ගනීති කඩකිරීම් සඳහා දඩ නියම කිරීමට යෝජනාවක්
SBS Sinhala
24/10/202404:20
ඕස්ට්‍රේලියාවේ මාර්ග පද්ධතිය පාපැදි කරුවන්ට ඉතා අනාරක්ෂිත තත්වයක පවතිනවා. පාපැදි භාවිතාව ප්‍රචලිත කිරීමට නගරය තුල ආරක්ෂිතව පාපැදි භාවිතාවට අවශ්‍ය යටිතල පහසුකම් සැකසීමට කටයුතු කලයුතුයි.Melanie Davin, the director of the Australian Urban Observatory at Melbourne’s RMIT University.
රාජකාරී ස්ථාන වෙත යාම සඳහා පාපැදි භාවිතා කිරීම හරහා ඕස්ට්‍රේලියානුවන්ට මූල්‍යමය මෙන්ම ඉහල සෞඛ්‍ය ප්‍රතිලාබද ලැබෙන බව වාර්තා වනවා. කෙසේ උවත් මිලියන 12ක් පමණවන වැඩකරන ඔස්ට්‍රේලියානුවන්ගෙන් 1%ක් පමණක් රාජකාරී ස්ථානය වෙත යාමට බයිසිකල් භාවිතා කරන බව 2021 වසරේ ජනසංගණනයෙදී හෙළිවී තිබෙනවා.
මෙහිදී ඕස්ට්‍රේලියාවේ මාර්ග පද්ධතිය පාපැදි කරුවන්ට ඉතා අනාරක්ෂිත තත්වයක පවතින බව RMIT විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙලනි ඩේවින් පවසා සිටිනවා. මෙහිදී පාපැදි භාවිතාව ප්‍රචලිත කිරීමට නගරය තුල ආරක්ෂිතව පාපැදි භාවිතාවට අවශ්‍ය යටිතල පහසුකම් සැකසීමට කටයුතු කලයුතු බව මහාචාර්ය මෙලනි වැඩිදුරටත් පවසා සිටිනවා.
ඕස්ට්‍රේලියානුවන් පාපැදි භාවිතාව පිලිබඳ දරන අදහස සම්බන්දයෙන් International Workplace Group ආයතනය විසින් පාපැදි භාවිතා කරන්නන් 1000ක් පමණ යොදාගෙන සමීක්ෂණයක් සිදුකර තිබෙනවා.
රැකියාවට යාම සඳහා පාපැදි භාවිතා කරන බවට මෙම සමීක්ෂණයට සහභාගී වූ පාපැදි භාවිතා කරන්නන් 5 දෙනෙකුගෙන් දෙදෙනෙක් පමණක් පවසා තිබෙනවා. කෙසේ උවත් රැකියා ස්ථානය තම නිවසට ආසන්නව ඇත්නම් පාපැදි භාවිතා කරන්නන් 5 දෙනෙකුගෙන් හතර දෙනෙක්ම රැකියාවට යාමට පාපැදි භාවිතා කිරීමට කැමැත්තෙන් සිටින බව හෙළිවී තිබෙනවා.
පාපැදියෙන් රැකියාවට යාම සඳහා යම් දිරි දීමනා ලබාදීමක් සිදු කරන්නේ නම් ඒ සඳහා යොමුවීමට මෙම සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් අඩකටත් වඩා කැමැත්ත පළකර ඇති බව හෙළිවී තිබෙනවා.

Credit: SBS News
පාපැදි භාවිතාව ඉහල නැංවීම සඳහා ලොව පුරා ක්‍රියාත්මක Bicycle Network ආයතනය විසින් නිකුත් කල දත්ත හරහා වසරකට $7000ත් $14000ත් අතර ප්‍රමාණයක් පාපැදි කරුවන්ට ඉතිරි කර ගැනීමට හැකිබව හෙළිකර තිබෙනවා. සාමාන්‍යයෙන් සතියකට දින 5ක් නගරය වෙත ගමන් කිරීමට මෝටර් රථයක් භාවිතා කරන අය සඳහා $14000ක පමණ මුදලක් වය වන බව හෙළිවී තිබෙනවා.
මීට අමතරව සතියකට මිනිත්තු 100 ක් බයිසිකල් පැදීම හරහා වැඩිහිටියන්ගේ මරණයට පත්වීමේ සම්භාවිතාව 10% කින් පමණ අඩු කරන බව International Journal of Behavioural Nutrition and Physical Activity හි ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.
මීට අමතරව රැකියාවට යාම සඳහා පාපැදි භාවිතාව සඳහා උනන්දු කිරීමට රැකියා ආයතනවලට බොහෝ දෑ කළහැකි බව International Workplace Group ආයතනයේ ඩේමියන් ශීහන් පෙන්වා දෙනවා. මෙහිදී ආයතනික මට්ටමින් පාපැදි ලබාදීමට හෝ පාපැදි නඩත්තු කිරීමට මූල්‍යමය ආධාර ලබාදීම හරහා වැඩි වශයෙන් පාපැදි භාවිතාව සඳහා ජනතාව උනන්දු කල හැකි බව ඩේමියන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************