Visa factories ලෙස හඳුන්වන ඕස්ට්‍රේලියාවේ ව්‍යාජ අධ්‍යාපන ආයතන වැටලීමේ මෙහෙයුම් ගැන තොරතුරු මෙන්න

H5N1 (17).png

Source: Getty images

ඕස්ට්‍රේලියාවේ සිටින අන්තර්ජාතික සිසුන්ට අධ්‍යාපනය ලබාදෙන මුවාවෙන් ව්‍යාජ ලෙස පවත්වාගෙන යන අධ්‍යාපන ආයතන වැටලීමට ඕස්ට්‍රේලියානු රජය වර්තමානයේ කටයුතු කරමින් සිටිනවා. නව වීසා ලබා ගැනීමට හෝ ශිෂ්‍ය වීසා කාලය දීර්ග කරගනීමට ව්‍යාජ ලෙස ලිපිලේඛන සැපයීම සඳහා පවත්වාගෙන යන මෙම නීතිවිරෝධී ආයතන රැසක් මේ වනවිටත් වසා දැමීමට හෝ ඉදිරියේදී වසා දැමෙන බවට අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.


LISTEN TO
podcast_South Australia_02092024 image

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට වීසා ගන්න ඉන්න අයට state nominations සඳහා අවශ්‍ය සුදුසුකම් ගැන විස්තරය මෙන්න

SBS Sinhala

02/09/202404:56
Ghost Colleges ලෙස හඳුන්වන ශිෂ්‍යයින්ට වීසා ලබා ගැනීමට අවශ්‍ය ලිපිලේඛන සපයා මුදල් ඉපයීමේ අරමුණින් පවත්වාගෙන යන ව්‍යාජ අධ්‍යාපන ආයතන වැටලීමට රජය කටයුතු කරමින් සිටිනවා. ඕස්ට්‍රේලියාවේ සෑම අධ්‍යාපන ආයතන 20කින් එකක් පමණ සඳහා මේ
වනවිට වසා දැමීමට හෝ දැඩි අවවාද නිකුත් කිරීමට අවශ්‍ය නිවේදන නිකුත් කර තිබෙනවා. මෙහිදී හමුවූ එක අධ්‍යාපන ආයතනයක් 2020 වසරේ සිට කිසිදු අධ්‍යාපන සේවාවක් ලබා නොදුන් ආයතනයක් ලෙස හඳුනා ගෙන තිබෙනවා. සැබෑ අධ්‍යාපනයක් හෝ පුහුණුවක් ලබා නොදී අක්‍රීය තත්වයෙන් පවත්වාගෙන යන මෙවැනි ව්‍යාජ අධ්‍යාපන ආයතන වසා දැමීමට කාලය උදාවී ඇති බව රජය ප්‍රකාශ කර සිටිනවා.
මෙවැනි ව්‍යාජ අධ්‍යාපන ආයතන වලින් තුනෙන් එකකටත් වඩා වැඩි ප්‍රමාණයක් නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා.
Visa factories ලෙසද හඳුන්වන ඕස්ට්‍රේලියාවේ පවතින මෙම ව්‍යාජ අධ්‍යාපන ආයතන හරහා ඕස්ට්‍රේලියාවේ වීසා ලබාදීමේ ක්‍රමවේදය අවභාවිතා වන බව වාර්තා වනවා. මේ හරහා අන්තර්ජාතික සිසුන්ට වීසා ලබා ගැනීමට මෙන්ම අධ්‍යාපනයෙන් තොරව ඔස්ට්‍රේලියාව තුල පූර්ණකාලීනව රැකියාවල නිරත වීමේ හැකියාවක් ලැබෙනවා. මෙම ව්‍යාජ අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන්නන් බොහෝවිට අන්තර්ජාතික සිසුන් ඉලක්ක කරන බවද රජය පෙන්වා දෙනවා.

මේ වනවිටත් 150කට අධික ව්‍යාජ අධ්‍යාපන ආයතන වසා දැමීමට රජය කටයුතු කර තිබෙනවා. මීට අමතරව තවත් ආයතන 140කට නිසි ප්‍රමිතියකින් යුත් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට මේ වසර අවසන් වනතෙක් කාලය ලබා දී තිබෙනවා.

මෙවැනි ව්‍යාජ අධ්‍යාපන ආයතන වලින් තුනෙන් එකකටත් වඩා වැඩි ප්‍රමාණයක් නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා. ඊට අමතරව අව්‍යාජ අධ්‍යාපන ආයතන වලින් 29%ක් පමණ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් වාර්තා වන අතර 19%ක් වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා.ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන ක්‍රමවේදය හ වීසා ක්‍රමවේදය අවභාවිතාවට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව ඕස්ට්‍රේලියාවේ නිපුණතා සහ පුහුණු කටයුතු අමාත්‍ය Andrew Giles පවසනවා.

ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගතහැකි අන්තර්ජාතික සිසුන් ප්‍රමාණය සීමා කිරීමේ නව නීති ගෙන ඒමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කිරීමත් සමග ඒ සම්බන්දයෙන් රජයට විවේචන එල්ලවනවන පසුබිමක් යටතේ මෙවැනි ව්‍යාජ අධ්‍යාපන ආයතන වැටලීමට රජය කටයුතු කරමින් සිටිනවා.

ඕස්ට්‍රේලියානු ස්වදේශකටයුතු දෙපාර්තමේන්තුව විසින් ඔස්ට්‍රේලියාව තුල අව්‍යාජ අධ්‍යාපන ආයතන සහ මෙවැනි ආයතන හරහා ව්‍යාජ ලේඛන සපයමින් ඔස්ට්‍රේලියාවට ශිෂ්‍යවීසා මත ඇතුළුවන ශිෂ්‍යයින් ගේ ප්‍රමාණය ඉහල යමින් ඇති බවට මින් පෙර අනතුරු අඟවා සිටියා.

මෙවැනි ව්‍යාජ අධ්‍යාපන ආයතන තහනම් කිරීමේ අරමුණින් නව නීති හඳුන්වා දීමට ඕස්ට්‍රේලියානු අධ්‍යාපන අමාත්‍ය Jason Clare විසින් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී කටයුතු කරනු ලැබුවා. මේ අනුව විශ්වවිද්‍යාල සිසුන් වෙනත් අධ්‍යාපන ආයතන වල ලියාපදිංචි කරවන තැරැව්කරුවන්ට කොමිස් ගෙවීම තහනම් කිරීම, මෙවැනි අධ්‍යාපන ආයතනයක හිමිකරුවකු වීමට අවශ්‍ය සුදුකම් සලකා බැලීමේ පරීක්ෂණයක් හඳුන්වා දීම මෙන්ම සිසුන්ගේ පමිනීම නිරීක්ෂණය කිරීම වැනි නව විදිවිධාන හඳුන්වා දීමට කටයුතු කර තිබුනා.

********************************************************************************



ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.



*********************************************************************************


  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර 
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න 
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න 

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service