ඕස්ට්‍රේලියාවේ මෙම මුල්‍ය වර්ෂය සඳහා එක් එක් ප්‍රාන්ත වලට වෙන්කළ Skilled Visa සංඛ්‍යාව මෙන්න

Female engineer presentation robotic welding process to her team in testing area of research and development. Production process improvement concepts.

Female engineer Source: Moment RF / Nitat Termmee/Getty Images

2024/2025 මූල්‍ය වර්ෂය සඳහා permanent Migration වැඩසටහන යටතේ එක් එක් ප්‍රාන්ත වෙනුවෙන් වෙන්කෙරෙන වීසා ස්ථාන ප්‍රමාණයන් ඕස්ට්‍රේලියානු රජය විසින් නිකුත් කර ඇත. මෙම ස්ථාන Skilled Nominated (Subclass 190) visa සහ Skilled Work Regional (Subclass 491) visa කාණ්ඩ යටතේ බෙදී යනු ඇත.


LISTEN TO
sinhala_podcast_australian_passport_26072024 image

ලොව බලවත්ම Passports අතර ඕස්ට්‍රේලියාවේ Passport එකට හිමිවූ අලුත්ම තැන මෙන්න.

SBS Sinhala

26/07/202403:54
ඕස්ට්‍රේලියානු රජය 2024 2025 මූල්‍ය වර්ශය සඳහා සංක්‍රමණික වැඩසටහනේ එක් එක් ප්‍රාන්ත සඳහා වන වීසා වීසා ප්‍රමාණයන් එළිදක්වා ඇත. මේ අනුව බටහිර ඔස්ට්‍රේලියාව, වික්ටෝරියානු ප්‍රාන්තය සහ නිවසවුත්වේල්ස් ප්‍රාන්ත සඳහා ස්ථාන 5000 බැගින් වෙන්කිරීමට තීරණය කර ඇත.

මේ අනුව Skilled Nominated (Subclass 190) visa සඳහා වික්ටෝරියානු, බටහිර ඔස්ට්‍රේලියා සහ නිවසවුත්වේල්ස් ප්‍රාන්ත සඳහා ස්ථාන 3000ක් වෙන්කර ඇත. ඉතිරි ස්ථාන 2000ක ප්‍රමාණය Skilled Work Regional (Subclass 491) visa සඳහා වෙන්කර ඇත.

ඉන් පසුව වැඩිම Skilled Nominated (Subclass 190) visa ප්‍රමාණයක් හිමිවී ඇත්තේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට වේ. එම ප්‍රමාණය 3000 ක් වී ඇත. කෙසේ උවත් Skilled Work Regional (Subclass 491) visa සඳහා වෙන්කර ඇති ප්‍රමාණය ස්ථාන 800ක් පමණි.

ටස්මේනියානු ප්‍රාන්තය වෙනුවෙන් subclass 190 සඳහා ස්ථාන 2100ක් වෙන්කිරීමටද කටයුතු කර ඇත.

අඩුම Skilled Nominated (Subclass 190) visa සහ Skilled Work Regional (Subclass 491) visa ප්‍රමාණයක් වෙන්කළ ප්‍රාන්තය ලෙස කුවීන්ස්ලතා ප්‍රාන්තය හැඳින්විය හැකි අතර මෙම කාණ්ඩ දෙක සඳහාම ස්ථාන 600 බැගින් වෙන් කර ඇත.

එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි සඳහා වෙන්කර ඇති Skilled Nominated (Subclass 190) visa සහ Skilled Work Regional (Subclass 491) visa ප්‍රමාණයන් පහත පරිදි වේ.

2024-07-29_18-04-09.png
Source: www.immi.homeaffairs.gov.au
********************************************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*******************************************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර 
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න 
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න 

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service