අඩුවියදමින් නිවාඩු කාලය ගතකරන්න ඔස්ට්‍රෙලියානුවෝ වෙනස් වෙලා තියෙන්නේ මෙහෙමයි

2025-01-09_16-44-29.jpg

Australians are increasingly choosing to holiday in their own state or territory. Source: Getty / swissmediavision

වර්තමානය වනවිට ඕස්ට්‍රේලියාවේ පවතින ඉහල ජීවන වියදම් තත්වය හේතුවෙන් බොහෝ ඕස්ට්‍රේලියානුවන් දේශීය හෝ විදේශීය සංචාර වල යෙදීමේ පුරුදු වෙනස් කර ඇති බව වාර්තා වනවා. ඇතැමුන් සංචාරය කිරීම් මුලුනනින්ම නවතා දමා ඇති අතර තවත් සමහරක් දෙනා සංචාරක අත්දැකීම ලබාගැනීමට විවිද උපක්‍රම භාවිතා කරනවා.


LISTEN TO
07012025_podcast_jobs_in_demand image

2025 වසරේදී ඕස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් ඇතිවන රැකියා ක්ෂේශ්ත්‍ර මෙන්න

SBS Sinhala

07/01/202504:26
දේශීය හෝ විදේශීය සංචාර කලින් සැලසුම් කර ගුවන් යානා හෝටල් කාමර ආදිය කලින් වෙන්කරවා ගැනීමට බොහෝ ඕස්ට්‍රේලියානුවන් පුරුදු වී සිටිනවා. කෙසේ උවත් වර්තමාන ආර්ථික අපහසුතා හේතුවෙන් බොහෝ දෙනා අවසන් මොහොතේ තම නිවාඩු කාල වල සිදුකෙරෙන සංචාර සැලසුම් කිරීමේ නව ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. තම ආර්ථික තත්වයේ පවතින අවිනිශ්චිත තාවය මෙයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
බොහෝ ඔස්ට්‍රේලියානුවන් වර්තමානයේ වනවිට තම පදිංචි ප්‍රාන්තය තුල සංචාරය කිරීමට, සංචාරය කරන දින ගණන අඩු කිරීමට, මිල අඩු අවන්හල් සහ නවාතැන් පහසුකම් ඇති ස්ථාන තෝරාගැනීමට පෙළඹී තිබෙනවා.
Margy Osmond - Tourism and Transport Forum Australia
විශේෂයෙන්ම ආහාර පාන සඳහා යන වියදම ඉහල යාම, අත්‍යාවශ්‍ය භාණ්ඩව මිල ඉහළයාම් සහ නිවාස ගැටලුව මේ සඳහා හේතු වී ඇති බව Tourism and Transport Forum Australia ආයතනයේ විධායක අධ්‍යක්ෂ Margy Osmond පවසා සිටිනවා.

බොහෝ ඔස්ට්‍රේලියානුවන් තවමත් සංචාරය කිරීමට උනන්දු වන අතර වර්තමානය වනවිට තම පදිංචි ප්‍රදේශය ආශ්‍රිතව සංචාරය කිරීම්, සංචාරය කරන දින ගණන අවම කිරීම සහ මිල අඩු ආහාර සහ නවාතැන් පහසුකම් ඇති ස්ථාන තෝරාගැනීමට කටයුතු කරන බවද Margy Osmond පෙන්වා දෙනවා. මෙය ඔස්ට්‍රියානු සංචාරකයින් තුල දක්නට ඇති නව ප්‍රවනතාවයක් වනවා.

අවසන් මොහොතේ තීරණය කර සංචාරයේ යෙදීමද තරුණ පරපුර අතර ප්‍රචලිතවන නව ප්‍රවනතාවයක් බවද Margy Osmond පෙන්වා දෙනවා. විශේෂයෙන්ම මෙම තරුණ පිරිස් තාවකාලික සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන රැකියාවල බහුලව නිරත වන අතර ඒ හරහා ඇතිකර ඇති ආර්ථික අවිනිශ්චිතතාවය අවසන් මොහොතේ සංචාර වලට යොමුවීමට ප්‍රධාන හේතුව වී ඇති බව Margy Osmond වැඩිදුරටත් පැහැදිලි කර සිටිනවා

Tourism and Transport Forum Australia ආයතනය විසින් ඔස්ට්‍රෙලියානුවන්ගේ සංචාරක සැලසුම් සම්බන්ධයෙන් සමීක්ෂනයක් සිදු කර තිබෙනවා. මෙහිදී මෙවර නිවාඩු සමයේ සංචාර සඳහා පෙර වසරවලට සාපේක්ෂව අඩුවෙන් වියදම් සිදුකිරීමට බලාපොරොත්තු වන බව සමීක්ෂණයට සහභාගී තරුණ ඕස්ට්‍රේලියානුවන් ගෙන් 60%ක් පමණ පවසා තිබෙනවා.

මීට අමතරව තමන් ජීවත් වන ප්‍රාන්තය තුලම සංචාරයේ යෙදීමේ නව ප්‍රවනතාවයක්ද ඇතිවෙමින් ඇති බව Osmond පෙන්වා දෙනවා. විදෙස් සංචාර වෙනුවට දේශීය වශයෙන් සංචාරයේ යෙදීම වෙරල බඩ ආශ්‍රිත ප්‍රදේශ වල දේශීය සංචාරක කර්මාන්තයේ දියුණුවටද බලපාන බව Osmond වැඩිදුරටත් පවසා සිටිනවා.

නත්තල් සහ අලුත් අවුරුදු නිවාඩුකාලය තුල ඔස්ට්‍රෙලියානුවන්ගේ සංචාරක සැලසුම් පිළිබඳව Pure Profile ආයතනය විසින් යම් අධ්‍යයනයක් සිදුකර ඇති අතර එහිදී 2011ක් පමණ වන ඕස්ට්‍රේලියානුවන් ප්‍රමාණයක් සමීක්ෂණයට භාජනය කර තිබෙනවා. එම අයගෙන් හතරෙන් තුනක්ම මෙම නිවාඩු කාලයේ සංචාරයේ යෙදීමට බලාපොරොත්තු නොවන බව සඳහන් කර තිබෙනවා.

සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් 13%ක් තමන් ජීවත්වන ප්‍රාන්තය තුලම සංචාරය කිරීමට බලාපොරොත්තු වන බව පවසා තිබෙනවා. මින් 8%ක් ඕස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තවල සංචාරයට යන බව පවසා තිබෙනවා.

ජීවන වියදම් ගැටළු හේතුවෙන් තමන්ගේ සංචාරක සැලසුම් සහ උත්සව සැමරීම් අවලංගු කිරීමට සිදුවූ බව සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් තුනෙන් එකක් පවසා තිබෙනවා.

********************************************************************************







ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.







********************************************************************************




Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service