ටස්මේනියාවේ පදිංචියට යාමට තරුණ විදෙස් ශ්‍රමිකයින්ට ඉදිරියේදී වැඩි අවස්තාවක්

Tasmania_population.png

Source: Getty images

ටස්මේනියාවේ තරුණ පරපුර ටස්මේනියාව අතහැර යාමේ ප්‍රවනතාවය හේතුවෙන් ටස්මේනියානු ප්‍රාන්තයේ තරුණ ප්‍රජාවගේ යම් අඩුවක් දක්නට ලැබේ. මේ හේතුවෙන් තරුණ ප්‍රජාව අනෙකුත් ප්‍රාන්තවලින් සහ විදේශයන්ගෙන් ටස්මේනියාව වෙත ආකර්ෂණය කරගනෙමේ වැඩපිළිවෙලක් දියත්කිරීමට ටස්මේනියානු රජයේ අවධානය යොමුවී ඇත. මේ අනුව ඉදිරියේදී විදෙස් පුහුණු ශ්‍රමිකයන් සඳහා වැඩි අවස්ථා හිමිවනු ඇති බවට විශ්වාස කෙරේ.


LISTEN TO
sinhala_19072024_mental_health_podcast.mp3 image

ඔස්ට්‍රේලියාව තුල අන්තර්ජාතික සිසුන් මුහුණ දෙන දැඩි මානසික පීඩනය ගැන නවතම තොරතුරු හෙළිවේ.

SBS Sinhala

19/07/202405:08
තරුණ පරපුර ටස්මේනියාව අතහැර රැකියා අවස්ථා සඳහා ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත වෙත ඇදී යාමේ ඉහල ප්‍රවනතාවයක් බොහෝ කලක සිට පවතී. මේ හේතුවෙන් ටස්මේනියානු ප්‍රාන්තය තුල වයස් ගත ජනගහනය ඉහල යාමේ ප්‍රවනතාවයක් දක්නට ලැබේ. ටස්මනියානු ප්‍රාන්තයේ එක පුද්ගලයකුගේ වයස් සාමාන්‍ය අවුරුදු 42ක් වී ඇත. මෙය ඕස්ට්‍රේලියාවේ ජාතික වයස් සාමාන්‍යයට වඩා අවුරුදු හතරකින් වැඩි බව වාර්තා වේ.
ආර්ථිකය වර්ධනයට විදෙස් පුහුණු ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ පවුල් වලින් විශාල ලෙස සහයක් ලැබෙන බව ටස්මේනියාවේ ජනගහනය පිලිබඳ නව ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා පිළිගෙන ඇත.
ටස්මේනියාවේ ජනගහණ වර්ධන වේගය 2019 වසර වන විට 2.1% ලෙස පැවති අතර 2023 වසර වනවිට එම අගය 0.41% දක්වා අඩුවී ඇත. ප්‍රාන්තයේ වයස අවුරුදු 65ට වැඩි ජනගහනය 21%ක් පමණ වේ. මෙහිදී තරුණ පිරිස් ශ්‍රම බලකායට අහිමි වීම ඉදිරියේදී ප්‍රාන්තයට විශාල වශයෙන් බලපානු ඇති බවට විශේෂඥයන් මත පළකර සිටී.

තරුණ සහ වැඩකරන ජනතාවගේ ප්‍රමාණය අඩුවීමට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Jeremy Rockliff පවසා සිටියේය. තරුණ ජනගහනය අඩුවීම ප්‍රාන්තයේ ඵලදායීතාවයට සහ ආර්ථිකයට ඉතා තදින් බලපානු ඇති බව ඔහු පෙන්වා දේ.

ටස්මේනියාවේ ජගහන වර්ධනය පිලිබඳ ඉදිරි සැලසුම් නිකුත්කර ඇති අතර එහිදී තරුණ ප්‍රජාව ආකර්ෂණය කරගැනීමට විවිද උත්සාහයන් දරා ඇති බව පෙනේ.

ඒ අනුව පහත ක්ෂේස්තරා සඳහා ප්‍රතිපාදන වෙන්කිරීමට ටස්මේනියානු රජය කටයුතු කර ඇත.
  • දරාගත හැකි මිලට නව නිවාස ලබාදීම
  • Childcare ක්ෂේශ්ත්‍රය වෙත ප්‍රතිපාදන වෙන්කිරීම
  • අධ්‍යාපන සහ පුහුණු කිරීම් සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම

මේසඳහා ටස්මේනියානු ජනගහන ප්‍රතිපත්ති ප්‍රකාශයේ සමතුලිත ජනගහන වර්ධනයක් සඳහා උපායමාර්ග සැකසීමට කටයුතු කර ඇත. මෙහිදී විශේෂයෙන් තරුණ සහ වැඩකරන වයසේ පසුවන සංක්‍රමණිකයින් ප්‍රාන්තය වෙත ආකර්ෂණය කරගැනීමට ටස්මේනියානු ප්‍රාන්තය බලාපොරොත්තුවේ.

ආර්ථිකය වර්ධනයට විදෙස් පුහුණු ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ පවුල්වලින් විශාල ලෙස සහයක් ලැබෙන බව මෙම නව ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා පිළිගෙන ඇත. මේ අනුව ඉදිරියේදී ටස්මේනියා ප්‍රාන්තය වෙත සංක්‍රමණය වීමට කැමති විදෙස් පුහුණු ශ්‍රමිකයන් සඳහා වැඩි අවස්ථා හිමිවනු ඇති බවට විශ්වාස කෙරේ.

********************************************************************************



ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.



*********************************************************************************

  • SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර පිළිබඳ විස්තර 
  • SBS සිංහල වෙබ් අඩවියට පිවිසෙන්න 
  • SBS සිංහල Facebook පිටුවට පිවිසෙන්න 

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service