වර්තමානය වනවිට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාගන්නා වැඩිම පිරිසක් එන රටවල් මෙන්න

2024-09-20_18-45-38.png

Prime Minister Anthony Albanese joins new citizens in Canberra last year. Source: Getty / Martin Ollman

ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීම ඔස්ට්‍රේලියාවට එන බොහෝ සංක්‍රමණිකයන්ගේ සිහිනයක් වෙලා තියෙනවා. අගෝස්තු මස 31වැනිදායින් අවසන් වූ වසර පුරාවට ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින් 115000ක් දෙනා ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගෙන ඇති බව වාර්තා වනවා.


LISTEN TO
sinhala_17092024_citizenship_day_interview_final image

ඕස්ට්‍රේලියානු පුරවසිභාවයේ ඇති වැදගත්කම ගැන මෙල්බර්න් ශ්‍රී ලාංකික ප්‍රජාව SBS සිංහලට දැක්වූ අදහස්

SBS Sinhala

17/09/202411:11
ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා දීමේ පළමු උත්සවය 1949දී පවත්වා තිබෙනවා. මෙහිදී ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගත් වැඩිම පිරිසක් ඉතාලි ජාතිකයින් බව වාර්තා වනවා. එහිදී 2500ක් පමණ පිරිසක් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ඇති අතර ඉන් විශාල ප්‍රමාණයක් යුරෝපීය ජාතිකයින් බව වාර්තා වනවා. 2024 වසරේදී ඔස්ට්‍රේලියාව තම 75වන පුරවැසිභාවය සැමරුම් දිනය සමරනවා. එහිදී පුරවැසිභාවය ලබා ගත් සංක්‍රමණිකයින් වැඩිම පිරිසක් නවසීලන්තයෙන් පැමිණ ඇති බව වාර්තා වනවා. මෙහිදී දෙවන තැන ඉන්දියාවට හිමිවී තිබීමද විශේෂත්වයක් වනවා.
අගෝස්තු මාසයයෙන් අවසන්වූ වසරක කාලය තුල ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගත් සංක්‍රමණිකයින් 115,300න් 15,000කට වැඩි පිරිසක් ඉන්දියාවේදී උපන් පුද්ගලයින් වේ.
ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගත් වැඩිම පිරිසක් නවසීලන්ත ජාතිකයින් වන අතර එම ප්‍රමාණය 16000ක් පමණ වන බව වාර්තා වනවා. එය පුරවැසිභාවය ලබාගත් මුළු ප්‍රමාණයෙන් 13.97%ක ප්‍රතිශතයක් වනවා.

මේ වසරේ අගෝස්තු මාසයයෙන් අවසන්වූ වසරක කාලය තුල ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගත් සංක්‍රමණිකයින් 115,300න් 15,000කට වැඩි පිරිසක් එනම් 13.51% ප්‍රමාණයක් ඉන්දියාවේදී උපන් පුද්ගලයින් බව වාර්තා වනවා. මෙහිදී ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හතරක පුරවැසිභාවය ලබාගත් සංක්‍රමණිකයින්ගෙන් වැඩිම පිරිස ඉන්දියාවේ උපත ලබා ඇති පිරිස් බව වාර්තා වනවා.
2024-09-20_18-46-29.png
මෙහිදී විටෝරියා, නිව්සවුත්වේල්, දකුණු ඔස්ට්‍රලියා යන ප්‍රාන්ත සහ ACT ටෙරිටරියේ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගත් විදෙස් ජාතීන් අතර ප්‍රමුඛතාවය ඉන්දියානු ජාතිකයින්ට හිමිවී තිබෙනවා. මෙහිදී එම ප්‍රාන්ත සහ ACT හි පුරවැසිභාවය ලබාගත් ඉන්දියානු ජාතිකයින් ප්‍රමාණය පහත දැක්වෙන පරිදි වනවා.

  • Victoria - 5777
  • NSW - 5357
  • SA - 658
  • ACT – 279
අගෝස්තු 31න් අවසන්වූ වසරක කාලය තුල ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගත් විදෙස් ජාතීන් අතර තුන්වන ස්ථානය එක්සත් රාජධානියට හිමිවී තිබෙනවා. එම ප්‍රමාණය 8106 ක් ලෙස වාර්තා වනවා. ඉන් පසුව පිලිපීන සහ චීන ජාතිකයින් පුරවැසිභාවය ලබාගත් සංක්‍රමණිකයින් අතර පිලිවෙලින් හතරවන සහ පස්වන ස්ථාන ලබාගෙන තිබෙනවා.
2024-09-20_18-47-13.png

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීම සම්බන්ද Australia's Nationality and Citizenship Act 1948 පනත 1949 වසරේ ජනවාරි 26වනදා සිට ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ හෝ එම දිනයට පෙර වසර පහක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි බ්‍රිතාන්‍ය ජාතිකයන් වෙත ස්වයංක්‍රීයව ඔස්ට්‍රේලියානු පුරවැසියන් ලෙස පිළිගෙන තිබෙනවා. මෙහිදී ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගත් බ්‍රිතාන්‍ය නොවන පළමු පුද්ගලයා ලෙස Jandura (Jan) Pucek වාර්තා වනවා. ඔහු චෙකොස්ලාවකියානු ජාතිකයකු වන අතර 1939දී ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබෙනවා.

1949 වසරේ පැවති පළමු පුරවැසිභාවය ලබාදෙන උත්සවයේදී ඉතාලිය, පෝලන්තය, ග්‍රීසිය , ජර්මනිය සහ යුගෝස්ලාවියාව ඇතුළු රටවල් 35කින් පුද්ගලයින් 2,493ක් පුරවැසිභාවය ලබා ඇති බව වාර්තා වනවා.

මේවන විට රටවල් 200ක් නියෝජනය කරන මිලියන 6කට වඩා වැඩි ජනතාවක් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගෙන තිබෙනවා. වර්තමානය වනවිට ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ජනගහනයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් විදෙස් රටක උපත ලැබූ හෝ මව හෝ පියා විදෙස් රටක උපත ලබා ඇති අය බව වාර්තා වනවා.

********************************************************************************


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.



*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර 
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න 
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න 

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service