ඕස්ට්‍රේලියාවේ සිටින අයගේ ආයු අපේක්ෂාව අඩු වී ඇති බව හෙළිවෙයි

SBS_Sinhala_Branding.jpg

Australians still have some of the highest life expectancies in the world despite a small slip. Source: Getty / Jacob Wackerhausen

ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල ඕස්ට්‍රේලියනුවන්ගේ ආයු අපේක්ෂාව නැවත පහත වැටී ඇති බව සදහන් වේ.



ඕස්ට්‍රේලියනුවන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 83.2 කි.

ප්‍රධාන කරුණු

• පසුගිය මාස 12 ක කාලය තුල කාන්තාවන් සහ පිරිමින් ගේ ආයු අපේක්ෂාවන් පහත වැටී ඇත.

ඕස්ට්‍රේලියනු සංඛ්‍යා ලේඛන කාර්යාංශය පවසන්නේ මෙයට හේතුව කෝවිඩ් -19 හේතුවෙන් සිදුවන අතිරික්ත මරණ බවයි.

• ලෝකයේ සිව්වන වැඩිම ආයු අපේක්ෂාව ඇත්තේ ඕස්ට්‍රේලියනුවන්ට වේ.

ගෝලීය ශ්‍රේණිගත කිරීම් අනුව ඕස්ට්‍රේලියනුවන්ගේ උපතේ සිට ආයු අපේක්ෂාව නැවත වරක් මද වශයෙන් පහත වැටී ඇත.

අද උපත ලබන ඕස්ට්‍රේලියානු ගැහැණු ළමයෙකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 85.1 ක් වන අතර පිරිමි ළමයෙකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 81.1 ක් බව ඕස්ට්රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කරන ලද සංඛ්‍යාලේඛන වල දැක්වේ.

මෙම අගය මාස 12 කට පෙර නිකුත් කරන ලද සංඛ්‍යා දත්ත වලට සාපේක්ෂව කාන්තාවන් සඳහා අවුරුදු 0.2 ක සහ පිරිමින් සඳහා 0.1 ක කුඩා අඩුවීමක් පෙන්නුම් කරයි.

ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම වසර 0.1 ක පහත වැටීමක් 2023 සිට සංඛ්‍යාලේඛන දත්ත මගින් පෙන්නුම් කරන ලදී.

60 හැවිරිදි ඕස්ට්‍රේලියානු පිරිමියෙකුට තවත් අවුරුදු 24.2 ක් සහ කාන්තාවක් තවත් අවුරුදු 27.1 ක් ජීවත් වීමට අපේක්ෂා කළ හැකි වේ. එය උපතේදී ආයු අපේක්ෂාවට වඩා දිගු වන්නේ කුඩා දරුවන්ගේ ( ජිවිතයේ පළමු දශක වල ) ආයු කාලය අඩු වීම නිසා බව පැවසේ.

ගෝලීය වශයෙන් ආයු අපේක්ෂාව මත ඕස්ට්‍රේලියාවට හිමිවන ශ්‍රේණිගත කිරීම කෙසේද යන්න විමසා බලමු

OECD (The Organization for Economic Cooperation and Development) හි සාමාජික රටවල් අතර උපතේදී වැඩිම ආයු අපේක්ෂාව ඇති රටවල් අතර සිව්වන ස්ථානය ඕස්ට්‍රේලියාවට හිමි වන අතර එය අවුරුදු 83.2 කි. එය ස්පාඤ්ඤයේ පවතින ආයු අපේක්ෂන අගයට සමාන වේ.

ඕස්ට්‍රේලියාව මීට පෙර ස්පාඤ්ඤයට ඉහළින් තුන්වන ස්ථානයේ පසුවිය.

උපතේදී වැඩිම ආයු අපේක්ෂාව ඇති රට ලෙස ජපානයේ වයස අවුරුදු 84.1 ක් ද දෙවනුව ස්විට්සර්ලන්තය අවුරුදු 83.7 ක් සහ තෙවනුව දකුණු කොරියාව අවුරුදු 83.6 ක් ලෙස ශ්‍රේණිගත කිරීම්වල දැක්වේ.

වසංගතයේ ප්‍රතිපලයක් ලෙස සියලුම OECD රටවල ආයු අපේක්ෂාව තරමක් පහත වැටුණ අතර දැන් සාමාන්‍ය අගය අවුරුදු 81 කි.

වර්ෂ 1900 සහ 2000 අතර කාලය තුළ ඉහළ ආදායම් ලබන රටවල උපතේදී ආයු අපේක්ෂාව දළ වශයෙන් අවුරුදු 30 කින් ඉහළ ගිය බව පැවසේ.

කෙසේ වෙතත්, 1990 සිට, ආයු අපේක්ෂාවේ සමස්ත යු අපේක්ෂාවේ වර්ධනය අඩු වී ඇති බව Nature සගරාව මෑතකදී සිදු කරන ලද විශ්ලේෂණයකට අනුව ප්‍රකාශ වේ.

මෙම සගරාව පුරෝකථනය කරන්නේ ප්‍රංශ ජනතාව අවුරුදු 100 දක්වා ජීවත් වීමට බොහෝ දුරට සියයට 8 ක පමණ ප්‍රමාණයකට ඉඩ ඇති අතර, ඕස්ට්‍රේලියානුවන්ට අවුරුදු 100 දක්වා ජීවත් වීමේ අවස්ථාව සියයට 2 ත් 3 ත් අතර වන බව මෙම සගරාව පුරෝකථනය කරයි .

ආයු අපේක්ෂාව පසුබෑමකට ලක්වීමට හේතුව කුමක්ද ?

2020 දී ආරම්භ වූ COVID-19 වසංගතය හේතුවෙන් සිදු වූ අතිරික්ත මරණ ආයු අපේක්ෂාව පිළිබඳව දත්ත බලපා ඇති බව ABS / ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

2021-2023 වසරවලදී වැඩිම COVID-19 මරණ සංඛ්‍යාවක් වාර්තා වූ අතර එම සංඛ්‍යාව ඕස්ට්‍රේලියාවේ 15,982 ක් වූ අතර එය 2020-2022 ට සාපේක්ෂව 4,100 ක වැඩි වීමක් බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ජනගහණ විද්‍යා ප්‍රධානි Beidar Cho පැවසිය.

ආයු අපේක්ෂාව අඩුවෙමින් තිබියදීත්, නවසීලන්තය, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව වැනි බොහෝ සංසන්දනාත්මක රටවලට වඩා ඕස්ට්‍රේලියානුවන්ගේ ආයු අපේක්ෂාව තවමත් ඉහළ ඉහල අගයක පවතින බව පැවසේ.

පසුගිය වසර 10 තුළ ඕස්ට්‍රේලියාවේ නොදර්න් ටෙරිටරියේ කාන්තා ආයු අපේක්ෂාව අවුරුදු 1.2 කින් එනම් අවුරුදු 80.4 දක්වා වැඩි වූ අතර පිරිමින් සඳහා අවුරුදු 1.5 ක එනම් ආයු අපේක්ෂාව අවුරුදු 76.4 දක්වා වැඩි විය.

කෙසේ වෙතත්, නොදර්න් ටෙරිටරියේ ගැහැණු සහ පිරිමි යන දෙඅංශයේම අඩු ආයු අපේක්ෂාවක පෙන්නුම් කෙරේ.

ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ හි කාන්තාවන් ගේ ආයු අපේක්ෂාව අවුරුදු 85.7 ක් සහ පිරිමින්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 81.7 ක් වන අතර බටහිර ඕස්ට්රේලියාවේ කාන්තාවන් ගේ ආයු අපේක්ෂාව අවුරුදු 85.7 ක් සහ පිරිමින්ගේ අවුරුදු 81.7 ක් වේ.

Sergey Timonin සහ Tim Adair යන විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ අධ්‍යාපනය සහ නිවාස සඳහා වැඩි පහසුකම් , මානසික සෞඛ්‍ය වර්ධනය සහ මත්ද්‍රව්‍ය භාවිතය අඩුකිරීම ,තරබාරුකම සහ දියවැඩියාව වැනි රෝග සදහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා දීම වැනි දුර්වල සෞඛ්‍ය තත්වයන්ට හේතු වන අසමාන සහ ව්‍යුහාත්මක අවාසි අඩු කිරිමේ ක්‍රියාමාර්ග හරහා උපතේදී ආයු අපේක්ෂා අගය වර්ධනය කල හැකි බවයි.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service