LISTEN TO

මිලියන ගණනක් ඕස්ට්‍රේලියානුවන්ට ඉදිරියේදී නිවසේ සිට රාජකාරී කිරීමේ අයිතිය ලැබෙන හැටි මෙන්න
SBS Sinhala
27/09/202405:03
Coles ආයතනයේ Down Down සහ Woolworths ආයතනයේ Prices Dropped වට්ටම් ලබාදීමේ වැඩසටහන් හරහා පාරිභෝගිකයන් නොමග යැවීමට එම ආයතන කටයුතු කර ඇති බවට ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පවසා සිටිනවා. මෙම වට්ටම් ලබාදීම් හරහා පාරිභෝගික අයිතීන් උල්ලංගනය වීම් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම කටයුතු කරමින් සිටිනවා.
මෙවැනි වට්ටම් ලබාදීමකට පෙර 15% ක පමණ මිල වැඩිකිරීමක් සිදුකර ඉන් පසුව වට්ටම් ලබාදීම සිදුකරන බව හෙළිවී ඇත.
වාර්තා වී ඇති තොරතුරු අනුව මෙම ආයතන වෙත එල්ල වන චෝදනා ඉතා බරපතල බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යAnthony Albanese පවසා සිටිනවා. මෙහිදී පාරිභෝගිකයින් මෝඩයින් ලෙස සලකා මෙම ආයතන කටයුතු කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.
ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් Coles ආයතනයේ භාණ්ඩ 245ක් මාස 15ක් පුරාවටද Woolworths ආයතනයේ භාණ්ඩ 266ක් මාස 20ක් පුරාවටද අධ්‍යයනය කර තිබෙනවා. මෙහිදී මෙම සුපිරි වෙළඳසැල් විසින් වට්ටම් ලබාදීමට පෙර භාණ්ඩ මිල ඉහල නංවා ඉන් පසු වට්ටම් ලබා දීමක් සිදුකර ඇති බව හෙළිවී තිබෙනවා.

Woolworths and Coles Supermarket signage. (AAP Image/Joel Carrett) NO ARCHIVING Credit: JOEL CARRETT/AAPIMAGE
වට්ටම් ලබාදීමකට පෙර හිතා මතා සැලසුම් කර මෙම මිල වැඩි කිරීම සිදුකර ඉන් අනතුරුව පෙර පැවති මිලට වඩා ඉහල මිල අඩුකිරීමක් ලබා දී ඇති බවට සහ පාරිභෝගිකයින් නොමග යවා ඇති බවටද මෙහිදී චෝදනා එල්ල වෙනවා. මෙවැනි වට්ටම් ලබාදීමකට පෙර 15% ක පමණ මිල වැඩිකිරීමක් සිදුකරන බවද මෙහිදී හෙළිවී තිබෙනවා.
මෙහිදී පාරිභෝගිකයින් නොමග යැවීමක් පැහැදිලිවම සිදුවන අතර පාරිභෝගිකයාට නිවැරදි තීරණයක් ගැනීමේ හැකියාව අවම කෙරෙන බවද ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් චෝදනා කර සිටිනවා. සුපිරි වෙළඳසැල් වල භාණ්ඩ මිල ගණන් පිළිබඳව සෙනෙට් සභාවේ පරීක්ෂණයකින් පසුව මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කොමිසම කටයුතු කර තිබෙනවා. වර්තමානයේ පවතින ආර්ථික අර්බුධය හමුවේ ජනතාවට සහන මිලට භාණ්ඩ ලබාදීමට කටයුතු කරන ලෙස මෙම සුපිරි වෙළඳසැල් වෙත ඉල්ලීම්ද සිදුකර තිබෙනවා.
මෙම චෝදනා සම්බන්දයෙන් දැඩි අවධානයක් යොමුකරන බව Woolworths ආයතනය පවසා සිටිනවා. Price Dropped වටම් වැඩසටහන හඳුන්වාදීමේ අරමුණ ජනතාවට සහන මිලට භාණ්ඩ ලබාගැනීමේ අවස්තාව උදා කිරීම බව එම ආයතනය පවසා සිටිනවා. එල්ලවන චෝදනා සම්බන්දයෙන් පාරිභෝගික කොමිසම සමග කටයුතු කිරීමට තමන් සූදානමින් සිටින බව Woolworths ආයතනය පවසා සිටිනවා.
මෙම චෝදනා ඉතා බරපතල බවත් ඕස්ට්‍රේලියාවේ පවතින පාරිභෝගික නීතීන්ට අනුකූල වීම ඉතා අත්‍යවශ්‍ය කාරණයක් සේ සලකා කටයුතු කරන බවත් Coles ආයතනය පවසා සිටිනවා. පාරිභෝගික කොමිසම සඳහන් කරන මෙම කාල වකවානුව තුලදී උද්දමනය හේතුවෙන් භාණ්ඩ වල මිලගණන් නිරන්තර උච්චාවචනයන්ට මුහුණ දුන් බව Coles ආයතනය පවසා සිටිනවා. මේ හේතුවෙන් තම සැපයුම් කරුවන් නිරන්තරයෙන් මිල ඉහල දැමීමට කටයුතු කල බවද ඔවුන් පවසා සිටියා.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************