2025 වසරේදී ඕස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් ඇතිවන රැකියා ක්ෂේශ්ත්‍ර මෙන්න

File image of a bartender serving Cuban rum

File image of a bartender serving Cuban rum Source: AAP

ඕස්ට්‍රේලියාවේ වර්තමානය වනවිට විවිද රැකියා ක්ෂේශ්ත්‍ර සඳහා පවතින ඉල්ලුම වෙනස් වෙමින් පවතිනවා. කොවිඩ් 19 වසංගත කාලයෙන් පසුව බොහෝ රැකියා සඳහා විශාල ඉල්ලුමක් පැවතුනත් මේ වනවිට එම තත්වය ක්‍රමයෙන් අඩු වී යනවා. 2025 වසරේ ඕස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් සහිත රැකියා ක්ෂේශ්ත්‍ර මොනවාද?


LISTEN TO
sinhala_australia_explained_How_to_build_your_own_house_in_Australia_070125 image

ඕස්ට්‍රේලියාවේදී ඔබ, ඔබේම නිවසක් හදන්නේ කෙසේද: Australia Explained

SBS Sinhala

06/01/202509:50
2025 වසරේ වැඩිම ඉල්ලුමක් ඇති රැකියා ක්ෂේශ්ත්‍ර කිහිපයක් හඳුන් වා දී තිබෙනවා. මෙහිදී සිල්ලර වෙළඳාම් ක්ෂේශ්ත්‍රය, තාක්ෂණික ක්ෂේශ්ත්‍ර මෙන්ම රැකවරණ සේවා සපයන රැකියා සඳහා 2025 වසරේ ඉහල ඉල්ලුමක් පවතිනු ඇති බවට වාර්තා වනවා.

පාරිභෝගික සේවා සහ සිල්ලර වෙළඳාම් ක්ෂේශ්ත්‍රය

පාරිභෝගික සේවා සපයනු ලබන රැකියා ක්ෂේශ්ත්‍ර වල ඉහල දියුණුවක් දැකගැනීමට හැකි වනු ඇතිබවට SEEK වෙබ් අඩවියේ ජේෂ්ඨ ආර්ථික විද්‍යාඥ Blair Chapman පවසා සිටිනවා. කෙසේ උවත් ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාත කප්පාදුවක් මේ වසරේ සිදුවීම මත මෙය රඳා පවතින බවද ඔහු පවසනවා. පොලී අනුපාත කප්පාදුවක් සිදු උවහොත් පාරිභෝගික වියදම් කිරීම් ඉහල ගොස් හෝටල්, ආපානශාලා වැනි ව්‍යාපාර වල රැකියා අවස්ථා සඳහා ඉහල ඉල්ලුමක් ඇතිවනු ඇති බව ඔහු පෙන්වා දෙනවා.

සෞඛ්‍ය සේවා සහ රැකවරණ සේවා සපයන්නන්

2024 වසරේ අගභාගයේදී බොහෝ රැකියා සඳහා පලකෙරුනු දැන්වීම් ප්‍රමාණයේ යම් අඩුවක් පෙන්නුම් කලද සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රය, ළමා සුරැකුම් මධ්‍යස්ථාන ඇතුළු රැකවරණ සේවා සපයන ආයතන වල රැකියා සඳහා ඉහල ඉල්ලුමක් පවතින බව වාර්තා වනවා. මෙම තත්වය 2025 වසර පුරාවටද පවතිනු ඇති බවට අනුමාන කරනවා.
 

ඩිජිටල් තාක්ෂනික ක්ෂේශ්ත්‍රය

ඩිජිටල් තාක්ෂනය හා බැඳුනු රැකියා සඳහා 2025 වසරේදී ඔස්ට්‍රේලියාව තුල ඉහල ඉල්ලුමක් ඇති වනු ඇති බවට වාර්තා වනවා.

සයිබර් ආරක්ෂාව, කුත්‍රීම බුද්ධිය සහ ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය වීම් 2025 වසරේ ඕස්ට්‍රේලියාවේ පුගලික අංශය මුහුණ දෙන අභියෝග වන අතර ඒ සඳහා මුහුණ දීමට සුදුසුකම්ලත් සේවක අවශ්‍යතාවය ඉහල යනු ඇති බවට වාර්තා වනවා. මෙම නව තාක්ෂනයන් සම්බන්දයෙන් ඔස්ට්‍රේලියාව තුල නිපුනතා හිඟයක්ද පවතින අතර බොහෝ ආයතන ප්‍රධානීන්ගේ අවධානය මේ වෙත යොමුවී තිබෙනවා. මේ අනුව මෘදුකාංග ඉංජිනේරුවන්, data scientists වැනි රැකියා සඳාහා 2025 වසරේ ඉල්ලුම වැඩි වනු ඇති බව Blair Chapman පවසා සිටිනවා

 
Generative AI වැනි තාක්ෂනයන් කෙරෙහි වැඩි නැඹුරුවක් සිදුවීම දක්නට ලැබෙන අතර මේ හේතුවෙන් සේවකයින්ගේ තාක්ෂණික නොවන අනෙකුත් හැකියාවන් පිළිබඳව සේවා යෝජකයින් වැඩි අවධානයක් යොමුකරනු ඇති බව LinkedIn වෘත්තීය විශේෂඥ Cayla Dengate පවසා සිටිනවා. සන්නිවේදන කුසලතා, අන්තර් පුද්ගල සම්බන්දතා ගොඩනැංවීමේ හැකියාව, නිර්මානශීලී හැකියාවන් සහ සංකීර්ණ ගැටළු විසඳීමේ හැකියාවන් වැනි AI තාක්ෂනය හරහා නොලැබෙන හැකියාවන් ඇති සේවකයින් බඳවා ගැනීම පිළිබඳව ආයතන ඉදිරියේදී විශේෂ අවධානයක් යොමු කරනු ඇතිබව Cayla Dengate පෙන්වා දෙනවා.

********************************************************************************






ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.






********************************************************************************

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service