වේගයෙන් පියඹා ඇවිත් පහරදෙන ඕස්ට්‍රේලියාවේ මැග්පයි කුරුල්ලන් ගැන අපූරු තොරතුරු මෙන්න

CANBERRA SIGNS OF SPRING

Swooping magpies. (AAP Image/Alan Porritt) NO ARCHIVING Credit: ALAN PORRITT/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ වසන්තකාලය උදාවත් සමග පරිසරය අලංකාරවත් වීම දක්නට ලැබෙනවා. කෙසේ උවත් ඔස්ට්‍රේලියාව තුල මේ කාලයේ මැග්පයි කුරුල්ලන්ගෙන් විවිද බාධා එල්ලවීම්ද ඉහලයන කාලයක් ලෙස හැඳින්වෙනවා.


LISTEN TO
sinhala_19092024_kookaburra_interview image

ලාෆින්ග් කුකඹුරා: ඕස්ට්‍රේලියාවට ආවේනික සතුන් ගැන ඔබ නොදත් අපූරු තොරතුරු - 9 වන කොටස

SBS Sinhala

21/09/202410:41
මැග්පයි (magpie) කුරුල්ලන් වසන්තකාලයෙදී තරමක් ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගන්නවා. සුදු සහ කළු පැහැයකින් යුත් ඔස්ට්‍රේලියාවට ආවේනික මේ පක්ෂීන්ගේ අභිජනනය සිදුවන මේ කාලයේ ඔවුන් වඩාත් ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගන්නවා. විශේෂයෙන්ම ඔවුන්ගේ කුරුළු කූඩු වල ආරක්ෂාව පිළිබඳව මොවුන් දැඩි අවධානයෙන් සිටින අතර තර්ජනයක් ලෙස හැඟෙන අය වෙත වේගයෙන් හඹායාම සිදුකරනවා. මෙම මැග්පයි කුරුල්ලන් ඕස්ට්‍රේලියාවේ අනෙකුත් පක්ෂීන්ට වඩා වෙනස් බවත් ඔවුනට ඔස්ට්‍රේලියාව තුල විශේෂ ලැදියාවක් තිබෙන බවත් සිඩ්නි විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාඥයෙකු වන මහාචාර්ය ඩීටේ හෝක්යුලායි (Dieter Hochuli) පවසා සිටිනවා.

මැග්පයි (magpie) කුරුල්ලන් වේගයෙන් හඹාවිත් ප්‍රහාර එල්ල කිරීම ඇතැම් අවස්ථාවල බරපතල තුවාල ඇතිකළ හැකි තත්වයක් වනවා. මැග්පයි කුරුල්ලන්ගේ වේගයෙන් හඹා ඒම නිසා කම්පනයට පත්වන පුද්ගලයින් ඇද වැටී තුවාල සිදුවන අවස්ථාද වාර්තා වනවා.
මේ වසරේ මැග්පයි කුරුල්ලන්ගේ ප්‍රහාර එල්ල වීම් 2000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන අතර එහිදී අනතුරු සිදුවීම් 264ක් වාර්තා වනවා
www.magpiealert.com
මේ වසරේ මැග්පයි කුරුල්ලන්ගේ ප්‍රහාර එල්ල වීම් 2000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බව Magpie Alert ලෙස හඳුන්වන වෙබ් අඩවියක් වාර්තා කර සිටිනවා. එහිදී අනතුරු සිදුවීම් 264ක් වාර්තා වන බවද සඳහන් වනවා.මෙම කාලය තවත් බොහෝ පක්ෂීන්ගේ අභිජනන කාලය උවත් ඔවුන් මැග්පයි කුරුල්ලන්ගේ මෙම ප්‍රචණ්ඩ හැසිරීම නොපෙන්වන බව ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය ගයි කැස්ලී (Guy Castley) පවසනවා. මැග්පයි කුරුල්ලන්ගෙන් 10%ත් 20%ත් අතර ප්‍රමාණයක් මෙවැනි ප්‍රචණ්ඩ හැසිරීමක් පෙන්වන බව ඔහු පවසා සිටිනවා

මැග්පයි කුරුල්ලන් සෑම දෙනාටම ප්‍රහාර එල්ල කිරීම සිදු නොකරන බවත් ඔවුනට තර්ජනයක් වන බව හැඟී යන අවස්ථාවල පමණක් ප්‍රහාර එල්ල කරන බවත් මහාචාර්ය ඩීටේ හෝක්යුලායි පවසනවා

පිරිමි මැග්පයි කුරුල්ලන් සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාස වල ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගන්නා අතර කුඩා පැටවුන් ආරාක්ෂා කිරීම සඳහා මෙම හැසිරීම් තත්වය පෙන්නුම් කරන බව වාර්තා වනවා. මොවුන් තම කැදලි තනාගැනීම සඳහා එකම ප්‍රදේශයක් සෑම වසරකම භාවිතා කරනවා. ඔවුන් තම කූඩු ඇති ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්දයෙන් දැඩි සැලකිල්ලක් දක්වනවා. ඇතැම් නගර ආශ්‍රිත ප්‍රදේශවල නිරන්තරයෙන් මැග්පයි කුරුල්ලන්ගේ ප්‍රහාර වලට ලක්වන ස්ථාන පිළිබඳව අනතුරු ඇඟවීමේ පුවරු සවි කිරීමටද නගර සභා සහ එම ප්‍රදේශයේ ප්‍රජාවන් කටයුතු කරනවා.

යම් අයෙක් වේගයෙන් ගමන් කරන විට එය තමන් වෙත එල්ල වන තර්ජනයක් ලෙස මෙම මැග්පයි කුරුල්ලන් සලකනවා. මේ හේතුවෙන් පාපැදි කරුවන් සහ ව්‍යායාම සඳහා දිව යන පුද්ගලයින් වෙත මෙම කුරුල්ලන්ගෙන් බොහෝ විට ප්‍රහාර එල්ල වීම සිදුවනවා.

මෙහිදී ඔවුන්ගේ ප්‍රහාර වැලක්වීමට උත්සාහ දරනවාට වඩා ඔවුන් ගේ ප්‍රදේශ වලට යාමෙන් හැකිතරම් වැළකී සිටීම වඩා යෝග්‍ය බව සහකාර මහාචාර්ය ගයි කැස්ලී පවසා සිටිනවා.

කෙසේ උවත් මැග්පයි කුරුල්ලන් ඕස්ට්‍රේලියානු ස්වභාවික පරිසර පද්දතියේ සුවිශේෂී අංගයක් වන බව සහකාර මහාචාර්ය ගයි කැස්ලී පවසා සිටිනවා. මේ පිළිබඳව නිසියාකාරව දැනුවත් වීම හරහා මිනිසුන්ට සහ මැග්පයි කුරුල්ලන්ට සහයෝගයෙන් එකම ප්‍රදේශයක ජීවත් විය හැකිබවත් සහකාර මහාචාර්ය ගයි කැස්ලී පවසා සිටිනවා.

 

මෙම වාර්තාව SBS News වෙනුවෙන් ඔමෝ බෙලෝ (Omoh Bello) විසින් සකස් කරන ලද අතර SBS සිංහල සේවය වෙනුවෙන් දිනේෂ් ලියනගේ විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

********************************************************************************




ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.





*********************************************************************************

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service