LISTEN TO

ඕස්ට්‍රේලියාවේ පාසල් වල ගුරු සහයක කෙනෙක් වෙන්න කැමතිනම්, මෙන්න ඒ පිළිබද වැදගත් තොරතුරු
SBS Sinhala
15/10/202410:24
ඕස්ට්‍රේලියාවේ කුලී නිවාස වෙළඳපොල පසුගිය මාස තුනක කාලයතුල ඉතා මන්දගාමී ස්වභාවයක් ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියාව තුල නිවාස කුලී මිල ගණන් ඉහළයාම සිදුවී ඇත්තේ ඉතාමත් සුළු වශයෙන් බව මෙහිදී වාර්තා වනවා. මීට අමතරව බ්‍රිස්බේන් සහ කැන්බරා යන නගර වල නිවාස කුලී මිලගණන් පහත යාමක් වාර්තා වනවා.
බැංකු පොලී අනුපාත අඩු වීමක් 2025 වසරේදී බලාපොරොත්තු විය හැකි බව Domain ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Nicola Powell පවසා සිටී
නිවාස කුලී ස්ථාවර වීමට හේතු මොනවාද?
2020 මාර්තු මාසයේ සිට මේවනතෙක් නිවාස කුලී මිලගණන් 48%කින් ඉහල ගොස් තිබෙනවා. කෙසේ උවත් වැටුප් වැඩිවීම් සිදුවී ඇත්තේ 13%කින් පමණක් වනවා. මෙහිදී නිවාස කුලී ජනතාවට දරාගත හැකි ප්‍රමාණයට වඩා ඉතා ඉහල අගයක් ගෙන තිබීම හේතුවෙන් තවදුරටත් කුලී වැඩිවීම සිදුකල නොහැකි තත්වයක් ඇතිවී ඇති බව Domain ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්යාඥ Nicola Powell පෙන්වා දෙනවා.
අවසන් කාර්තුවේදී ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල නිවාස මිලගණන් වල සාමන්‍යය පහත පරිදි වේ.
- Sydney: $775 ( 2% කින් ඉහල ගොස් ඇත )
- Darwin: $680 (3% කින් ඉහල ගොස් ඇත)
- Hobart: $550 (1.9% කින් ඉහල ගොස් ඇත)
- Adelaide: $600 (0.8% කින් ඉහල ගොස් ඇත)
- Brisbane: $625 (0.8% කින් පහල ගොස් ඇත)
- Canberra: $680 (0.7% කින් පහල ගොස් ඇත)
- Melbourne: $580 (ස්ථාවර මට්ටමක පවතී ඇත)
විකිණීමට ඇති නිවාස ප්‍රමාණය යම් පමණකට ඉහල ගොස් ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් නිවාස මිල ස්ථාවර වීමට හෝ පහත වැටීමට ඉඩක් ඇති බව වාර්තා වේ. මේ අනුව නිවාස ගැනුම් කරුවන්ට ඉදිරි මාස කිහිපය පුරාවට නිවාස මිලදී ගැනීම හොඳ අවස්තාවක් හිමිවනු ඇති.
ඉදිරි කාලයේ දී ඕස්ට්‍රේලියානු මහා බැංකුව විසින් නිවාස පොලී අනුපාත අඩු කිරීමට කටයුතු කරනු ඇතිබවට බොහෝ නිවාස ගැනුම් කරුවන් බලාපොරොත්තු වන අතර පොලී අනුපාත අඩු වීමක් 2025 වසරේදී බලාපොරොත්තු විය හැකි බව Nicola Powell පවසා සිටිනවා.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************