ඕස්ට්‍රේලියාවේ ගුවන් ගමනකදී ගුවන් සමාගම් ඔබෙන් බලාපොරොත්තු වෙන dress code එක ගැන තොරතුරු මෙන්න

2024-10-11_20-38-18.png

What you wear could determine whether you're allowed on your flight or not. Source: Getty / simon2579

ගුවන් ගමන් වලදී විලාසිතා කිරීමට වඩා සුවපහසු ඇඳුම් ඇඳීමට බොහෝදෙනා පෙළඹෙනවා. කෙසේ උවත් බොහෝ ගුවන් සමාගම් තම ගුවන් ගමන් වලදී මගීන්ගේ ඇඳුම් සඳහා යම් මාර්ගෝප දේශකයන් සඳහන් කර තිබෙනවා.


LISTEN TO
Podcast_unit_prices_10102024 image

නිවසක මිළේ සාමාන්‍යය ඩොලර් මිලියනය ඉක්මවාගොස් ඇති ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත මෙන්න

SBS Sinhala

10/10/202404:16
ගුවන් ගමන් වලදී ඔබට සුවපහසු ඇඳුමක් ඇඳ ගමන් කිරීමේ හැකියාව තිබුනත් ඒ සඳහා යම් සීමාවන් පනවා තිබෙනවා. විශේෂයෙන්ම අනවශ්‍ය ලෙස සිරුර නිරාවරණය වීම සහ අසභ්‍ය ලෙස ඇඳුම් ඇඳීම යන හේතූන් මත ඔබව ගුවන් යානයට ඇතුලත් කර නොගැනීමේ අයිතියද ගුවන් සේවා සපයන ආයතන සතුව පවතිනවා. ඕස්ට්‍රේලියාවේ ඇති ගුවන් යානා සමාගම් කිහිපයක ඇති මෙම නීති සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම මෙහිදී වැදගත් වනවා.

Virgin Australia: Dress code

  • ශරීරය අනවශ්‍ය ලෙස නිරාවරණය නොවන අයුරින් ඇඳුම් ඇඳීම සඳහා අවම අවශ්‍යතාවයක් ඇත. මෙහිදී කොට කලිසම්, සාය මෙන්ම කමිස ඇඳීම සඳහා හැකියාව පවතී.
  • පාවහන් වර්ගයක් පැලඳීම අනිවාර්ය වන අතර සෙරෙප්පු පලදීම සඳහාද අවසර ඇත.
  • ඇඳුම් වල අසභ්‍ය හෝ නොගැලපෙන චායාරූප සහ වැකි සඳහන් කරතිබීමට අවසර නොලැබේ.
  • Virgin ආයතනයේ ගොවන්තොටුපල විවේකාගාරය වෙත යාමටද නිසි ඇඳුම් ආයිත්තම් වලින් සැරසී සිටීම අනිවාර්ය වේ. Lounge dress code: Smart casual

Qantas' dress code

ගුවන් යානයේදී විධිමත් ඇඳුම් පැළඳුම් භාවිතයක් පිළිබඳව සඳහනක් කර නොමැති අතර කොන්ටාස් ආයතනයේ විවේකාගාරවල ( Quanta's lounge ) ඊට ගැලපෙන අයුරින් ඇඳුම් ඇඳිය යුතු බවට සඳහන් කර ඇත. Quanta's lounge dress code : Smart Casual

මීට අමතරව,
  • සෙරෙප්පු හෝ පාවහන් නොමැතිව කොන්ටාස් ආයතනයේ විවේකාගාරයට යාමට අවසර නොමැතිවේ.
  • අපිරිසිදු සහ ඉරුණු ඇඳුම් ඇඳ සිටීමටද අවසර නොලැබේ.
  • ඇඳුම් වල අසභ්‍ය හෝ නොගැලපෙන චායාරූප සහ වැකි සඳහන් කර තිබීමට අවසර නොලැබේ.
2024-10-11_20-38-51.png

Jetstar: Dress code

ඇඳුම් පැළඳුම්: ගුවන් යානයේදී විධිමත් ඇඳුම් පැළඳුම් භාවිතයක් පිළිබඳව මාර්ගෝපදේශකයන් සඳහන් කර නොමැති අතර ඇඳුම් වල අසභ්‍ය හෝ නොගැලපෙන චායාරූප සහ වැකි සඳහන් කර තිබීමට අවසර නොලැබේ.

පාවහන්: ගුවන් යානයට මගීන් ගොඩ වන විට සහ පිටවීමේදී සපත්තු පැළඳිය යුතුය. කෙසේ වෙතත්, ඔබ හදිසි පිටවීමේ දොරටුවක් අසල වාඩි වී සිටින්නේ නම් මිස ගුවන් ගමනේදී සපත්තු පැළදීමට අවශ්‍ය නොවේ.

ආබාදිත තත්වයක් පවතින, රෝදපුටුවක ගමන් කරන හෝ කිහිලිකරු අධාරයෙන් ගමන් කරන අයෙක් නම් ඔබට පාවහන් පැලඳීමකින් තොරව ගමන් කිරීමේ අවස්තාව උදා වේ. මීට අමතරව ළමුන් සහ ළදරුවන් භාරකරුවිසින් රැගෙන යන්නේ නම් පාවහන් පලන්දවීම අනිවාර්ය නොවේ.
2024-10-11_20-39-34.png

බොහෝ ඕස්ට්‍රේලියානු ගුවන් සේවා සමාගම් ඉතා සුව පහසු ගුවන් ගමනක් ඔබට ලබා දීමට කටයුතු කලද ගුවන් යානා වලදී ඔබේ ඇඳුම් සම්බන්දව යම් මාර්ගෝපදේශකයන් සඳහන් කර ඇත. විශේෂයෙන්ම ගුවන් සමාගමේ ගුවන් තොටුපල විවෙකාගාරවලට යාමේදී ඊට ගැලපෙන ඇඳුම් ඇඳගෙන යාමට වගබලා ගත යුතු වේ. මෙහිදී අනවශ්‍ය ලෙස සිරුර නිරාවරණය වන, අසභ්‍ය චායාරූප හෝ වැකි සඳහන් කර ඇති ඇඳුම් භාවිතාවෙන් වැළකී සිටීම නුවණට හුරු වේ. මීට අමතරව ගුවන් යානයේ අසුන් ගැනීම සිදුකරන තෙක් පාවහන් පැළඳීම ද සිදුකලයුතු වේ.

********************************************************************************




ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.






*********************************************************************************

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service