ඔස්ට්‍රේලියාවේ Family වීසා අයදුම්පත්වල ප්‍රමුඛතාව හිමිවන අනුපිලිවෙල පිලිබඳ අලුත්ම තොරතුරු මෙන්න

A passport with Australian immigration stampand visa

australian immigration passport with passport and visa Source: Getty Images

ඔස්ට්‍රේලියානු Family visa අයදුම්පත් සලකා බැලීමේදී අවධානය යොමු කරන ප්‍රමුඛතා පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


ඔස්ට්‍රේලියානු Family visa අයදුම්පත් සලකා බැලීමේදී අවධානය යොමු කරන ප්‍රමුඛතා පිළිබඳ නවතම යාවත්කාලීන කිරීමක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සිදු කර තිබේ.

ඒ අනුව ප්‍රමුඛතාවය සැලකීමේදී අයදුම්පත් වර්ග 7 ක් පිළිබඳ මූලික වශයෙන් සලකා බැලෙන බව සඳහන්.
ඔස්ට්‍රේලියානු Family visa අයදුම්පත් සලකා බැලීමේදී අවධානය යොමු කරන ප්‍රමුඛතා

ඔස්ට්‍රේලියානු Family visa අයදුම්පත් සලකා බැලීමේදී එම අයදුම්පත යොමු කර ඇති දිනය පිළිබඳ නොසලකා ප්‍රමුඛතාවලට අනුකූලව කටයුතු කරන බව  ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මේ වන විට ඔස්ට්‍රේලියානු Family visa අයදුම්පත් සලකා බැලීමේදී අවධානය යොමු කරන නව ප්‍රමුඛතා පහත පරිදි අනාවරණය කර තිබේ.

01. ආගමන කටයුතු අමාත්‍යවරයාගේ මැදිහත්වීමට යටත්ව ඇති Family visa අයදුම්පත්

02. සහකරුවෙකු හෝ සහකාරියක හෝ යැපෙන දරුවෙකු විසින් ඉදිරිපත් කර ඇති අයදුම්පත් (අදාළ අනුග්‍රාහකයා හෝ යෝජිත අනුග්‍රාහකයා නීතිවිරෝධී යාත්‍රාවලින් ඔස්ට්‍රේලියාවට පැමිණ මේ වන විට ස්ථිර වීසා බලපත්‍රයක් නොදැරිය යුතුය.)

03. Orphan relative කෙනෙකු විසින් ඉදිරිපත් කර ඇති අයදුම්පත් (අදාළ අනුග්‍රාහකයා හෝ යෝජිත අනුග්‍රාහකයා නීතිවිරෝධී යාත්‍රාවලින් ඔස්ට්‍රේලියාවට පැමිණ මේ වන විට ස්ථිර වීසා බලපත්‍රයක් නොදැරිය යුතුය.)

04. contributory parent හෙවත් දායක දෙමාපියෙකු හෝ contributory aged parent හෙවත් දායක වියපත් දෙමාපියෙකු විසින් ඉදිරිපත් කර ඇති අයදුම්පත්  (අදාළ අනුග්‍රාහකයා හෝ යෝජිත අනුග්‍රාහකයා නීතිවිරෝධී යාත්‍රාවලින් ඔස්ට්‍රේලියාවට පැමිණ මේ වන විට ස්ථිර වීසා බලපත්‍රයක් නොදැරිය යුතුය.)



 

05. භාරකරුවෙකු විසින් ඉදිරිපත් කර ඇති අයදුම්පත් (අදාළ අනුග්‍රාහකයා හෝ යෝජිත අනුග්‍රාහකයා නීතිවිරෝධී යාත්‍රාවලින් ඔස්ට්‍රේලියාවට පැමිණ මේ වන විට ස්ථිර වීසා බලපත්‍රයක් නොදැරිය යුතුය.)

06. දෙමාපියන්, වියපත් මාපියන්, ඉතිරිවී ඇති ඥාතීන් හෝ වියපත් යැපෙන්නන් විසින් ඉදිරිපත් කර ඇති අයදුම්පත්  (අදාළ අනුග්‍රාහකයා හෝ යෝජිත අනුග්‍රාහකයා නීතිවිරෝධී යාත්‍රාවලින් ඔස්ට්‍රේලියාවට පැමිණ මේ වන විට ස්ථිර වීසා බලපත්‍රයක් නොදැරිය යුතුය.)

07. නීතිවිරෝධී යාත්‍රාවලින් ඔස්ට්‍රේලියාවට පැමිණ මේ වන විට ස්ථිර වීසා බලපත්‍රයක් දරන අනුග්‍රාහකයෙකු හෝ යෝජිත අනුග්‍රාහකයෙකු ඉදිරිපත් කර ඇති අයදුම්පත්


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ළමා වීසා වල අයදුම්පත් සලකා බලන ප්‍රමුඛතා පිළිවෙල

ළමා වීසා වල අයදුම්පත් සලකා බලන ප්‍රමුඛතා පිළිවෙල පහත පරිදි වේ.

  • Child 
  • Adoption 
  • Dependent Child
  • Orphan Relative

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

පහත Family වීසා අයදුම්පත් සලකා බැලීමේ ප්‍රමුඛතා අනුපිළිවෙල ඉහත දක්වා ඇති අමාත්‍ය උපදෙස් වලට යටත් වේ:

  • 100 – Partner
  • 101 – Child
  • 102 –Adoption
  • 103 – Parent
  • 114 – Aged Dependent Relative
  • 115 – Remaining Relative
  • 116 – Carer
  • 117 – Orphan Relative
  • 143 – Contributory Parent
  • 173 – Contributory Parent (Temporary)
  • 300 – Prospective Marriage (Temporary)
  • 309 – Partner (Provisional)
  • 445 – Dependent Child
  • 801 – Partner (Permanent)
  • 802 – Child
  • 804 – Aged Parent
  • 820 – Partner (Temporary)
  • 835 – Remaining Relative
  • 836 – Carer
  • 837 – Orphan Relative
  • 838 – Aged Dependent Relative
  • 864 – Contributory Aged Parent
  • 884 – Contributory Aged Parent (Temporary)


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service