ඔබේ වීසා බලපත්‍රයේ වලංගු කාලය පිලිබදව සැලකිලිමත් නොවුන හොත් ගැටළු රාශියක්

Visa.jpg

Migrant worker Alex* is detained at Sydney’s Villawood Immigration Detention Centre for overstaying his visa. Source: Getty / Getty Images

වලංගු කාලය ඉක්මවා ගිය විසා බලපත්‍රයක් අතැතිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටින්නන් හදුනාගැනීමට මෙතරම් අපහසුද?


මෙම වලංගු විසා බලපත්‍රයක් නොමැතිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටින 75000ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීම පෙනෙනවාට වඩා දුෂ්කර ඇයිද යන්න පිලිබදව SBS විසින් විමසීමක් කර තිබුනා.

මුලික කරුණු

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර ඇත්තේ නීති විරෝධීව ඕස්ට්‍රේලියාවේ රැදී සිටින වෙනත් රටවල පුරවැසියන් 75,400 ක් සිටින බවයි.

• සංක්‍රරමණික රැඳවුම් මධ්‍යස්ථානවල පුද්ගලයන් 980 ක් පමණ රඳවා සිටි අතර, ඔවුන්ගෙන් පුද්ගලයින් 200 ක් වැඩි කාලයක් තිස්සේ රැඳී සිටින අය වෙයි .

• පුද්ගලයන් 86,929 දෙනෙකුට ආරක්ෂණ වීසා බලපත්රයක් නොමැති අතර ඔවුන්ගේ වීසා කාලය කාලය අවසන් වූ පසු රටින් පිටුවහල් කර නොමැත.

ඕස්ට්‍රේලියාවේ නීති විරෝධී ලෙස රැදී සිටින්නන් දැනට සංක්‍රමණික රැඳවුම් භාරයේ අවම වශයෙන් 200 පමණ සිටින බවත් එම ප්‍රමාණය නීති විරෝධී ලෙස රැදී සිටින්නන්ගේ මුළු සංඛ්‍යාවෙන් සියයට 20 ක් පමණක් බවත් පවසනවා.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර ඇති පරිදි 2024 ජුනි 30 වන විට රැඳවුම් භාරයේ සිටින පුද්ගලයින් හැර, තවත් පුද්ගලයන් 75,400 ක් ඕස්ට්‍රේලියාවේ නීති විරෝධී ලෙස සිටි අතර එය පෙර වසරට සාපේක්ෂව 5,500 ක වැඩිවීමකි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය ලේකම් Abul Rizvi පවසන පරිදි ඕස්ට්‍රේලියාවේ නීති විරෝධී ලෙස රැදී සිටින්නන් ලෙස රජය විසින් සොයාගෙන ඇති සංඛ්‍යාව සැබෑ සංඛ්‍යාවට සාපේක්ෂව ඉතා කුඩා ප්‍රමාණයක් බවයි.

අතිරික්ත පුද්ගලයින් හඳුනා ගැනීමට සහ අධීක්ෂණය කිරීමට රජයට ඇති සම්පත් පිලිබදව බලාපොරොත්තු තැබිය නොහැකි බව ඔහු තවදුරටත් පැවසා සිටි.

ස්වදේශ කටයුතු පිළිබඳ දත්ත වලට අනුව 2024 සැප්තැම්බර් මාසය වන විට පුද්ගලයන් 86,929 දෙනෙකුට ආරක්ෂණ වීසා බලපත්‍රයක් ලබා දී නොමැති අතර ඔවුන් තවමත් පිටුවහල් කරද නොමැත.

අනිසි ලෙස වීසා බලපත්‍ර භාවිතා කිරීම සහ වැඩි කාලයක් රැඳී සිටීමේ ගැටලුව විසඳීම සඳහා, රජය ලේඛනගත නොකළ කම්කරුවන් සේවයේ යොදවන සේවා ස්ථාන ඉලක්ක කර ගනිමින් ආගමන පරීක්ෂාවන් සිදු කරන බව පැවසේ.

"බොහෝ විට මෙම පරීක්ෂණ කටයුතු මහා පරිමාණයේ කර්මාන්තශාලා වල , අස්වනු නෙළන කාලය ඉලක්ක කර ගනිමින් ගොවිපලවල් වල වැනි ස්ථාන ඉලක්ක කර ගනිමින් සිදුවන බවද පැවසේ.

මේ අතර, ඇතැම් තාවකාලික වීසා උප පංතිවල හිමිකරුවන් සඳහා වීසා කල් ඉකුත් වීමේ දිනයට පෙර වීසා අත්හිටුවීමේ මතක් කිරීමේ පණිවුඩයක් යවා නිත්‍යානුකුල තත්ත්වය පවත්වා ගැනීම සඳහා පියවර ගැනීමට ඔවුන් දිරිමත් කරීමක්ද සිදු කරන බව පැවසේ.

මීට අමතරව, Home Affairs වෙබ් අඩවිය මගින් සේවකයින්ගේ ඕස්ට්‍රේලියාවේ රැකියා කිරීම සදහා ඔවුන්ට ඇති හැකියාව පරීක්ෂා කරන ලෙස සේවා යෝජකයින්ගෙන්ද ඉල්ලා සිටි.

Visa Entitlement Verification Online යනු සේවයෝජකයන් විසින් වලංගු විසා බලපත්‍රයක් නොමැතිව සංක්‍රමණිකයන් සේවයේ යොදවන්නේද යන්න පරික්ෂා කිරීමට ඇති අන්තර්ජාල පහසුකමකි.

ඕස්ට්‍රේලියාවේ වැඩ කිරීමට අයිතියක් නොමැති විදේශ රටක පුද්ගලයෙකු සේවයේ යෙදවීම, රැකියාවකට යොමු කිරීම, හෝ ගිවිසුම්ගත කිරීම සාපරාධී වරදක් වන අතර නීති විරෝධී රැකියා කිරීමට ඉඩ දීම වෙනුවෙන් සේවා යෝජකයින්ට දඬුවම් වලට මුහුණ දීමට සිදු වන බව පැවසේ.

රජය මෑතකදී සංක්‍රමණික සරණාගතයින් සදහා වලංගු විසා බලපත්‍ර ලබා දීමේ කඩිනමින් වැඩපිළිවෙලක් සකස් කරගෙන ගිය නමුත් ඕස්ට්‍රේලියාවේ රැකවරණ භාරයේ සිටින සංක්‍රමණික සරණාගතයින් සංඛ්‍යාව 118,000 ක් පමණ වන අතර සෑම මසකම වැඩි වන බවද පැවසේ.



නමුත් ඕස්ට්‍රේලියානු සංක්‍රමණික නීතිය යටතේ,වලංගු විසා බලපත්‍රයක් නොමැතිව වැඩි කාලයක් රැඳී සිටින අය රැදවුම් භාරයේ තබා ගැනීමට යටත් වන අතර බොහෝ දෙනා පිටුවහල් කරන බව පැවසේ.

මෙල්බර්න්හි සංක්‍රමණික නීතිඥ Sean Dongg පැවසුවේ පිටුවහල් කිරීමට පෙර රඳවා තබා ගැනීමේ කාලය නඩුවෙන් නඩුවට වෙනස් වන අතර එය සති කිහිපයක සිට වසර 10 කට වඩා වැඩි කාලයක් දක්වා වෙනස් විය හැකි බවයි.

රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින පුද්ගලයින්ගේ සාමාන්ය රවුම් කාලය දින 513 කි.

Dongg පැවසුවේ වලංගු විසා බලපත්‍රයක් නොමැතිව වැඩි කාලයක් ඕස්ට්‍රේලියාවේරැඳී සිටීමට වඩාත් පොදු හේතුව වන්නේ තම රටවලට ආපසු යාමට පෙර ඉක්මනින් මුදල් උපයා ගැනීමට කටයුතු කිරීම බවයි.

ඔබට මුදල් ඉපයීම සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණීමට අවශ්‍ය නම්, එය නිත්‍යානුකුලව සිදු කල යුතුවේ.

වීසා බලපත්‍රයක් නොමැති සහ රැඳී සිටීමට නිත්‍යානුකුල පදනමක් නොමැති පුද්ගලයන් හැකි ඉක්මනින් ඕස්ට්‍රේලියාවෙන් පිටව යන ලෙස ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Bridging Visa E යනු සංක්‍රමණිකයින් තම විසා කාලසීමාව ඉක්මවූ පසු ඔවුන්ට රටින් පිටව යන තෙක් නිත්‍යානුකුලව රට තුල රැදී සිටීමට ලබා දෙන Bridging Visa කාණ්ඩයක් බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් SBS වෙත පවසන ලදී.

"ස්වේච්ඡාවෙන් ඕස්ට්‍රේලියාවෙන් පිටව යාමට නොහැකි පුද්ගලයින්ට ආපසු තම රට වෙත යාම සදහා අවශ්‍ය කටයුතු සහ ආධාර ලබා ගැනීමට හිමිකම් ලැබිය හැකි බවද පැවසේ.
********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service