ඕස්ට්‍රේලියානු පිරිමි අඩුවෙන් වාර්තා කරන අබාධයකින් බැට කෑ, ලාංකික පසුබිමක් සහිත තරිඳුගේ කතාව

Tharindu Jayadeva (supplied).jpg

කාන්තා සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස සැලකෙන ආබාධයක් සමග තරිඳු ජයදේව වසරක පමණ කාලයක් නිශ්ශබ්දව අරගල කොට තිබේ. නමුත් දැන් ඔහුට අන් යට උපකාර කිරීමට අවශ්‍යව තිබේ.


මෙම ලිපියේ ආහාර ගැනීමේ අක්‍රමිකතා ගැන සඳහන් වේ.

Eating disorders හෙවත් ආහාර ගැනීමේ අක්‍රමිකතා දිගු කලක් තිස්සේ කාන්තා සෞඛ්‍ය ගැටලුවක් ලෙස ලෙස සඳහන්ව තිබේ. විශේෂයෙන්, බොහෝ දුරට "තරුණ සුදු" කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට මෙය බලපායි.

එහෙත්, ඕනෑම මානසික සෞඛ්‍ය ගැටලුවක් මෙන්, ආහාර ගැනීමේ අක්‍රමිකතාද ස්ත්‍රී පුරුෂ භාවය හෝ ජාතිය මත පදනම් නොවේ.

ආහාර ගැනීමේ අක්‍රමිකතා හේතුවෙන් පීඩාවට පත් වූවන් සඳහා වන ඕස්ට්‍රේලියාවේ ජාතික සංවිධානයක් වන Butterfly Foundation යන පදනමට අනුව මෙලෙස පීඩාවට පත් පුද්ගලයින්ගෙන් තුනෙන් එකකට වඩා පිරිමින් වේ.

30 හැවිරිදි තරිඳු ජයදේව මෙම ආබාධයෙන් පීඩා විඳි අතර ඔහුට පිහිට පැතීමට වසරක් ගත විය.

උසස් පාසල සහ විශ්ව විද්‍යාලය අතර මාරුවීම සිදු වන කාලයේදී ආහාර සහ ඔහුගේ ශරීරය සමඟ ඇති ඔහුගේ සම්බන්ධතාවය පිරිහීමට පටන් ගත් නමුත් එය ආහාර ගැනීමේ අක්‍රමිකතාවයක් බවට නොවැටහුණ බව තරිඳු පවසයි.

එය කාන්තාවන්ට අබාධයක් වශයෙන් සැලකීම හේතුවෙන් තමා ඒ සඳහා සහාය පැතීමට සුදුසු නැති බව ඔහු සිතා තිබේ.

එය ඔහුට ආහාර ගැනීමේ අක්‍රමිකතාවක් අත්විඳින පළමු අවස්ථාව ලෙස හැඟුණ බවත් කෙසේ නමුත් ශරීරය සෞඛ්‍ය සම්පන්න නොවන බවට තමාට හැඟුණ පළමු අවස්ථාව නොවන බවත් තරිඳු පවසයි.

ඔහුට ඕස්ට්‍රේලියාවේ වෙනත් ළමුන් සමග සසඳන විට ප්‍රාථමික පාසැලේදී පිටස්තරයෙකු ලෙස හැඟී ඇති අතර එම කාලයේදී ඔහු අහාර ගැනීම පවා සීමා කිරීමට පටන් ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් මතක් කරමින් තරිඳු කියා සිටින්නේ ප්‍රාථමික පාසලේ සිටින විට හොඳින් වැඩ කල ළමුන්ට stamp එකක් ලබාදුන් නමුත් ඔහුගේ සමේ පැහැය නිසා එවැනි stamp එකක් ලබාදුන්නද එය නොපෙනෙන බව ගුරුවරයා පැවසුවා බවයි.

ආහාර ගැනීමේ අක්‍රමිකතා අත්විඳින පිරිමින් කොපමණ සිටීද?

Butterfly Foundation යන පදනමට අනුව පිරිමින් ආහාර ගැනීමේ අක්‍රමිකතාවක් සඳහා රෝග විනිශ්චය ලැබීමට සිව් ගුණයකින් අඩුය.

එම පදනමේ ජාතික උපකාරක සේවාවේ සායනික මනෝවිද්‍යාඥ සහ කළමණාකාරිනී Sarah Cox පවසන්නේ ක්ෂණික ඇමතුම් අංකයට සම්බන්ධ වන පුද්ගලයින්ගෙන් 10%කට වඩා අඩු ප්‍රමාණයක් පිරිමින් වන නමුත් ආහාර ගැනීමේ අක්‍රමිකතා ඇති පිරිමින්ගේ සත්‍ය සංඛ්‍යාව ඊට වඩා බොහෝ වැඩි බවයි.

ආහාර ගැනීමේ අක්‍රමිකතා ඇති විය හැක්කේ කාටද යන්න පිළිබඳ වැරදි මත තවමත් සමාජයේ පවතින බවත් Sarah කියා සිටි.

එම තත්වය ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගිකත්වය, සංස්කෘතික පසුබිම, ශරීර හැඩය හෝ ප්‍රමාණය නොසලකා ඕනෑම අයකුට බලපෑ හැකි බවත් Sarah පවසයි.

මෙහිදී ඇතැම් පිරිස තමා අත්විඳින්නේ ආහාර ගැනීමේ අක්‍රමිකතාවයක් බව තේරුම් නොගන්නා අතර ඇතැම් පිරිසක් සමාජයේ අපකීර්තියට ලක්වේ යැයි බියෙන් සහාය නොපැතීම දැකිය හැක.

මෙම අහාර ගැනීමේ අක්‍රමිකතා ස්ත්‍රී පාර්ශවයට මෙන්ම පුරුෂ පාර්ශවයට එක හා සමාන බලපෑම් එල්ල කරයි. කෙසේ නමුත් ඇතැම් පිරිමි පුද්ගලයින්ගේ සෞඛ්‍යයට අහිතකරන ජීවන රටා හේතුවෙන් ඔවුන්ට වැඩි අවදානමක් මතු විය හැක.

වෛද්‍ය Zac Seidler සායනික මනෝවිද්‍යාඥයෙකු සහ Movember හි පුරුෂ සෞඛ්‍ය පර්යේෂණයේ ගෝලීය අධ්‍යක්ෂවරයෙකු වේ.

ඔහු මේ සඳහා ඇමරිකානු මනෝචිකිත්සක සංගමය විස්තර කරන 'bigorexia' යන යෙදුම භාවිතා කරයි.

a man wearing glasses
Dr Zac Seidler says many men struggle with body image Source: Supplied
ආහාර ගැනීමේ අක්‍රමිකතා ඇති පිරිමින් අතර මාංශ පේශි වැඩි දියුණු කිරීම, ස්ටෙරොයිඩ් භාවිතය සහ supplements භාවිතා කිරීම සාමාන්‍ය දෙයක් බව වෛද්‍ය Zac කියා සිටී.

මාංශ පේශි වැඩි දියුණු කරන ඖෂධ භාවිතා කරන විට එවැනි පිරිමි පිරිස ශාරීරික යෝග්‍යතාවය සහ ශරීර ප්‍රතිරූපය ගැන වැඩි අවදානයක් යොමු කරයි.

ඔවුනට යම් කාන්ත අකර්ශනයක්ද හිමිවිය හැකි අතර ඔවුන් නිරායාසයෙන්ම influencer කෙනෙකු බවට පත්විය හැක.

කෙසේ නමුත් වෛද්‍ය Zac පෙන්වා දෙන්නේ, මේ සියල්ලට යටින් මානසිකව එම පිරිමින් යම් පිඩාවක් අත්විඳින බවයි.

පිරිමින් අතර ආහාර ගැනීමේ අක්‍රමිකතා බොහෝ විට අවතක්සේරු කර තිබේ.

මෙය තනිකරම තරුණියන් අත්විඳින දෙයක් බවට බරපතල වැරදි තොරතුරු තිබේ.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, පිරිමින් මෙවැනි ගැටළුවක් සම්බන්ධයෙන් ඉදිරියට පැමිණීමේ සම්භාවිතාව අඩු අතර මෙය ඔවුන්ගේ හැසිරීම නිසා සිදුව ඇති බව පිළිගැනීමට පසුබට වේ.

සහාය ලබාගැනීමට ප්‍රවේශ වීම සඳහා ඇති බාධක

ශ්‍රී ලාංකික සිංහල පසුබිමක් ඇති තරිඳු පැවසුවේ ඔහුගේ සංස්කෘතිය, ඔහුගේ ආහාර ගැනීමේ අක්‍රමිකතා සහ මානසික සෞඛ්‍යය පිළිබඳ සංවාදවලට පැමිණීම තවත් සංකීර්ණ කල බවයි.

ආහාර ගැනීමේ අක්‍රමිකතාවක් සමඟ සිටීමේදී ආහාර අපතේ යාමේ හැකියාව සහ තම ප්‍රජාව තුල මේ පිළිබඳව කතා කිරීම ලැජ්ජාවක් බව සිතීම හේතුවෙන් එය රහසක් ලෙස තබාගත යුතු බවට සිතු බවත් තරිඳු කියා සිටී.

එමෙන්ම තරිඳු පවසන්නේ ඔහු හා සමාන අබාධයකින් පෙලෙන වෙනත් අය ඔවුන්ගේ අත්දැකීම් ගැන කතා කිරීම තමාටද ඉදිරියට ඒමට දිරිමත් කල බවයි.

මේ හේතුවෙන් ඔහු තම අත්දැකීම් බෙදා හද ගනිමින් අන් යට උපකාර කිරීම සිදු කරයි.


********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service