උත්සව සමයේ ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයින් ඉලක්ක කර අන්තර්ජාලය හරහා සිදුවන වංචා කල්තියා හඳුනා ගන්නේ මෙහෙමයි

2024-12-27_14-57-01.jpg

Image Credit: MOODBOARD

ඔස්ට්‍රෙලියානුවන් මෙම උත්සව සමයේ විශාල ලෙස විවිද භාණ්ඩ මිලදීගැනීම සඳහා මුදල් වියදම් කිරීම් සිදුකරනවා. මෙහිදී විවද වංචා කටයුතු සඳහා ඔවුන් හසුවීමට වැඩි ඉඩකඩක් පවතින බවට විශේෂඥයන් පෙන්වා දෙනවා.


LISTEN TO
26122024_podcast_petrol_prices_during_christmas image

උත්සව සමයේ ඕස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්තවල පෙට්‍රල් මිල ගණන් ඉහල පහල යන්නේ මෙහෙමයි

SBS Sinhala

26/12/202403:16
සයිබර් ආරක්ෂාව සඳහා වන ඕස්ට්‍රේලියානු ආයතනයක් වන Australian Signals Directorate ආයතනය විසින් නිකුත් කර ඇති දත්ත වලට අනුව 2023/2024 මූල්‍ය වර්ෂයේ මහජනතාවට මුහුණ දීමට සිදුවී ඇති වංචා වලින් ප්‍රමුඛතම වංචා වර්ග තුන ඇතුලත අන්තර්ජාල වෙළඳාම් හා සම්බන්ද වංචා ඇති බවට හෙළිවී තිබෙනවා.

උත්සව සමයේදී සිදුවන වංචා ප්‍රමාණය ඉහල යන බව වාර්තා වනවා. විශේෂයෙන්ම නත්තල් සමය, Boxing හෝ හැලෝවීන් වැනි විශේෂ උත්සව සමයන් ඉලක්ක කර වංචනිකයින් තම වංචා කටයුතු සිදුකරනවා. බොහෝ පිරිස් මෙවැනි කාලවලදී සුපරික්ෂාකාරී නොවීම මෙයට ප්‍රධාන හේතුව වී තිබෙනවා. මෙහිදී සුප්‍රසිද්ද වෙළඳ සන්නාම හෝ ආයතන අනුකරණය කරමින් ඊට සමාන වෙබ් අඩවි නිර්මාණය කිරීමට වංචනිකයින් පෙළඹෙන බව ScamWatch ආයතනය පෙන්වා දෙනවා. මෙහිදී සුප්‍රසිද්ද චරිත වල චායාරූපද යොදා ගනිමින් මෙම වෙබ් අඩවි පිළිබඳව ඇති විශ්වාසය ඉහල නැංවීමට කටයුතු කිරීම සිදුවනවා.
2024-12-27_14-57-40.jpg
ඕස්ට්‍රේලියානුවන් boxing day සාප්පු සවාරි සඳහා ඩොලර් බිලියන 1.3ක වාර්තා ගත මුදලක් මෙම වසරේ වැය කරනු ඇති බවට අපේක්ෂා කරනවා. අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදීගැනීම් ඉලක්ක කර සිදුවන වංචනික ක්‍රියා ඔස්ට්‍රේලියාව තුල ඉහලයමින් පවතින බව ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පෙන්වා දෙනවා.

Boxing day වැනි කාර්ය බහුල විශේෂ අවස්ථා ඉලක්ක කර අදහාගත නොහැකි විශේෂ වට්ටම් ලබා දෙන බවට ප්‍රචාරය කිරීම හේතුවෙන් බොහෝ පිරිස් මෙම වංචනිකයින්ට අසු වන බව PayPal Australia ආයතනයේ Bonnie Brady පෙන්වා දෙනවා.

අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම් සිදුකිරීමේදී සුපරීක්ෂාකාරී නොවීම හේතුවෙන් පර්භෝගිකයින්ට අවදානම් සහගත තත්වයක් උදාවී ඇති බව PayPal ආයතනයේ නවතම සමීක්ෂණ දත්ත පෙන්වා දෙනවා. බොහෝ පිරිස් අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම් සිදුකරන්නේ සම්පූර්ණ අවදානය යොමු නොකරමින් වන අතර රූපවාහිනී නැරඹීම, පරිගණක ක්‍රීඩා වල යෙදෙන අතරතුර සහ රාත්‍රී නින්දට යාමට සූදානම්ව සිටින අතරතුර භාණ්ඩ මිලදී ගැනීම් සිදුකිරීම මෙම අවදානම තීව්‍ර කිරීමට හේතුවනවා. පාරිභෝගිකයින් වෙනත් කාර්යයන් වල නිරතවෙමින් අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදීගැනීමට කටයුතු කරන විට විවිද වංචනික කටයුතු හඳුනා ගැනීමට ඇති අවස්ථා මගහැරෙන බව PayPal ආයතනයේ Bonnie Brady පෙන්වා දෙනවා.

අන්තර්ජාලයෙන් ආරක්ෂිතව භාණ්ඩ මිලදීගැනීම සඳහා සැලකිලිමත් වියයුතු කරුණු මොනවාද?
  • අනන්‍යතාවය තහවුරු නොකළ මාර්ග වලින් ලැබෙන ලින්ක් ක්ලික් කිරීම සිදු නොකළ යුතු අතර භාණ්ඩ මිලදීගැනීම සඳහා ඍජුවම අදාළ වෙබ් අඩවිය වෙත පිවිසීම සිදුකලයුතු වේ.
  • ඔබගේ නම සඳහන් කරනු වෙනුවට "Dear user" or "Hello customer" ලෙස එන ඊ මේල් පණිවිඩ වංචනිකයින් විසින් එවන ඒවා වීමේ වැඩි සම්භාවිතාවක් ඇත.
  • බැංකු ගිණුම් කාඩ්පත් අංක, රහස්‍ය අංක වැනි ඔබගේ පුද්ගලික තොරතුරු වෙබ් අඩවි වෙත ලබාදීමට පෙර විශේෂ අවදානයක් යොමු කළයුතු වේ.
  • යම් වෙබ් අඩවියක් සැක සහිතනම් වහාම එහි වෙබ් ලිපිනය "https" ලෙස ආරම්භ වනවාදැයි සහ ආරක්‍ෂිත අගුලක සංකේතය වෙබ් ලිපිනයේ දිස්වනවාදැයි පරීක්ෂා කරන්න.
  • "Urgent action required" හෝ "limited time offer"ලෙස සඳහන් කර පාරිභෝගිකයින්ව අනවශ්‍ය කලබලයකට පත් කර මුදල් ගෙවීම් සඳහා පෙළඹ වීම වංචනිකයින් විසින් සිදුකරන බැවින් එහිදී ඉතා සැලකිලිමත් විය යුතු වේ.
  • මුදල් ගෙවීම සිදුකිරීමට පෙර එම වට්ටම් හෝ දීමනා පිළිබඳව නැවත වරක් සත්‍යතාවය පරීක්ෂා කළයුතු වේ.
  • ඔබ භාණ්ඩ මිලදී ගන්න වෙබ් අඩවියේ ආරක්ෂාකාරීව මුදල් ගෙවීම් සිදුකරන මුදල් ගෙවීමේ ක්‍රමවේද පවතීද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ.
********************************************************************************








ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.








*********************************************************************************



Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service